Tuesday, May 15, 2018

අනේ හුකේ තොපේ වියත් සෙට් එක

දන්සලකට පෝලිමේ ඇදෙන පිරිසක්
වඩ්ඩෙක් මොකක් හරි වැඩකට යද්දි උගේ ආයුධ සෙට් එකක් ගෙනියනවා. ඒක ඕනි නං කියත් සෙට් එක කියලත් කියත හැකි. ඒ වගේ අපේ රටේ දේශපාලන පක්ෂ දේශපාලකයින් මාරු වෙද්දි ඒ මාරුවට උපකාර කරන්න සෙට් එකක් ඉන්නවා.. උගතුන් බුජ්ජිමතුන් කලාකාරයින් ආදී විවිධ කන්ඩායම් ඡන්දයකට කලින් මාර විදියට කුලප්පු වෙනවා. වෙල අහක් වෙලා අහවල් දේසපාලකයා අහවල් පක්සේ තමයි මේ රට කියන වැල ගෙඩිය බිමට බාලා අපිට කන්න දෙන්නේ..එයා හෝ එයාලා තමයි හොද කියලා මිනිස්සුන්ට  කියනවා. රටක් පාලනේ තියා හරියට ග්‍රවුන්ඩ් එකෙන් එලියට බැහැපු නැති ක්‍රිකට් ක්‍රීඩකයෝ.. ලොකේසන් එකේ රෙද්ද උස්සලා උඩට ගිය නිලියෝ .. කැම්පස් එකෙන් පිට අඩියක් නොතියපු මහාචාරියෝ පත්තර වලට ලියලා රට පෙරලුවේ අපි කියලා හිතන ලේඛකයෝ ආදී විවිධ පාර්සව ඡන්දයක් කිට්ටු වෙද්දි ෆෝම් වෙනවා. මේ අය හැමෝම කියන්නේ මේ රට දිනවන්න නම් අහවල් පක්සේ අහවල් තුමා දිනවන්න කියලා. 

කවදා ඉදන්ද මේක සිද්ද වෙන්නේ 

මට මතක 1994 සිට. එදා ඉදන් රජයක් පෙරලෙන අලුත් විධායක ජනාධිපතියෙක් පත්වෙන හැම වෙලාවකම මේක වෙනවා. රටේ නමගිය සෙට් එකක් එකතුවෙලා කඩේ යනවා.. කඩේ ගිහි්න මොකෙක් හරි පත්කරගන්නවා. නැත්තං පක්සයක් දිනවනවා.. සමහර එහෙම එතුමා හෝ ඒ පක්සේ දිනවන්න බහින අයට සාරයි. ඉන්පසු ඒ සමහර උගතුන් බුජ්ජිමතුන් කලාකාරයින්ට තානාන්තර ලැබෙනවා. ආණ්ඩුවේ පුටු ආදිය හම්බෙනවා. සමහර අයට කොන්ත්‍රාක් හම්බෙනවා..කෝ ඉතිං රට..ආහ් රට ඕනි දිනන්න විතරයි. ඉතුරු ටික එතනමයි. 

රට වෙනස් කරන්න කල හැකි දේවල්
  • * අපි කොච්චියට ටිකට් එකක් ගන්නගියාම එතන එකා පෝරුවෙන් ටිකට් එක තෝරලා සීල් කරලා අතට දෙන්න විනාඩි දෙකක් විතර ගන්නවා.. පයිවට් බස් කාරයත් මැසිමෙන් ටිකට් දෙද්දි උන් තාම මැනුවල්.
  • * බස් එකට නැග්ගම ඉතුරු රුපියල දෙක ඉල්ලලා කොන්දා එක්ක මරාගන්න වෙලා. බස් හෝල්ට් රේන්ජ් එක වැඩිකරලා බස් ගාස්තු රු දහයේ ගුණාකාර වලට ගන්න එක රොකට් තාක්ෂනයක් නෙමෙයි. 
  • * ඉන්දියාවෙත් ප්‍රධාන නගර කීපෙකම මේ වෙද්දි නගරය ඇතුලේ ට්‍රාන්ස්පෝට් වලට මෙට්‍රො සිස්ටම් එකක් ගෙනල්ලා තියෙනවා.පාරවල් පලල් කරලා උඩින් පාරවල් ගහලා අදින්න බැරි ලෝඩ් එකකට මෙට්‍රො හෝ මොනෝ රේල් හැර විසදුමක් නැහ 
 
  • ගංවතුරක් ගැලුවාමනායක් ගියාම ඔහේ මිනිස්සු මැරෙනවා.. ගැලුවට පස්සේ ටීවි වල කට පුරෝල අදහස් කියන අය ගලන් නැති කාලෙට මීක් නැහැ. කොටින්ම මේ ලංකාවේ තාමත් අද වැස්සම අප්ඩේට් එක කාලගුනේට යන්නේ හෙට..ඕක හරියට පිලිවලක් කරලා වැහැලා විනාඩි දහයකින් අප්ඩේට් එක වැටෙන්න හදන්න කාටවත් උවමනා නැහැ..ඒත් හැමදාම වහිනවා.. නාය යනවා. ගලනවා යටවෙනවා ආදාර එනවා. මොකද්ද චක්කරේ වගේ හැමදාම එක ම තැන. 
මේ වගේ පොඩි දේවල් වෙනස් කරන්න තබා එවා මතක් කරන්නවත් අපේ ඔය කියන බුජ්ජිමතුන්ට වෙලාවක් නැහැ. වියතුන්ට ඒ තරම් වැඩ. 

දියුනු රටක බැලුවාම ඒ රටේ විද්‍යාඥයින් බුද්ධිමතුන් කියන්නේ ආන්ඩුවෙන් හිගාකන පල් හිගන්නෝ ටිකක් නෙමෙයි.එයාල රටට සේවය කරන්න විවිධ ක්‍රමවේද හොයනවා. මිනිස්සුන්ට වඩාත් පලදායී වෙන දේවල් අලුතින්නිපදවනවා. මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල දැමීම ගැන පර්යේෂණ කරනවා. කලාකාරයෝ පවතින ක්‍රමය නිර්මාණ ශීලිව විවේචනය කරනවා. එයාලට ලැබෙන අවකාශ්‍ය ජනතාව දැනුවත් කරන්න පාවිච්චි කරනවා.

අපේවියතුන් කරන එකම මහවිසාල පර්යේෂණයේ ඡන්දයක් ඉස්සරහට තියේ නම් මොන පක්සෙට් මොන පාලකයට මම කඩේ යනවාද කියලා තෝරන එක විතරයි. ඉන් පස්සේ ඉතිං අර පත්කරන්න ඉන්න එකාගේ ගූත් සුවදයි කියලා රෙද්ද ගලවලා කඩේ යනවා. 

පාට කූට්ටං අමතක කරලා හිතුවාම අපි මිට කලින් වියතුන් උගතුන් බුද්ධිමතුන් කලාකරුව්න එකතුවෙලා දේශපාලකයින්ට දේශපාලනයට කඩේ යන අවස්ථා කීයක් දැක්කාද?ඒ ඡන්ද වලට කලින් කියන බයිලා..හදනවා කියන සුන්දර රට උන් හැදුවද? සංවර්ධනේ කියන ගහේ තියන වැල ගෙඩිය හොයලා බාලා අපිට කන්න ලුනු ඉහලා දුන්නද? 

හොදට කල්පනා කරල බැලුවොත් ගමේ බත් පැකට් එකට අරක්කු කාලට කඩේ යන දුප්පත් මිනිහාගේම ලොකු එකක් තමයි මේ වියතුන් සහ බුද්දිමතුන් කියන්නේ. වෙනස එයාල අරක්කු නැතුව විස්කි බොනවා ඇති. කෑමට බත් පැකට ්නැතුව ලොකු හෝටල වලින් කනවා ඇති. ගමේ මනුස්සයා දුවට රස්සාවක් ගන්න හිතද්දි වියතා බුද්ධිමතා තමුන්ට අලුත් තානාන්තරයක් බලාපොරෝතතු වෙනවා ඇති. 

අලුත් වියත් සෙට් එකක් ෆෝම් කරගෙන උඩදාගෙන රට ගොඩදාන්න කියලා ඇඹරෙද්දි අපිට නම් ඒකේ අලුත් දෙයක් නැහැ.. රනිල්, මහින්ද, චන්ද්‍රිකා, සිරිසේන ඔය ඔක්කොමල්ලා ඔය උගචුන් බජ්ජිමතුන් කලාකරුවන් වියතුන් ලෙසටම කඩේ යැව්වා. දැන් අලුත්  අපේක්සක බුවත් වැඩේ කලින්ම පටන් අරං.. පොඩ්ඩක් සටන් පාට මූනු තීම් එක වෙනස් වුනත් කෝර් එක ඔක්කෝම එකයි. කාරිය කෙරෙන තුරු කාගෙත් සෙලවිල්ල..

