Wednesday, April 14, 2010

බල්ලාගෙ විත්තිය

අලුත් අවුරුද්ද අලුත් කිරීම.......ඉතින් අපි හැමෝම ඔය ගැන කතා කරනව අම්බානක....ඉතින් අපේ පියාටත් හිතුන අපේ බල්ලව අලුත් කරන්න....බල්ල ගැන කියනවනම් උගේ පෙනුම මේ දවස්වල ටිකක් සෝචනීයය්...මොකද ඌට කසන ලෙඩක් ඉන්ස්ටෝල් වෙලා...ලෝම රිමූ වෙන්න අරන් ...බල්ලගෙ සමහර තැන් බ්‍රොය්ලර් කුකුලෙකුගෙ වාගෙ......අපේ කලින් හිටපු බල්ලටත් ඕය ලෙඩේම තිබුන...ඌට මොකක්ද කෘමි නාසක වගයක් ඉලුවහම අඩු උනා..ඒත් හොඳම බෙහෙත සබන් කෑල්ලක් ලු...ඒක 300 විතර් වෙනවලු..බල්ලගෙ ගෑවම ලෝම ඔක්කොම එනවලු බබා වගේ....ඒත් අපි රු30 ලයිෆ්බෝයි ගානකොට ඌට රු300ක සබන්..... නිකම් මොකක්ද වාගෙ...ඒත් අවුරුද්දට ඔක්කොම අලුත් උනත් ඉස්සෙල්ලම දුවගෙන එන බල්ලගෙ යූස්ර් ඉන්ටර්ෆේස් 1 අවුල් උනාම ෆට්ට කේස් නෙව....ඔය අතරෙ ඕකට කලුතෙල්(පිලිස්සුන එන්ජින් ඔයිල්) හොඳා කියල කවුද බුවෙක් අපේ පියාගෙ ඔලුවට දමල ...බල්ලගෙත් ඉන්ටර්ෆේස් එකෙන් 70% ක් විතර කලු නිසා ඒක ගොඩක්ම ගැලපෙන වැඩේ බවට ඒකමතිකව සම්මත උනා.....ඉතින් කලුතෙල් බල්ලගෙ යසට ආලේප උනා කියල කියමුකො......ඊට පස්සෙ අපිටයි බල්ලටයි මාර ප්‍රොබ්ලම්ස් වලට මූන පෑව.... 1.ගෙදර ට්යිල් උඩ කලු තෙල් ආලේප වීම. 2.බල්ලාගෙ සෙට් එකෙන් ඌව කොන් වීම 3.රතිඤ්ඤා වලට බියවී නිවස තුල සැඝවෙන බල්ලා සිය පැහැය ඉව බව නැතිව ආලේප කිරීම....මෙ අපිට ආපු ප්‍රස්න ඒත් බල්ලට කොයි තරම් දේවල් ඇත්ද????

5 comments:

  1. මිත්‍රයා ඔබේ බල්ලා හට රුපියල් 300 සබන් කෑල්ල අරන් දීමට ඔබ සහ ඔබේ පවුලේ අය මැලි වීම ගැන මගේ බලවත් අසතුට ප්‍රකාශ කිරීමට කමැත්තෙමි. මන්ද අවම වශයෙන් උගේ ලෙඩේ සනීප වෙන තුරු වත් ඔබලා හට එම සබන් කැටය පාවිච්චි කිරීමට තිබුනි. ඌ බල්ලා වුවත් ඌ ඔබගේ පවුලේ අයෙකි.

    ReplyDelete
  2. ane ow ban . . . pawne balla . . asaneepekatane ban . . ..

    ah lassanata liyala tiyenawa monaa wunath . . .

    ReplyDelete
  3. බල්ලා සහ ගෙදර ප්‍රශ්නය කෙසෙවෙතත් කථාව ලියල තියෙන style එකනම් පන්කාදු පහයි.

    ReplyDelete
  4. කතන්දරේ ලියල තියෙන විදිය අපූරුයි.

    අන්තිම වාක්‍යය ටොපේ ටොප්. ඕකට කියන්නෙ පන්ච් ලයින් එක කියලයි.

    අක්‍ෂර වින්‍යාසය ගැන ටිකක් බලන්න.

    කතන්දරකාරයා

    ReplyDelete
  5. ඕකට කළුතෙල් නම් හොඳයි තමා. නැත්නම් මිරිස් ටිකක් වතුරෙ දිය කරල වක් කරන්න. ටක් ගාල හොඳ වෙනවා.

    ලිවිල්ලනම් මරේ මරු

    word verification අහක් කරොත් නරකද ?

    ReplyDelete