Tuesday, May 18, 2010

politics for flood

අද වැස්ස..අද උදේ දත කට මදින්න යන ගමන් අපේ බෝඩිමෙ අන්කල් මීට් උනා..ඉතින් අන්කල් තනි නිලා..මා හින්ද මොනව කලත් එයාට හොඳා..මමත් උදේ පාන්දර උන්දැගෙ නට් එකක් අල්ලන්න කියල හිතල ඇදල ගතපි මේ පිටාර ගලන වරුසාව..
මා:අන්කල් මහරජ ශක්‍රයට වැඩිපුර සල්ලි බැඳල වාගෙ නේද කරටි කැඩෙන්න වහින්නෙ..
අන්කල්: උන්දැ නෙවෙ ඔය දහදුරා වැඩකරන්නෙ අර රටවල් ගානෙ ගිහින් රට විකුනල හරි පුටුව ගන්න දඟලන එකා...ඕක ගෙ වැඩෙ තැන්තැන්වල් ගිහින් අපි ගැන කේලම් කියන එක නෙව..ඔය යෝදය කරන්නෙ..මම හිතන්නෙ පහු ගිය කාලෙ ඉන්දියාවෙ ගිහින් ආවනෙ,.. ඒවයෙ ප්‍රථිපල තමා මේ ලැබිල තියෙන්නෙ...ස අජිතුත් කියල තිබුන ලොක්ක රටට ආදරේ කලේ නෑ කියල...
මම: හ්ම් ඇත්ත තමයි ඔය ර අනිල් ගෙ තියෙන්නෙ මහ යටිකූට්ටු වැඩනෙ කියා මා මාරුවිය...

ඊයෙ හවස කැන්ටිමට යන අතරමඟ වැස්සට සෙට් උන නිසා පොඩ්ඩක් හෙවනට වී කනුව අල්ලන් ඉන්නකොට දෙස් තැබීමක් ඇසිනි..හිටපු ගමන් දේවලයක් වත් මෙහි ඉන්ස්ටෝල් වී ඇත්දැයි බැලීමට මාගේ රබර් කණ ඒ දේස යොමු කලෙමි...අර රත්තර0 මනුස්සය හිරකොරගෙන මුන්...මඟුල් කන්න හැදුවෙ..ඔය දීල තියෙන්නෙ යසට..ගෝල් ෆේස් එක නෙමෙ රජ මාලිගෙත් යට වේවි මේ වහින වරුසාවට...මුන්ට විලි ලැජ්ජ නෑ නෙව...අර මනුස්සය ඇතුලෙ දාගෙන ඔව්ව සමරන්න..මම කියන්නෙ අර මනුස්සය නිදහස් කරනකම් පායන්නෙ නෑ මේ වරුසාව..ඔන්න බලමු මම කියන්නෙ බොරුද කියල..

මම ඔය සිද්දි 2ක උදේ ඔපිස් ඇවිත් මිස්ට කියනව පැනිදමල රස කරකර..ඔන්න අපේ සර් 1 ආව..මිනිහ පානදුරෙ අඩුවට ගෙයක් අරගෙන..ඕන වැස්සකට ගෙදර ඇතුලෙ වතුර..ඉස්සර අපේ පැත්තෙ මහ වගුරක් තිබුන වතුර බහින්න..දැන් ඔය කර්මාන්ත පුරේ තියෙන්නේ ඒ වතුර උරාගතපු වගුරු බිම උඩ...ඉතින් කෝමද නොගල තියෙන්නෙ..මට මතකයි පුන්චිකාලෙ ඔය හැමතැනින්ම වාගෙ මූදට කානු කපල තිබුන මූදට වතුර බහින්න..දැන් සමහර ගෙවල් තියෙන්නෙ ඔය ඉස්සර වතුර බැහැපු කානු උඩ...ඔය මොකා වැස්සුවත් හරියට ප්ලෑනින් සහ කානු සිස්ටම් තිබුනනම් මීට වඩා වැස්සකට උනත් ඔරොත්තු දෙනව...පායන කාලෙ ලාබෙට ගෙයක් අරගෙන වැස්සට ගෙදර වතුර අයිකරන්න නිවාඩු හාෆ්ඩේ ෂෝට් ලිව් දමන අපේ සෑර් ප්ලනින් වල දුර්වල්තාවය එහෙම කිව්වම අපි සයිලන්ස් උනා...

5 comments:

  1. කාලීනයි! හිනා මනාවයි.

    දාන්න කලින් පොඩ්ඩක් කියවලා එඩිට් කලොත් ඔය තියෙන දෝශ ටික නැතිකර ගන්න පුළුවන් වෙයි.

    කතන්දර

    ReplyDelete
  2. හරි මම බලන්නම් ...හදාගන්න ...ඒත් ඔය සමහර අයගෙ නම් නම් අකුරු වැරදි නෙමෙ.. ඒ මම දමපු හැටි

    ReplyDelete
  3. මේක නම් වෙරිම වෙරි ගුඩ්......

    ReplyDelete
  4. මචන් උඹ අර kottu.org කරන indi ද නැතනම් වෙන එකෙක්ද ??

    ReplyDelete
  5. 2kumaraya:ස්තූතියි ඔයාගෙ අදහස් දැක්වීමට..

    2Sri Lanka:මම ඔය කියන පුද්ගලයා හෝ පුද්ගලිකාව නෙම..වෙන ඩයල් 1ක්.....

    ReplyDelete