Thursday, May 10, 2018

බත්තලංගුන්ඩුව සිරිකුරුස පාසැල වෙනුවෙන්

අපි ඊයේ අකුර කියන කන්ඩායමත් එක්ක බත්තලංගුණ්ඩුව දූපතට ගියා. ඒ ගියේ ඒ දරුවන්ට උවමනා කරන පොත් පත් ටිකක් ලබාදෙන්න. ඇත්තටම පාසෙලේ ඉන්න දරුවෝ ප්‍රමාණය 35ක් වගේ ඔක්කෝම. ඒත් ඒ දරුවන්ට තියෙන දුෂ්කරතා බොහෝයි. පාසැල රජයේ පාසාලක් නෙමෙයි. ඒ නිසා රජයෙන් ලැබෙන පොත පත විතරක් නෛමයි විභාගයක් වත් මේ පාසැලේ නැහැ. ඉන්නේ එකම ගුරුවරයයි. එයත් නාවික හමුදාවේ වැඩකරන ගමන් පාසැලේ වැඩ කරන අයෙක්. මම මේ ගැන රෝ අඩවියේ "නිසි පාසැලක් නොමැති කමින් අසරණව සිටින බත්තලංගුණ්ඩුවෙ දරුවෝ" කියලා ආටිකල් එකක් රෝ එකේ ගැහුවා. ඒක දැකලා හිත උනු වුනු අකුර කන්ඩායම මේ දරුවන්ට පාසැල් පොත් කතා පොත් සහ පාසැල් බෑග් බෙදා දෙන්නට මැදිහත් වුනා.

බත්තලංගුණ්ඩුව ගැන

බත්තලංගුණ්ඩුව කියන්නේ තම්බපන්නිය කියලා හදුන්වන විල්පත්තු සීමාවේ වෙරළේ තිබෙන ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් වගේ මුහුදේ තිබෙන කල්පිටිය දූපත් සමූහයේ අවසාන දූපත. සරලවකීවොත් කල්පිටිය කියලා දැක්වෙන අර්ධද්වීපයේ අවසාන දූපත.



බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්න ජනයා සංචාරක ධීවරයින්. දූපත තුල ස්ථීර නිවාස ලෙස තිබෙන්නේ පාසැල් ගොඩනැගිල්ලත් පල්ලිත්සහ තවත්නිවාස කිහිපයක් පමණයි. සංචාරක ධීවරයන් ලෙසමුදල් හරි හම්බ කරන විසාල පිිරිසක් සිටියත්මේ දූපත තුල කලක් තිස්සේ සිටින පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ දරුවන් තමයි බොහෝවිට බත්තලංගුණ්ඩුව පාසැලට එන්නේ. පොලිස් මුරපොලක් සහ නාවික හමුදා කදවුරක් පිහිටි බත්තලංගුණ්ඩුව දූපත කල්පිටියේ සිට කිලෝමීටර 40ක පමණ දුරින් පිහිටි එකක්. එම දූපතට යනු එනු සහ බොහෝවිට සැපයුම් කරනු ලබන්නේ කල්පිටිය හරහා.

පාසැල 

තෑගි බෙදන අමිල මහතා
 දූපතේ පල්ලිය ආසන්නයේ ඇති මෙය කුඩා පාසැලක්. දූපත තුල වාසය කරන බහුතර ජනයා පැමිණ සිටින්නේ මිගමුවෙන්. මීගමුව මූලික කතෝලික පජාව මූලික වී පල්ලිය මගින් අරම්භ කරන්නට යෙදුනු මෙම බත්තලංගුණ්ඩුව සිරිකුරුස පාසැල කිහිප විටක්ම වැසී ගොස් තිබුනා. එනම් පාසැල ට සිසුන් සිටියත් පාසැලේ වැදගත්කම කෙතෙක් තිබුනත් දූපත තුල පාසැලපවත්වාගන යන්නට ඇවැසි සාධක නැතිවීම නිසා මෙම පාසැල වැසී ගොස් තිබුනා.

දරුවන්ට ඇති විකල්ප 

මුදල් හදල් තිබෙන අය දරුවන් කොහේ හෝ තැනක නවත්වා දූපතට පැමිණ වෙළදාම ්කටයුතු සහ ධීවර කටයුතු කලත් මුදල් නොමැති අයට වෙනත් විකල්ප නැහැ. මීට ආසන්නයේ ඊලගට තිබෙන කුච්චිමුනි දූපතේ පාසැලක් තිබෙන මුත් එයට කිලෝමීටර 30කට වඩා දුරක් බෝට්ටුවකින් ගමන් කරන්නට වෙනවා. එය වියදම් අධික වැඩක්. එවැන්නකට පහසුකම් සැපයීමට දෙමාපියන්ට වත්කමක් නැහැ. ඇරත් දරුවන්ට දූපත තුලම ඇති පාසැලෙන් ඉගනීමට හැකි නම් එය උදේ හවස දීර්ඝ මුහුදු ගමනක යෙදනවාට වඩා ඉතාම පහසු ලෙහෙසි දෙයක්.

පාසැලට ඇති බාධා 

 තනි ගුරුවරයෙක්ට එක වසර සිට 7 වසර දක්වා පන්ති 7කට උගන්වන්නට අපහසුයි. බොහෝවිට සිදුවන්නේ දරුවන් දහම් පාසැල වල මෙන් එකතු කොට වසර කිහිපයකට එකවර ඉගැන්වීමයි. මෙහිදී මුලිකම අධ්‍යාපනයක් විනා විද්‍යාව ගණිතය ඉංගිරිසි වැනි දේ ගැන තරමක දැනුමක් ලබාදෙන්නට අපාසුයි. ඇතැම් විට ලොකු සිසුන් කුඩා සිසුන්ට අකුරු කරවන අවස්තාද තිබෙනවා. 

රජයේ අනුමත පාසැලක් නොවන නිසා රජයෙන් පොත් පත් ගුරුවරු තබා සිසුන්ට විභාගයක් වත් පැවැත්වෙන් නේ නැහැ. මේ පාසැලේ යම් උත්සාහයෙන් ඉගෙනගත් සිසුවෙකුට වුවත්යම් ශ්‍රේණියක් සම්ත් ය යන නිල පිලිගැනීම ලබාගන්නට අපහසුයි. මන්ද මෙය පිලිගත් පාසැලක් නෙමෙයි. 

නාවික හමුදාවෙන් අනුයුක්ත කර ඇති ගුරුවරයා පාසැලට පැමිණෙන්නේ කදවුරේ සිට. එසේම දූපතෙන් පිටව යන්නේද කදවුරට. එබැවින් එම ගරුවරයාගේ සියලු අවශ්‍යතා නාවික කදවුරෙන්ම සැපයෙනවා. එහෙත් වෙනත් අයෙකුට මෙම පාසැලේ උගන්වන්නට සිදු වුනොත් ඔහුගේ අවශ්‍යතා සපුරාගැනීම දැඩි ගැටලුවක් වෙනවා. හරියාකාර නවාතැන්, ජල පහසුවපවා මේ දූපතතුල අතිශ්‍ය දුෂ්කරයි. එවන් වටපිටාවක පැමිණ ඉගැන්වීමට  කැමති ගුරුවරු පොත ්පත් සිනමා පටවල සිටියත් සැබෑ ජීවිතයේදී සොයාගන්නට අපහසුයි. 

වර්ථමානයේ සිටින ගුරුවරයා නම් දරුවන් පාසැලට නොඑන වෙලාවටනිවෙස ්කරා ගොස් දරුවන් නොඑන්නේ මන්දැයි අසා බලා නැවත පාසැලට දරුවන් යොමුකරගන්නට පවා උත්සාහ කරන බව දූපතේ ජනයා කිව්වා. එසේම එම ගුරුවරයාගේ ඉගැන්වීම් ඇත්ත වශයෙන්ම හොද බවක් කල්පිටියේ සිට බෝට්ටුවේ බත්තලංගුන්ඩුවට ගිය කිහිප දෙනෙක්ම සදහන් කරනු ලැබුවා.

අපේ දායකත්වය 

 ඩනිශ්ක දීපානි සහ බන්දුල අකුර සමාජය වෙනුවෙන් සහ මම පාසැලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට මැදිහත් වුනා. එතැනදී බත්තලංගුණ්ඩුව සිරිකුරුස විද්‍යාලයේ පීරිස් ගුරුතුමාට කතාකොට බැලූවිට දරුවන්ට අවශ්‍ය පෙලපොත් ඒ වනතෙක්ම (2018 මැයි) ලැබී තිබුනේ නැහැ. ඒ පෙලපොත් වගේම තවත් දරුවන්ට කියවීම රුචිය වැඩිකිරිමට කතාන්දර පෛාත්ද අපි විසින් සොයාගනු ලැබුවා. සියලුම දරුවන්ට පොත් බෑග්ද ලබාදීමට අපිට හැකි වුනා. 

අකුර කන්ඩායම සහ මම මේ බඩු බාහිරාදිය එකතු කරගෙන නාවික හමුදාවේ් සහායෙන් දූඵතට මෙම බෙඩු බාහිරාදිය ටික දරුවන් වෙනුවෙන් ප්‍රවාහනය කරගන්නට හැකිදැයි විමසිමක් කලා. එහෙත් අප වෙනුවෙන් වෙනමම ඉන්ධන පිරිවැයක් දරාගෙන බඩු බාහිරාදිය කුඩා ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම පාඩුවක් යැයි නාවික හමුදාව දැනුම ්දුන් නිසා අප බත්තලංගුන්ඩුවට දිනපතා යන මාක්ගේ බෝට්ටුව (පොදුබෝට්ටුව ) යොදාගන්නට තීරණය කලා. මාක් බොට්ටුව කල්පිටියෙන් 8.45ට පිටත් වුනා. දූපතට ලගා වනවිට දවල් 12 විතර වෙලා තිබුනා. 

අපි දූපතෙන් බහින විට බත්තලංගුණ්ඩුව දූපතේ කොයි කවුරුත් දන්න ාකියන චරිතයක් වුනු අමිල සහ දූපතේ කිහිප දෙනෙක් අපිව පිලිගන්නට බලා සිටියා. ටික වේලාවකින් දරුවන් කිහිප දෙනෙක් සමග අපේ පීිරිස් ගුරුතුමාද අපේ පෙරමගට පැමිණියා.

දරුවන්ට බඩු බෙදා දෙයි. 

 අපි බලාපොරොත්තු නොවූවත් පීරිස් ගුරුතුමා කුඩා උත්සව සබාවක් සකස් කොට තිබුනා. ඉතිං අපි අපගේ මේ කාර්යයට අත හිත දුන් අයට සන්තෝශය පිණිස සේයාරූ යවන්නට උවමනා නිසා මුලින් බඩු බාන්ඩ නිවැරදිව පිලිවෙලට තබා ඒවායේ පිංතූර ගත්තා. කතා පවත්වමින් දරුවන්ට දීර්ඝ දේශනා පවත්වන්නට අපි සැබැවින්ම ඉදිරිපත් වුනේනැහැ. ඉතාම කෙටි කතාවකින් පසු දරුවන්ට ඒ පාසැල් බෑග් ටික ඔවුන් වාඩි වී සිටි තැන්වලට ගොස්  ඔවුනගේ අතටම ලබා දෙන්නට අපි කටයුතු කලා .දරුවන් 30ක් සිටින තැනක ඔවුන් නැවත වේදිකාවට ගෙන්වාගෙන තෑගිලබාදෙනවාට වඩා ඔවුන් සිටින තැන්වලට අපි ගොස් තෑගි ලබාදීම වඩාත් උචිත යැයි අපි කන්ඩායම සිතුවා.

කතා බස් කිරීම සහ දරුවන් සමග සෙල්ලම 

 ඩනිශ්ක සහ අපේ බන්දුලඅයියා දරුවන් සමගක්‍රිකට් සෙල්ලම් කරන්නට මද වෙලාක් කැප කලා. දීපානි අක්කා දරුවන් සමග කතා බහ කරමින් ඔවුන්ගේ විස්තර ඇසුවා. මම දූපතේ තත්වය ගැන ගුරුවරයා නාවික හමුදා සහ දූපතේ ජනප්‍රිය චරිතයක් වුන අමිල එක්ක ටිකක් කතා බස් කලා. එතැනදී අමිලකියන්නේ මාලු අතරමැදියෙක්. ඔහු බත්තලංගුන්ඩුවේධීවරයින්ගෙන් මිලදී ගන්නා මාලු ගොඩබිමට ගෙනගොස් අලවි කරනවා. 

අමිල කිව්ව විදියට පාසැලට අද පැමිණ පොත් බෑග් ගත්ත සමහර දරුවෝ ඇත්තටම වෙනදට වැල්ලට වෙලා අම්මල තාත්තලා එක්ක දැල් බේරන උදවිය. අද බෑග් දෙන නිසා පාසැල් ඇවිත් ලු. ඔහුගේ අදහස දූපතේ තිබෙන ජන ජීවිතය තුල දරුවන් විශාල වල විට ඔවුන් කොහොමත් මූදු රස්සාවට නිතැතින්ම යනවා. දරුවන්ට මූලිකව අකුරු කියා දී පාඩම් කියාදී යම් දැනුමක් ලෝකය සම්බන්ධයෙන් මූලිකව ලබාදීම තමා මේ බත්තලංගුන්ඩුව සිරිකුරුස විද්‍යාලයෙන් විය යුතු දේ. එතැනදී අමිල මීට කලින් දූපත් පාසැල ඉතිහාසයේදී රජයේ පාසැලක් ව තිබූ හැටි. ඒ හරහා ගුරුවුරු දූපතට ආ සැටි ආදිය ගැන අපිට විස්තර කලා. 

සැබැවින්ම රජයේ පාසැලක් වුවත් දූඵත කියන්නේ දුරස්ථ තැනක්. එතැනදී ගුරුවරු සැබැවින්ම උනන්දු පිරිසක් නොවුනොත් නැවතත් පාසැල තුල හොද වටපිටාවක් ඇති වන්නේ නැහැ. උදාහරණ විදියට බත්තලංගුණ්ඩුව පොලිස් මුරපොලේ පෙනෙනන්ට කිසිවෙක් නිල ඇදුමෙන් සිටියේ නැහැ. වැඩිදුරටත් අදහස් දැක්වූ දූපත් වැසියෙක් කිව්වේ ඔ්‍ය පොලිස් පෝස්ට් එකේ 10ක් පොතේ ඉන්නවා. ඒත් දැන් ඉන්නේ දෙන්නයි.. ඒ දෙන්නත් සිවිල් පිට. මොකෝ කවුරුත් එන් නැනේ බලන්න. ඔහේ ඉන්නවා ඉතිං ලෙසයි.

අමිලගේ සංග්‍රහය 

අමිලගේ සිතුවමක්
පැය තුනක් පුරා දූපතට මාක්  ට්‍රෝලරයෙන් පැමිණ ඉන් පසු දරුවන් සමග පැයක් පමණ ගතකල අපිට සැර බඩගින්නක් තිබුනා. සාමාන්‍යනේ නම එතරම් නොඇසෙන මාලු වර්ගයක් අමිල විසින් අප වෙවනුවෙන් සකසා තිබුනා. අමිලගේ බිරිය මාස 4ක බිලිදියක සිටින මවක වුවත් අප වෙනුවෙන්  මහන්සි වී ව්‍යංජන දෙකතුනක් පිලියෙල කොට ප්‍රණීත ආහාර වේලක් අප වෙත පිලිගැන්වූවා. ලියන නිසාම හොදයි ක්යනවා නොවෙයි. එය ඇත්තටම දූපතේදී වුවත් කොළඹ සුපිරි පොට් එකකින් ලැබෙනවාටත් වඩා සුපිරි කෑමක් බව අපි සිව් දෙනාම කතා කරමින් ආවා.

ඉදිරි වැඩ පිලිවෙල 

ඇත්තටම අපි බත්තලංගුණ්ඩුව ගමන පටන් ගත්තේ කොළඹින් පාන්දර 3ට විතර. එයිනුත් ඩනිශ්ක නම් පාන්දර 2සිටම අවධියෙන්.. මාක් බෝට්ටුවේ එන්නට පැය තුනක් ගතවන නිසා අපි දූපතේ සිට කල්පිටියට නැවත එන ගමන වෙනුවෙන් තෝරාගත්තේ අමිල විසින් සැපයූ බෝට්ටුව. එම බෝට්ටුව මාක් ගේ පරණ ට්‍රෝලරේ වගේ නෙමෙයි පැයකින් පමණ බත්තලංගුන්ඩුවේ සිට කල්පිටියට ලගා වුනා. ඒ කුඩා බෝට්ටුවේ ගැස්සීම නම් තදයි. විටෙක බෝට්ටුව ඇතුලට වතුර එන තරමට මුහුද පොඩ්ඩක් විතර රළු වුනා. ඒ එන සීමාවේ විදේශීකයින් කයිට් සර්ෆින් කරන ඉසව්වක්ද තිබුනා. අපි ඒවාද හොදින් නරඹමින් ආවා. කොහොම වුනත් ඒ ගැස්සෙන බෝට්ටු ගමන නම් තදබල අත්දැකීමක්. අපි රස කර කර මාලු කෑවාට ධීවර ජනයා මේ බෝටටුවල නොයෙක් දුෂ්කතරා මැද්දේ දවස තිස්සේම ගැස්සෙමින් පැද්දෙමින් සිය ජීවිකාව පිණිස මහන්සි වෙනවා නෙවෙද? කියලාත් මට කල්පනා වුනා. 

කෙසේ වෙතත් විවිධ පාර්ශවයන්ට අදාලව විවිධ නිදහසට කාරණා තිබුත් මේ අසරණ වී සිටින දරුවන් අපේ රටේ දරුවන්. ඔවුන් 35 දෙනා වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමේ මූලික වගකීමෙන් අපි කිසිවෙකුට ගැලවෙන්නට බැහැ. ඒ වෙනුවේන විවිධ පාර්ශළු විවිධ ආකාරයේ මත දැක්වුවත් අවසානයේ ඒ දරුවන්ගේ අද්‍යාපනය කියන්නේ නොසලකා හැරිය හැකි දෙයක් නෙමෙයි. අප කන්ඩායමක් විදියට එක් රැස් වී මින් ඉදිරියට මේ පාසැලේ තත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, පලාත් සභාව සහ අදාල බලධෘරින් සියල්ලම දැනුවත් කිරීමේ පුළුල් වැඩ පිලිවෙලකට යන්නට අදහස්කරගෙන සිටිනවා. 

කලින් නොකල දෙයක් හෝ කලින් නොතිබුන දෙයක් කරන්නට ලංකාවේදී විශාල වෙහෙස මහන්සියක් ගන්නට සිදු වෙනවා. එහෙත් දරුවන් කියන්නේ ලෝකේය් කොයි කෙළවරක සිටියත් සැබැවින්ම දරුවන්. ඔවුන්ගේ දුරින් ඥාතින් හෝ කිසිම සම්බ්න්ධ්‍යක් නැති වුවත් සැබෑ දරු සෙනෙහසක් තිබෙන අයට දරුවන් අද්‍යාපනය නොලැබීම ගැන ඇතිවන්නේ සංවේගයක්. එය පෙරදැරි කරගෙන ඉදිරියේදී මේ බත්තලංගුන්ඩුව සිරි කුරුස විද්‍යාලයට තවත් ගුරුවරයෙකු දායක කර ඒ දෙමාපියන්ගේත් දරුවන්ගේත් අනාගතය යම් තරමකින් හෝ එලිය කරන පියවරක් කරා යෑමට අපි කන්ඩායම අපේක්ෂා කරනවා. 

එසේම ඉතාම කෙටි කලායක් තුල මේ කාර්යයට අවශ්‍ය පාසැල් උපකරණ. පොත් පත්, පොත් බෑග් සැපයූ සියලුම දෙනාටත් අකුර කන්ඩායමේත් මගේත් ස්තූතිය හිමි වෙනවා. මා කුඩා වෙබ් අවකාශ්‍යක මාධ්‍ය කරුවෙකු වුවත් රෝර් හි පල වූ මාගේ ලිපිය  මත ඒ දරුවන්ට අවශ්‍ය විශාලම ඉලක්ක නොමැතිව වුවද කුඩා හෝ දායකත්වයක් ඒ පාසැලට ලබාදීමට හැකි වීම ගැන සැබැවින්ම මටද තිබෙන්නේ සන්තෝශයකි.

Friday, May 4, 2018

නක්ල්ස් හුළුගග පැත්තේ දිය ඇලි

සිකුරාදා හැන්දෑවේ කෝච්චියේ නැගලා නුවර බලා පිටත්වුනා. නැවතුනේ Green Fall Kandyan Rest එකේ. ඔය නම ගූගල් කලාම එනවා තැන. එතැන ඒ සී කාබර රු 2000යි. නිකං ඒවා නම් දාහටත් තියේ. නුවර අවටම නොවුනත් තියෙන්නේ අඹතැන්නේ යාලුවාගේ නවාතැන නිසා කියනවා නමෛයි ලාබයි පහසුයි.වාහනේකින් යනවා නම් පාක් කරන්නත් සැලකිය යුතු ඉඩකුත් තියෙනවා. 


ගමනාරම්භය 


අපි උදේ පාන්දර නැගිටලා උයාගත්තා. උයන්න කීවට ලොකුටව දෙයක් කලේ නැහැ. අල ටිකක් කපලා සම්බෝලයක් හදාගත්තා. උදේට පාන් සහ පාන් කන්න හොද උම්බලකඩ සම්බෝලයක් හදාගත්තා තෙල් දාලා, තව ඉතිං දවාට කන්න බතක් හදාගත්තා සහ දවල්ට කන්න තවත් මොනාහරි අපි අටවගත්තා දැන් මතක නැහැ. ඉතිං ඔය කෑම බීම හදාගෙන අහක් වෙලා අපි පිටත්වෙන්න උන්නේ උදේ 6.30ට ඒත් අපිට යන්න බැරි වුනා නේ. අපේ එක යාලුවෙක් හිතලා තියෙන්නේ අපි යන්නේ 7.30ට කියලා. ඒ නිසා සුට්ටක් පරක්කු වුනත් අපි කොහොම හරි අට වෙන්නට කලිං හාතලේට ගියා. හාතලේ කියන්නේ අපේ Knuckles by Jeep with anjana ravinath ජීප් ටුවර් එක පටන් ගන්න තැන. 



මොකද්ද මේ Knuckles by Jeep with anjana ravinath

අන්ජන රවිනාත් කියලා මල්ලියෙක් ඉන්නවා හාතලේ වත්ත හරියේ. එයා තමයි මේ ටුවර් එක පැකේජ් එකක් විදියට කරන්නේ. අපි දිය ඇලි 4-5ක් වගේම කෑල්ලබොක්ක වත්තේ ලස්සනම ලස්සන වීව් පොයින්ට් කකකුත් බැලුවා. නවීකරණය කරලා සැප සීට් ගහපු අන්ජනගේ වාහනේ යතැකි මිනිසු 9කට . මේ ගමන දවසට පෑ 10ක් විතර. අංජන අපිව වාහනේ නවත්වලා ඇලිගාවටම එක්කරං යනවා. ඒවායේ විස්තරත් කියාදෙනවා. කූඩැල්ලටන්ට පවා ඕනි කරන ලුනු එහෙමත් අංජන අරං ඇවිත් තිබුනා. මේ දවසම කැපකරලා අපි තැන් තැන් වලටදිය ඇලි ලගටම ගිහින් දිය ඇලි බලලා එන්න අංජනගේ ගාස්තුව රුපියල් හත්දාහක් විතර. ඒ ගානට ලාබයි. මම වැඩි මනක් විස්තර දන් නෑ..ඒත් එක්කෙනක්ට රුපියල් දාහක් වත් නොවැටෙන මේ දිය ඇලි ටුවර ඒ ගෙවන ගානට වටින එකක් කියලා නම් දැනුනා. 

 කැල්ලබොක්ක වීව් පොඉන්ට් එක.



මුලින්ම අපි ගියේ කෑල්ලබොක්ක වීව් පොයින්ට් එකට. එතැන ලස්සන තැනක්. එතැනට නක්ල්ස් වල ගොම්බානිය ඇතුලු කදු කිහිපයක්ම පේනවා. ඒවගේම ප්‍රකට සංචාරක තිප්පලක් වුනු සෙම්බුවත්ත් එතනට පේනවා. එතැන දර්ශනය හරමි සෞම්‍යයයයි. ඔය කැල්ලබොක්ක වතුයායේ ඉස්සර උන්නාලු ටිකක් මුරන්ඩු සුද්දෙක්. මිනිහා තේ වත්තේ ජනයා ස්ට්‍රයික් කරාම මොකෝ දන්නවයි කරලා තියෙන්න් එයාලට වැඩ අඩු කරන්න තේ ගලවලා ගස් වවලා. ඒ වවපු ලස්සන ගස් තාමත් තියෙනවා. මට මතක විදියට ටර්පන්ටයින් (සුවර් නැහැ) 

හුළුගග 


කැල්ලබොක්කෙන් පස්සේ අපේ මහින්ද්‍රා මැක්සිය ගියේ හුළුගගට. හුලුගග කියන්නේ ටවුමක් . ඒකේ තියෙන සිංහල කඩේ කෑම හොදයි. කෑමරසයිත් එක්ක. අපි මොකටද උයන් ආවේ කියලා හිතුනා එතනට ගියාම. කොහෙමින් හරි අපි එතැනට ගිහින් තේ වතුර එකක් බිව්වා. ප්ලේන්ටියක් ගහලා. හුලුගග ටවුම මැදින්ම වගේ ගලන හුලුගග ආසන්නේමයි දිය ඇල්ල තියෙන්නත්. කදිම දිය ඇලි පාර ඒකනම්. දැන්නම් ඒක බලන්න හොද වේදිකාවක් හදනවා. හුලුගග උඩ ඉදන් බැලුවත් ටිකක් ගතියට ඇල්ල පේනවා. 


සාරි ඇල්ල 


සාරි ඇල්ල තියෙන්නේ බඹරැල්ලෙන් උඩහට ගියාම. බඹරැල්ල දිහ යන්නේ හෙන කොට බස්. ඒ හුළුගග ඉදලා සාරි ඇල්ල යද්දි පහුගිය දවසක එකම තැන පස් දෙනෙක් ගහගෙන ගිහින් මැරුනු කුඩා දියපාර අහු වුනා.ඒකනම් සිරාවටම පොඩියිඒත් ඇල්ලේ වතුර සැර කාලේට එතනින් සැරට ගලනවා ඇති වතුර. 

මේ සයිඩ් වල කදුකරය ටිකක් බෑවුමයි. වතුර පාරවල් සැරයි. කොහෙට හරි වැස්සාම හරි නැතිනම ්විදුලිබලාගාර වල ජලාස වාන් දොරවල් ඇරියාම හරි විශාල සැඩ පාරක් එනවා එකපාර. මෙය දන්න අයට නම ්කලින්ම එගොඩ වෙන්න හැකි. ඒත් නොදන්න අය ඔහේ සැඩපහරට අසුවෙලා ගහගන යනවා. කොහොම වුනත් තැන ගැන නොදන්නවා නම් කවුරුවත් දන්න කෙනෙක් නැත්තම් ප්ලීස් නාන්න බහින්න එපා. මේ කදුකර ගම් වල මල් සාලාවක් වත් නැහැ..බොහොම දුර ගිහින් තමයි මිනි පෙට්ටියක් වත් අරං එන්න වෙන්නේ..ඒ මැරුනොත් නේ.  අතක් පයක් කකුලක් කොහෙහරි ඇනිලා ගියත් එමම තමයි. 


අපි සාරි ඇල්ලට ගියාට මොකද එතනින් උඩටම නැග්ගේ නැහැ. උඩටනගින්න හැකි ඒත් අපි ගියදා ටිකක් වැහිබීරානිය තිබුනා. ඕකේ වතුර වැඩිවෙයි කියලා සහගල් ලිස්සන නිසා උඩම තැනට නැග්ගේ නම් නැහැ. ඒත් පහල වතුර මට්ටම හොදින්ම අංජන ලොක්කා බලාගෙන උන්න නිසා අපි නෑවා. එතැන නම් වතුර මට්ටම වැඩිවෙද්දි හොයාගන්න ලේසියි ලු. කොහොම වුනත් එතැන වුනත් දන්න කියන කෙනෙක් නැත්තං බොරුවට මද්දුම බණ්ඩාරල ලො ඔලුව දෙන්න යන්න එපා. අවට ජීවත්වෙන මිනිස්සුත්, ට්‍රිප් එක යන අනික් අයත් ඔයාලගේ ගෙදර මිනිස්සුත් ඔක්කෝම අමාරුවේ. 

ලෙබනන් වත්තේ දිය ඇල්ල 



ලෙබනන් වත්තේ එකට නම් ටිකක් විතර බැහැලා පයින් යන්නට ඕනා. ස්ටේජ් දෙකකින් තියන ඇල්ලේ හොදට ඇල වෙලා ඉන් හැකි හොද ගල් තලාවකුත් තියෙනවා. කොහොම වුනත් ටිකක් බීලා අහක් වෙලා වැනි වැනි වගේ මෙම දිය ඇලි බලන්න යෑම කොහොමවත් හොද නැහැ. එකක් වැටිලා කබරයා දාලා වන වුනොත් මේ ගල් අස්සේ ලිස්සලා යන්න හැකියි. ඒම වුනොත් ආයේ ගන්න බැහැ. ඉතිං ආව විදියටම ආයේ යන්න කැමති නම් පීස් අනතුරු දායක ගමන් වලට අරක්කු බීලා වන වෙලා එන්නට එපා. ඒක කරගන්න හැකි නේ ඉතිං ඔය කොලඹ හොද ප්ලේස් එකකට බෝතල් අරං ගියා උනත්. 

ජෝඩු ඇල්ල 

අපි ජෝඩු බලන්න බඹරැල්ල පහු කරලා ටික දුරක් ගිහින් අදාල තැනකට ආවත් එතනදි වැස්සා. ඒ ගමන තමයි අපි ගිහින් ලෙබනන් ස්ටේට් දිය ඇල්ල 1 බැලුවේ. ඉතිං ආයේ වෙන පාරක් තියේ කියලා ආවා ජෝඩු ඇල්ලට. මම හිතන්නේ අපි ගිය අලුත් පාරපට්ට. 
ඒකේ යද්දි කූඩාල්ලෝ ඉන්න වත්තක් මැදින් යන්න උනානේ. කූඩැල්ලෝ දෙක තුනක් එල්ලුනා. ගෑනු ලමයි කූඩැල්ලා බයකරනවා හයියෙන් කෑ ගහලා. ඉතිං උන් තවත් ඇතුලට හැමනෙනවා ඇති එතකොට. කොහොම වුනත් අංජන රවිනාත් ට ආයෙත් ස්තුති වන්ත වෙන්නට ඕනා ලුනු ස්ප්‍රේ එකට. පොර ස්ප්‍රේ බෝතලයකට ලුනු දියකරං අැවිත් තිබුනා. ඉතිං ගැහුව ගමන් කූඩැල්ල ඩවුන්. අනේ මේ ඔ්‍ය වන හිතවාදී මනුස්සයෝ එහෙම කියාවි කුඩැල්ල පවුය අනම් මනම්.. ඒ වුනාට ඉතිං මේ ජරා සත්තු එක්ක කොහොමද ඉතිං තැනක් බලන්න යන්නේ..මොකුත් ගෑවෙ නැතොත් ලේ බැංකුව ගන්නවට වඩා ලේ ටිකක් උන් අපෙන් උරා ගනීවි.. 

ජෝඩු ඇල්ල තියෙන තැනසිරා..වටේම තියෙන්නේ පදුරු . කටු කැලෑ..ඒ අස්සේ කූඩැල්ලෝ. ඒක නේචර් පසුබිමක තියෙන නිසා අමුතුම ලල් එකක් තියේ. පොටෝ ගහන්නත් කියාපු තැනක් තමයි ජෝඩු ඇල්ල කියන්නේ. අපේ අයත් ඇති පදං පොටෝ ගත්තා ජෝඩු ඇල්ල ගාවදි. 

 අපි පිටත්වුනේ උදේ අටට හෝ හතහමාරට විතර. අංජනයාගේ පොට් එකෙන් ගමන අවසාන කරද්දි ඒත් හවස 6 විතර වෙලා. ගයිඩෙක් විදියටත් මනුස්සයෙක් විදියටත් අංජන හොදයි කියලා ආයෙම කියන්නට ඕනා. මොකද අපි මීට කලින් ගයිඩ්ලා එක්ක සමාරවිට මීට වඩා ලොකු ගනන් දීලා කටු කාලා තියෙනවා. ඒම අල වුනාම අපේ ආතල් එකම විනාසයි. 

අවසානේ අපි ජෝඩු ඇල්ල පහල තියෙන දොලක් ගාවින් නැවතුනා. අපි ගෙනාපු බත් අපි සාරි ඇල්ල ගාවදි කෑවා. ඒත් ඉතිං පිරිමි උයද්දි දන්නේ නැද්ද? 9 දෙනාට විසාල අල ගෙඩි 25ක් විතර දාල ලොකු අල සම්බෝලයක්. බතුත් වැඩියි. තව අපිගාව තිබුනා උදේ කට්ට සම්බලුත්. අපි ඒවා අනලා ඒ යාබදව උන් බල්ලොන්ට දැම්මා. පස්සේ මග එද්දි තව බල්ලො උන්නා පාරේ. ඇත්තටම වාහෙනෙකින් ගිහින් බලු කපුටු දානයක් දීමත් හරි ආතල් වැඩක්. හම්බෙන හැමතැනම කෙහෙල් කොලයක් දිග ඇරලා බත් හැන්දක් විතර දාලා එහමෙ දානයක් දෙන්න තියේනම ්කියලා ත් මට හිතුනා. 

මේ බ්ලොග් එක ලියද්දි කාලයක පටන්ම මම ලියලා එක වතාවක් වත් කියවන් නැතුව එහෙම්ම පබ්ලිස් කරනවා. මොකද කොපි කරනබුවෙක්ට අඩුම ගානේ අකුරක් හරි හදන්න මහන්සි වෙන්නඕනා එතකොට.. එහෙම නැතුව එකපාර බුග් ගාල කොපි පේස්ට් ගහන්නඉඩ ලැබෙන විදියට අකුරු සහ ගැමර් සහ වාක්‍ය වැරදි හදන්නමම මේකෙදි පෙලබෙන්නෙත් නැහැ.  


දර්ශන 

කදුකර ගමන කියන්නේ දිය ඇලි විතරක්ම නෙවෙයි. තේ වතු කෝපි වතුආදී වගාවන් මෙන්ම ජන ජීවිතයත් කටුකයි. සමහර තැන්වලට පාරවල් වලින් යන්න බෑ. මිනිස්සු පයින් යනවා කදුගැට නැගගෙන. කදුකරේ භූමි දර්ශනත් එහෙමයි. කොයි වෙලෙත් ඉදිරිපසබැලුවාම තවත් කන්දක් තමයි පේන්නට තිබෙන්නේ ඇතැම් බෑවුම් වලදී. ඒ වගේ ඔරොත්තු දෙන වාහනයකින් කදු බැලීම සහ ඇලි බැලීම හරිම ලේසි. මරුති කොට ගොනෙක් අරගෙන යට වැදි වැදි වාහනේයි අපි දෙගොල්ලාම දුක් විදගෙන ගිහින් විනෝද වෙනවාට වඩා හොද ඕෆ් රෝඩ් වාහනේක සැපට ගිහින් දැකලා විදලා බලලා එන එක වටිනවා. 

Thursday, April 12, 2018

පිටමාරුව ලෝකාන්තය

 පිටමාරුව ලෝකාන්තය තමයි මේ පාර අපේ ගමනේ නවාතැන උනේ පිටමාරුව මිනි ලෝකාන්තය. මිනි ලෝකාන්තය කියලා නෙමෙයි මෙතන ලෝකාන්තය කියලා තමයි දැන්වීම් වල තිබුනේ. කොහොම වුනත් කාර් එකෙන් ලගටම යන්න හැකි නිසා කදිම තැනක් තමයි ඒ ලෝකාන්තේ. අපි එතනට ගියේ බදුල්ලට ගිහින් මීගහකිවුල හරහා.

 අපි එතැන කෑම්ප් කලා.කැම්ප් කරන්න එක්කන්ඩායමකට පමණක් සෑහෙන කුඩා වපසරියක් තිබෙනවා. අපිට පස්සේ මල්ලිලා ටිකක් ඇවිත් මෙතනට පහලින් තැනකකෑම්ප් කලා. මේක පුද්ගලික තේ වත්තක්. කෑම්පින් වලට ලොකු සෙනග ගෙනහින් කෙලිකරන්න ගියොත් අයිතිකාරයෝ කැමති නැති වේවි.
 විසාල පදාසෙක පලාතක් පිටමාරුව ලෝකාන්තයට පේනවා. ඒ පේන කදුයාය මොන වගේද. ඒකේ යට මොන වගේද එතැන සීතලෙ මාන වගේද කියලා කියලා වැඩක්යැ. ගිහින්ම බලන්නට ඕනා.
 කූඩාරම් ගැහීම වගේ නෙමෙයි ඒක ඇකිලීම සහ නැවීම. ඒක නවද්දි අපේ අනික් කන්ඩායම ඒ ිකව්වේ අපිට පසුව ආපු කන්ඩායමත් අපේ වීව් පොයින්ට් එකට ආවා පොටෝ ගන්න.
 අපි ආවේ බදුල්ලටඇවිත් මීගහකිවුල පිටමාරුව පාරේ. පිටමාරුව ලෝකාන්තය බලන්න තියෙන දුෂ්කර සහ දිග මාවත තමයි මේක. පහසු මග මඩොල්සිම හරහා වැටී තිබෙනවා. මේ මාවතේ ඒම තරමක දරුනු වදයක් කාර් රියට. තැන් කිහිපයකදීම කාර් රිය යට වැදුනා. අනුරාධගේ නිසාන් මාච් එකට මේකනම් කීස් ගාවෙන ගමනක් වුනා.
 කදුකරයට ගියාම බලන්න තියෙන්නේ කදු විතරක්ම නෙමෙයි. සූටි දියපාරක් අසල හෝමාර්ගය ට ලංවී පිහිටිපස් කන්ඩියක් ලග මේ වගේ කුඩා ශාඛ ජනාවාසයක් කියන්නෙත් දැකීමට කදිම දර්ශනයක්.
 පිටමාරුව ඉදලා එද්දි අපිට හම්බුන පාරක් තමයි මේ. මේ ගමනේදී අපිටහමුවන මීගහකිවුල සිට පිටමාරුව පාර ඉතා පැරණි එකක් මේ ඇතැම ්මල් ගස් අවුරුදු සී්‍යකට වඩා පරණ ඇති.
අවසානයට අපි කලින්දා ගිහින් අවසාන කලේ මේ අරදුනු ඇල්ලෙන්. අරදුනු ඇල්ල තියෙන්නේ පස්සර. අපේ ගමන් මග තමයි පලමු දවස මීගහකිවුල පිටමාරුව.ලෝකාන්තය. දෙවන දවස මඩොල්සිම පස්සර අරදුනු ඇල්ල නැවත පස්සර සිට කොළඹ. ඉතිං දවස් දෙකට සැර ආතල් එකක් ගත්ත මේ ගමන ඇත්තටම සාර්ථක චාරිකාවක් වුනා.

Tuesday, March 20, 2018

මේ පාරත් අපි සිරිපදේ කුනු අයින් කලානේ.

 එක් මනුෂ්‍යයෙක් සිරිපා බිමට කසල ග්‍රෑම් සියයක් එකතු කරනවා යැයි අපි සිතමු. මිනිසුන් දසදහසක් යන කල සිරිපා මග දෙපසට කසලකිලෝ දාහක් හෙවත් මෙට්‍රික් ටොන් එකක් එකතු වේ. එම කසල පහලට ගෙන ඒම ගේමකි. කිලෝ දාහ ට්‍රැක්ටරයකින් පහසුවෙන්ම ගෙනආ හැකිය. එහෙත් ටැක්ටරයක් සිරිපා යන මගටයා නොහැකිය. කසල මල්ලක් හාල් මල්ලක් මෙන් පහසුවෙන් ගෙන ඒමට බැරිය. කසල කිලෝ විස්සක මල්ලක් රැගෙන කන්ද බැසීමද ඇතැම් විට අපහසු කාර්යයකි. කසල කිලෝ විස්ස බැගින් බැලුවද කසල කිලෝ දාහක්ඉවත් කිරීමට අඩු ගානේ මිනිස්සු 50ක් වත් උවමනාය. එයින් කසල මගින් සිරිපා පරිසරයට වන බලපෑම ඔබට සිතාගත හැකිය. සැබැවන්ම සති අන්තයේ සිරිපාදයට ඇදෙන පිරිස දහදාහක් නොවේ. ලක්ෂ ගනනකි. එවිට සිරිපා මග දෙපස මුදාහරින කසලවිශාල ප්‍රමාණය ඉවත් කරන්නේ කෙසේද? එය ගැටළුවකි. 
 රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ගවේශකයේ කන්ඩායම මෙවරත් 2018 මාර්තු 17 වැනිදා පෙර වසරේ පරිදිම ශ්‍රමදානයකට සූදානම් විය. සිරිපා සමයේදීම කරන මෙම ශ්‍රමදානය මගින් ජනතාව බලාසිටියදීම, බැතිමතුන්ගේ ඇල්ම බැල්ම යටතේම කුනු ඉවත්කිරීමේ කාර්ය සිදුවේ. එය එක් තරා අතකින් ජනතාවට කුනු කෙරෙහි නැවත සිතා බැලීමට ලැබෙන මාහැගි අවස්ථාවකි.
 17 වැනිදා ශ්‍රීපාද හැටන් මගට තදින් වැස්සේ නැතත් යම් තරමක පොද තත්වයක් තිබුනි. පොද තත්වය නිසා කුනු ඉවත්කිරීඹ මන්දගාමී විය. අපිට වනය තුලට පිවිස කුනු එකතුකිරීම සිදුකල නොහැකි විය. එකතුකරන ලද කුනු වල ප්ලාස්ටික් පොලිතීන් හැර අනෙකුත් කුනු වල බර වැඩිවිය. ප්ලාස්ටික් බෝතල නම් අත් දෙකට දෙකක් වශයෙන් මලු දෙකක් වුවද ඔසවාගෙන ආ හැකිය.එ හෙත් බරැති කුනු එසේ නොවේ.
සිරිපා ඉමේ ජනතාව දැනුවත් කරන දැන්වීම් බොහෝ තිබුනි. බොහේ ඒවායේ කුනුබාල්දි වලට කුනු දම්න්නැයි ඉල්ලා තිබුනි.එ හෙත් ඒ බාල්දි අස් කරන්නේ කවුද? වනජීවි සංරක්ෂණ අධිකාරිය ප්‍රා සභාව ඒ සදහා පිරිස් පත්කර ඇතත් එකතුවන කුනු කන්දරාවේ හැටියට ඒ පිරිස කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මිනිසුන් සියයකට එක් අයෙක් ගානේ දැමුවද ලක්ෂ ගනනක් එකතු වන බිමක කසල අයින් කිරීමට මහ සේනාවක් සෙනග සිටිය යුතුය. එනිසා කුනු බාල්දි තිබෙන තැන්වල අවට වනය හොදින් බැලුවොත් බාල්දි වල තිබෙන දෑ එසේම වනාන්තරයේ නොපෙනන තැනක ගොඩගසා තිබෙනු දකින්නට හැකිය. 
 පසුගිය වසරට සාපේක්ෂව සිරිපා ඉම වඩාත් පිරිසිදුය. සිරිපා පඩිපෙල්හි බොහෝ තැන් වල ටොපි කොලයක් තරමක දෙයක්වත් නොවන ලෙස පිරිසිදු කරන්නට අපිට හැකි විය. අපි යෑමට පෙර සතියක ගුවන් හමුදාව දායක වී සැලකිය යුතු කොටසක් පිිරිසිදු කර තිබුනි. ඒ නිසා අපිට එතරම්ම කුනු තොගයක් එක්රැස් නොවීය.
 තරමක් වයසක නඩයක සීයා කෙනෙකු අපි ඉවත්කරන දිහා එබිකම් කර ඔක්කෝම බෝතල් නෙව යැයි කීවේය. බෝතල් විතරක් නෙවෙ සීයේ යට ජංගි, ඩයපර, සෙරෙප්පු, ඇදුම්, කුඩ, පාර්සල්, මලු, බෑග්,පූජාබාන්ඩ වගේ ගොඩක් දේවල් තියෙනවා.. නැත්තේ මිනිස්සු විතරයි.. යැයි අපේ කන්ඩායෙමේ අයෙක් කුනු වල සංයුතිය පිළිබද හරබර දේසුමක් සීයාට දුන්ෙන්ය.. හොහ් හොහ් හොහ්.. මිනිස්සුය කියලා වෙනසක් නෑ.ඔය එලවුන්ස් කරන්නේ අරකා මග ඇරුනාය.මූ නැතිවුනාය. පොඩි එකා මගැරිලාය කියලා.. මුන්ට ඇහැන්නං මිනිස්සුත් දාල යාවි මේකේම යැයි සීයාද අපි සමග එකතුව වන්දනාකරුවන්ට දොස් කීවේය. 

 මා යන එන ගමනසිරිපා මගේ කඩයකට තේ වතුර එකක් බොන්නට ගොඩ වූ අතර එවිට මගේ අතේ කුනු එකතුකරන පාර්සලයක් නොවීය. කඩයේ තිබූ දැන්වීම තිබුනේ ලෑලි මත වාඩිවෙන්න එපා කෝමද ඒක යනුවෙනි. එහි කෝමද ඒක යන්න හිනා එන කැල්ලක් වූ බැවින් මා එය සද්දෙන් කියවීමි. එවිටකඩේ අතුගාමින් සිටි මහත්මයෙකු.. ඕම ගහල මදි .. මුන්ට කොහම කිව්වත් තේරෙන් නෑනේ. දැන් බලන්න අර ලමයි ඇවිල්ලා බෑග් අරං කුනු අස්කරනවා. මුන් මොකෝ කරන්නේ කුනු දානවා හැමතැනම. බලන්න අර රටින් එන සුද්දා.. ටොපි කොලේ කෑවද ඒකත් දාගන්නවා නේ බැග් එකකට..
 මේ පහලැති සාම චෛත්‍යයට පහල තැනක බත් කොල ගොඩකි. ආහාර පාර්සල් ගෙනාආ නඩේක බත් නරක් වෙලාදෝහෝ බත් ගොඩක් බත් සමගම කොල සමගම දමා තිබුනි. දින දෙක තුනක් ගොස් තිබූ නිසා ඒවායින් තද දුගදක්ද තිබුනි. ඒවා අපි මල්ලකට පුරවා ගත්තෙමු. එය කිලෝ ගානක බරකි. අඩුගාන්ඒ මල්ල කිලෝ 40ක්වත් බරය. එසේබර වැඩි වූවාය කියලා අපිට මල්ල තබායන්නට නොහැකිය. ඕජස් ගලන ජරාව වන හෙයින් ඒවා කරතියාගෙන යන්නටද නොහැකිය. ඒ කසල ටික කෙසේහෝ අපි අමාරුවෙන් පහලට ගෙන ආමු. බාල්දි වලට වෙන් නොකර කොලවල ඔතා ආහාර ජාති දැමීමෙන් කසල ඉවත්කරන අය මුහුනපාන්නේ මහත් කරදරයකටය. 
 ගෙනියන ඔක්කොම ගේමු. 
සිරිපාද නොව ඕනෑම සංවේදී පරිසර පද්ධතියක් නරඹන්නට යන විට ඒ පරිසරයට යමක් මුදාහරන්නේ නැති ලෙස කෑම ආහාර ආදිය රැගෙන යෑම කල යුතුය. පුරාතනයේ අද මෙන් ලන්ච් සීටි තිබුනේ නැත. උයාපිහාගෙන්නා ආාහාර පෙට්ටිවල ඇතිලිවල බහාගෙන ඒවා ඔසවාගෙන ගොස් අදාල තැන්වලදී ආහාර ගත්හ. එලෙස ආහාර මලු බදින්නේ නැතිව කන්ඩායම් වලට අවශ්‍ය ආහාර තොග පිටින ්රැගෙන යා හැකිනම් එය පහසුවකි. එවිට ඉතුරු වෙන ආහාර ටිකක් වෙත්නම් ඒය රැගෙන ඒමට හෝ මුදාහැරීමට වඩා පහසුය.

පොලිතීන් ප්ලාස්ටික් හෝ නොදිරන හෝ දිරන දෑ සිරිපා බිමට නොදමා නැවත මල්ලේ රුවාගෙන පැමිණ අන්තයේදී ඇති කුනුබාල්දියට දැමීමමේ කුනු පස්නය විසදීමට ඇති සාර්ථකම විසදුමයි. එසේ නොමැතිව රජයට ආණ්ඩුවට හතරවටේ බැන වැදීමෙන් මේ ගැටලුව විසදිය හැකි මගක් පේනතෙක් මොනයක නොපෙනේ.
මේ සිරිපා ඉමේ වැඩිම ආදායමක් උපයන්නේ පංසලයි. පඩි පේලි කිහිපයක් නවීකරණය කල තැන පවා නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ මෙන් වහ වහා පුරවරුවක් කරවා සිය නම එහි ඔබාගැනීමට ධම්මදින්න හිමියෝ කටයුතු කර තිබුනි. එහෙත් සිරිපා මහ මළුවේම වැසිකිලි දිහාවේ කුනු පුලුස්සති.සිරිපා හැටන් මග අයිතිප්‍රා සභාවවත් වනජීවි අංශවත් දැන් කලක සිට කුනු පුලුස්සන්නේ නැත. අනෙක් අතින් සිරිපා මලුව යනු බැතිමතුන් පොදි ගැසෙන තැනකි. අහිතකර වායු මුසුවන ලෙස එතැන කුනු පිලිස්සීම කුමන ඇල්ම බැල්මකින් සිදුවේදැයි ගැටළුවකි. 
 දොලොස් මහේ පහනෙ ්සිට පහල බැලූකල පෙනෙන කුනුගොඩ මේය. සිරිපා මලුවේ හතරඅතින්ම පහල බැලූ කල පේන්නේ කුනුය. එනම් මලුව වටේම කුනු අතුරාගෙන කුනු උඩ සිටීමට ස්වාමින් වහන්සේලා මනාප සෙයක් පෙනේ. බැතිමතුන්ගේ පඩුරු ආදාර යහමින් ලැබෙන සිරිපා පංසල කුනු සම්බන්ධයෙන් දක්වන දායකත්වය නම් බොහෝ මදිය.පිටතින් පිරිස් ගියද මෙම කුනු ඉවත් කිරීමට පංසල මගින් දෙන්නේ අඩු දායකත්වයකි. අවාරේ සිරිපා පිරිසිදු කරන කන්ඩායම් වලට මලුවට පැමිණීම පවා වරක් ධම්මදින්න හිමි විසින් තහනම් කර තිබුනි. 

Friday, March 16, 2018

යාපනේ සංචාරේ

 යාපනේ කොහේ බැලුවත් තියෙන්නේ තල් ගස්. ඩෙල්ෆ් වලදි අපිට තල් රා හම්බුනා. හම්බෝ තල් රා බීල හොදට බොග පාරකුත් චාජ් වුනා බඩ සුද්ද වෙන්නම. ඩෙල්ෆ් වල ලන්දේසිකොටුව ගාව ඉන්නවා වෙලෙන්දෙක්. තිබුනා ඒ වෙලන්දා ගාව තල් කූරු සහ පොඩි තලප වගේ ලයින් එකක්. ඒවා තල් පිනාටු කියලා කිව්වා. හොදද කියලා ඇහුවම පොර ඔදයි කිව්වා. කැඩිච්චදෙමලෙන්. ඉතිං මාත් තල් ගොබ පැකට් එකකුයි තල් පිනාටුයි ගත්තා. හම්මට ගෙනාව ඔෆිස් එකට.. ගෙනල්ලා කන්න බලද්දි තිත්තයි අර තල් පිනාටුව. පස්සේ දෙමළ බුවෙක්ට කතා කරලා බැලින්නම් ඒවා කොහොමත් තිත්තයිලු..බාගෙදා අර වෙලෙන්දා අපිව අන්දලාහෝ අපි අහපු එක ඌඨ තේරෙන් නැතුව ලනුවක් දුන්නද දන් නෑ.. එනිෙව් ඒ තිත්ත රස වුනත් හොදය ිකියලා ඉස්සර කාලේ කට්ටිය කෑවායකියලා මගේ යාලුවෙක් ඔන්ලයින් කි්වවා. 
 මෙගෑනි හම්බුනේ අපිට බෝට්ටුවෙන් ඩෙල්ෆ් ගිහින් එනගමන. එනගමන මූද ටිකක් සැඩ වුනා. සැඩ වුනා කිව්වේ ඉතිං යන්න බැරිතරමට ගැස්සුනා. එහෙම කිව්වට ඉතිං කට්ටියට ඕක වදින් නෑනේ..ඉතිං මගේ යාලුවෝ හැමෝටම කොහොමද බෝට්ටුවේ ආත්ල එක කියලා පෙන්වන්න මම ගෙනාව වීඩියෝවක් ඉතිං මගේ යාලුවෝ ටික ඒක බලාන්ඩකෝ..අපේ බෝට්ටුව ගැස්සුන හැටි.

 මේ ගමන යන්න අපි පිටත්වුනේ පාන්දරම. ඩෙල්ෆ් දූවට යන්න නම් පාන්දරම පිටත් වෙන එක තමයි නුවණට හුරු. අපි නවාතැනෙන් පහට විතර නැගිටලා හොද ලමයි වගේ මූන කට හෝදලා බස් නැවතුමට ආවා. ඇවිල්ලා කඩේකට ගොඩ වුනා විතරයි මෙන්න යාලුවෝ දෙන්නෙක් අපි ව පිලිගන්න ඇවිල්ලා.ගවයා කියන්නේ හින්දු ආගමේ ටිකක් විසාල ඩෑල් එකක්.ඒ නිසා ඌව එලවන්නේ නැහැ පාන්දරම ආවාය ගල් මූසලය කියාල.. 
උදේ පාන්දරම නැගිටලා ඩෙල්ෆ් යන්න අපි යන්න ඕනා කුරිකඩ්ඩුවාන් ජැටියට. මේකට ඉංගිරිසියෙන් කේ කේ ඩී පියර්ය කියලා කියනවා. කේ කේ ඩී පියර් එකට යාපනේ ඉදලා කිලෝමීටර 32.8 ක් තියෙනවා. අපේ ගම් වල බස් වල නම් සාමාන්‍යයෙන් ඕ ගමන පැය එකහමාරක් විතර. ඒත් මේ යාපනේ කුරිකඩ්ඩුවාන් බස් යනවා පිඹං. ඒ බස් විනාඩි හතලිස් පහකින් විතර යාපනේ ඉදලා කුරිකඩ්ඩුවාන් යනවා. 

ඔන්න අපි දූපත් ගමන ගිහිං ඇවිල්ල කාරිය නල්ලුරුත් ගිහින් අයිස් කිරිං කාල එන්නය කියලා ලෑස්ති වුනා. ඒ ගමන බස් එකකට ගොඩ වුනාම මෙන්න ආරණ්‍ය ඝනයෙක් ඒ බස් එකේ..හම්මට මූ මේ කොහේද හවස් වෙලා වඩ්ඩන්නේ කියලා හිත හිත අපි බස් එකට ගොඩ වුනා. බස් එක හෝල්ට් දෙක තුනක් ගිහින් නවත්තලා..නාග විහාරය කියන යාපනේ ටවුමෙම තියෙන පංසල ගාව හෝල්ටේ නවත්වලා රියදුරු කොන්දා දෙමල සංඥා බසින් සංඝයා වහන්සේට කිව්වා බහින්නය කියලා. හම්මට ඒ සංඝයා වහන්සේට යන්න ඕනි වෙල තියෙන්නේ නාගදීපෙට..නාග විහාරෙට නෙවෙයි. යාපනේ ගිය ගමන් සුටුස් ගාල යනදුරින් නාගදීපේ කියලා මේ සංඝයා වහන්සේ හිතන්නට ඇති..ඉතිං ඔතන දි හාමුදුරුවෝ නිකං උන්නේ නැහැ..අර දෙමළ මනුස්සයෝ දෙන්නටත් බැනගෙන බැස්සා..ඔය වෙලාවක ටිකක් බීල කාරිය උන්න නම් අර දෙමල මිනිස්සු දෙන්නා ඔන්න තවත් හේතුවක් 5වන ඊලාං යුද්දෙයක් එතන ඇතිවෙන්න. ඇත්තටම මේ ආගං කාරයෝ කියන්නේ දේවල් අවුස්සන්නම ඉපදුන මිනිස්සු ටිකක්..මැප් එකක් බලලා. හරියට දැනකියාගෙන එන්නෙ ්නැතුව ඇවිල්ලා පිස්සු කෙලලා වෙන බස් එකක රිංගලා අවසානේ ඒකටත් බනිනවා අර බස් එකේ කොන්දොස්තර ඩයිවරිලාට..
මේ තියෙන්නේ යාපනේ ඉහල කොටහේ ේන දූපත් වලට යන අතරමැද තියෙන කලපු කෑලි. මේවයි ඉස්සෝ එහෙම ඇතිකරනවා.
මේ නල්ලූර් කෝවිල. මේ නල්ලූර් කෝවිල ගාව තමයි අපේ වීදිය බණ්ඩාර මහ සෙනවි තුමා අභාවයට පත් වෙන්නේ. ලංකාවේ ටීවි සිරියස් එකක් ගහනවා මම තෝරාගන්නේ වීදිය බණ්ඩාර චරිතය. ඉතාම කෲතර සැහැසි ඒ වගේම පට්ට ඇක්ටිව් බුවෙක්. මිනිහා මැරෙන්නේ මේ නල්ලූර් කෝවිල භූමියේ තියෙන සියඹලා ගහක් මත සිට දෙමළ සෙබලෙක් එල්ල කල පහරක් නිසා. කෝට්ටේ මොකක් හරි කේස් එකක් ගිහින්පොර යාපනේ සපෝට් එක ගන්න යාපෙනේට පනිනවා.. වීදිය බණ්ඩාර කියන්නේ තනි මිනිහෙක්ම නෙමෙයි..

එයාට වෙනමම පුද්ගලික හමුදාවක් තිබුනා. මොකක් නමුත් කාරණාවකට අමනාපයක් ඇතිවෙලා ඒ පිරිස අතර වීදිය බණ්ාඩාර යුද්දයකට යනවා. ඒ ගිහින් වීදිය බණ්ඩාරයගේ බොඩිගාඩ්ලා පට්ටම ෆයිට් එකක් දෙනවා වීදිය බණ්ඩාර බේරාගන්න. විදිය බණ්ඩාරත් අරින් නෑ.. කඩුවෙන් කපනවා නිකං මුවාත් කඩුවකින් පිපිඤ්ඤා කපනවා වගේ සෙනග. අවසානේ සියඹලා ගහක් යට යුද්ධ කරද්දි එක් කපටි දෙමළ සෙබලෙක් නැග්ගා ගහට.නැගලා උඩින් එල්ල කලා වීදිය බණ්ඩාරට හෙල්ල පහරක්. එතෙක් සතරදිසාවෙන් එන කඩු පහර වලකමින් පෙරලා පහර දුන් වීදිය බණ්ඩාර අවසානයේ ඉහලින් ආ අනපේක්ෂිත හෙල්ල පහරක් නිසා බිමට ඇදගෙන වැටුනා. පසුකාලීනව විදිය බණ්ඩාර වෙනුවෙනුත් කුඩා දේවාලයක් මෙහි තිබුනාය කියලා පුරාවෘත වල තිබුනාට අද නම් ඒවා තියෙනවද දන් නැ.. නල්ලූර් ඇතුලට යන්න සර්ට් ගලවන්න ඕනා. අපි දෙමලුයැ ඕකස්සේ සර්ට් ගලවං රිංගන්න. අපි ගියේ නෑ..ලගට ගිහින් පොටෝ අරං ආවා.

මේ කේ කේ ඩී පියර් එක. නාගදීපෙටයි ඩෙල්ේ වලටත් කච්චතිව් වලටයි බෝට්ටු යන්නේ මෙතනින්. මෙතනින් මතු දූපත් දෙකට තිබෙන මුහුද සැරයි. අනෙක් දූපත් වලට එනම් කයිට්ස් සහ කුරිකඩ්ඩුවාන් ආදී මුහුදවල් ටිකක් සැර අඩුයි. නාගදීපෙ තියෙන දූපතේ තවත් දෙමලකෝවිලකුත් තියෙනවා. අපි නාගදීපෙ ගියේ නැහැ.ආයේ වතාවක යන්න ඕනා නාගදීපය බලන්නත් තවත් තියෙන යාපන පුරාවස්තු බලන්නත් සවාරියක්. 
යාපනේ ජනප්‍රිය මුහුදු කෑම වලට..ඉස්සෝ කකුලුවෝ එහෙම යාපනේ රහට තියෙනවාය කියලා තියෙනවා. මේ නම් නිකම්ම චිකන් රයිස් එකක් හටිටියකට දාලා. පොඩඩක් මේක සැරයි. අපි ඒම හොදයි කියලා කියපුකෑම නීලම්පරී උනවාගම් කියන කඩේට ගියා ඔහේ නැහැ..රසක් නෑ ඒ කෑම වල.. එලුමස් කොත්තුවක් ඒකෙන් ගත්තා මෙහෙ කොත්තුව වගේමයි.ස්පෙශල් රසක් නම් මීට් වුනේ නැහැ.
මේ යාපනේ සිට කුරිකඩ්ඩුවාන් යද්දි දැකපු කෝවිලක් හරි ලස්සනට හදලා තියෙනවා. බොහොම යසට පොටෝ ගන්නත් හැකී.. එක කාලෙකට පිටරට කුරුල්ලෝ ඇවිල්ලා මේ කලපුවල වහලා ලස්සන කලපු පරිසරයක් හදනවාය කියලා අපිට යාලුවෙක් කිව්වා. ඒ කාලේට මේ පලාතෙම වතුරු වලවල් වල කුරුල්ලෝය කියලා තමයි උන්නැහ කිව්වේ. යාපනේ නම් බලන්න තැන් තව ගොඩක් තියේ. අපි ගියේ තනි දවසේ ගමනක් නිසා අපිට ගොඩක් තැන් බලන්න බැරි වුනා. ඩෙල්ෆ් දුවේ තියෙනවා තැන් හත අටක් බලන්න. ඩෙල්ෆ් වගේම යාපනේ අනෙක් තැන්වලත් මහා සෙනගක් නැහැ. ඩෙල්ෆ් ගියේ ඉරිදා දවසක වුනත් හරිම පාලු ස්වභාවයක් තමයි දූපතේ තිබෙුනේ..ඩෙල්ෆ් වල විස්තර කරන්න තියෙන තැන් සෙට් එක සහ ඒ කතාන්දරය ටිකක් වැඩි නිසා ඒක වෙනමම ලිපියකින් ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා.
 අපි නැවතුනේ ඉතිං සුපුරුදු බුකින් ඩොට් කොං ක්‍රමයට තමයි. බුකින් එකෙන් තැන බලනවා..අඩුම ප්ලේස් එකක් හොයලා ඒකේ නම ගූගල් සර්ච් කරලා කතාකරනවා. ජැෆ්නා සාමාන්‍ය කාමරේ අපි ගත්ේත රු 2,500ට නයිටට. ටිකක් විතර ගනන් වැඩි ලයින් එකක් තිබුනා. ඒත් ජැෆ්න ටවුමේ ගනන් වැඩියි..කිලිනොච්චිය එහෙම මිටවඩා අඩුයි. එත් අපි ගියේ කෝච්චියේ නිසා අපි ඒ ගාන්ට නැවතුනා. සැපටම ඉන්නවා නම් දැන් ජෙට්වින් නෝත් කිලා ලොකු සැප හොට්ලයක් එහෙමත් හැදිලා තියනවා දැක්කා. 
 අපේ රටේ යුද්දේ නම් දැන් ඉවරයි. ඩෙල්ෆ් වල වගේම ටවුමෙත් මිනිස්සු ඒවිය කියලා සංචාරක ස්ථාන ගැන බෝඩ් ගහලා ඒ තැන් වැඩිදියුනු කරලා තියෙනවා දැක්කා. ඒත් වීකන්ඩ් එකක් වෙලත් සංචාරකයෝ හිටියේ නැහැ. දැන් යාපනේ යන්න කෝච්චිය තියෙන නිසා ගමන පහසුයි. අපි ගිහින් එනකොට ආවේ අර වැල්ලවත්තෙන් යන සැප සනීප බස් එකක. මේ සනීප බස් එක යාපනෙන් රෑ 8ට එන්නේ. ඒ වෙලාවට කොළඹ එන සනීප බස් ගොඩක් තියේ. අපි ඉන්ටනෙට් එකෙන් බුක් කල නිසා ටිකට් එක රු 1300ක් වුනා. ඒත් ඉතිං සැපට නිදාගෙන ආවා කොළඹට එනකල් එේක.. වීකෙන්ඩ් එකය කියලා ලොකු බුකින් පෝලිමක් තිබ්බෙත්නැහැ. 

 මෙලෝ දෙමලක් අපිට නොතේරෙනවා වුනත් ඒ මිනිස්සු අපි වගේම තමයි. ගොඩක් මිනිස්සු හොදයි. කෑම කඩවල බස් වල ඉන්න අයටනම් ටිකක් වගේ සිංහල පුලුවන්.