Friday, July 23, 2010

සිරිපාල:හලෝ හලෝ....රෑට කන්නෙ මක්කද??
දයාවතී: සික් කතා කරන කැත..මම කී දවසක් කියල තියනවද ගොඩය වාගෙ කතා කරන්න එපා..හැලෝ හරි අර වත්තෙ පුන්චි මහත්තය වාගෙ හෙලෝ කියල හරි කියන්න කියල....

මොන හුට්ටප්පරයක් කියෝනවද මන්ද දැන් රෑට කන්නෙ හැලෝද??

කොහෙද කූඩැල්ල පාපිස්සෙ තියන්න බෑ නෙව..
මම හිතන්නෙ රෑට ඉඳිආප්ප හොඳයි//..

දූලගෙ ගෙදරින් හොදි ටිකක් ඉල්ල ගමු...

සිරි:මොකටද ඔය දූගෙන් උනත් ඉල්ලන්නෙ..මම හොඳ කරවල කටුවක් ගේන්නම් හොද්දක් හදාගන්න..කොහෙද මීගමු කරවල කෑල්ල අර කොලදිවියට දීල නෙව..අම්මප ඔය පූස් තඩිය දිවියලෝකෙ යන්නෙ මගෙ අතින්....

දයා:ඔහෙ ඉතින් මං එක්ක සිල් ගන්න ගියාට ඉගනගන්නෙ ඔයවගෙ කෑල්ලක් විතරයි නෙව...පූස දිවියලෝකෙ ගියාම ඔහේ කොහේ යයිද??

සිරි:ඔව් ඉතින් ගමේ ඕපදූප ටිකයි හාමුදුරුවොන්ගෙ කතා ටිකයි මතක තිබ්බම ඔහේ හිතන්නෙ රට යන්න ටිකට් හම්බ උනා වගෙ දිවිය ලෝකෙ යයි කියල...

දයා:ඇත්තටම ඔය බිල කොම්පැනියෙන්ම ගෙවනවද??මම හිතන්නෙ අදත් කෝච්චිය පරක්කු ඇති නැත්නම් පුතය කඩේ ලඟට ඇවිත් තමා ඕනි මොනාද කියල අහන්නෙ...

සිරි:මේ කෝච්චි දැක්කම අපේ පරන කතා මතක් වෙනව...මතකද අපි ස්ටේශමෙදියි පාරෙදියි අඳුනන්නෑ වාගෙ ඇවිත් පෙට්ටියට ඇවිත් වටපිට බලල කතා කරන්න දුන්නු ගේම....

දයා:හපෝ ඔව් මම දැක්කම ඉස්සර ඇබලය වාගෙ එන හැටි මට මතකයි..දැන් වීරය වෙනව ඉස්සර මාව දැක්කත් වෙවුලනව...

සිරි:ඔව් ඉතින් ඔයා ඉස්සර පුදුම සැරයි නෙ...දැන් ඔය පෝයට පන්සලේ පදින්චි උනාට ඉස්සර මූන බලන්න බෑ නෙ රවනව ...

දයා:මොකද අද නිකන් කාලෙකින් හම්බු උනේ නැති කෙනෙක් වගෙ කතාව මොනාහරි දමාගෙන මයෙ හිතේ...

සිරි:අද අපේ සෙට් එකෙ උන් ඔක්කොම දවාලියෙන් ගිහින්...

දයා:"සෙට් එක" මහ පුදුම කතා..මේ දැන් මුනුබුරො ඉන්න සීය කෙනෙක් කියල මතකවත් නෑ නෙ...

සිරි:මේ කොම්පැනියෙ ගොඩක් කොල්ලො මට කියන්නෙ මිස්ටර් කියල..උන් ගොඩක් හොඳා..වැරැද්දක් උනත් සලකනව...මේ ටිකක් තලත්තෑනි උන් හිටිය කලින් එකට වඩා මේක හොඳා...කෙල්ලො උනත් හරි අනුකම්පයි//..එකෙක් මට කියන්නෙ ශ්‍රී බොසා කියල...උන්ගෙ වචන තමා මේ හිටපු ගමන් කියවෙන්නෙ//...මේ පෝන් එකෙන් මෙව්ව කිව්වට ගෙදර ආවම කොහෙද වෙලාවක් අර කොල්ලයි කෙල්ලගෙයි වදේ නෙව...

දයා:මේ ඔයා ඔය ලමයි එක්ක වැඩිය සින්හලෙන් කතා කරන්න එපා...අපේ දුවම මට කිව්ව තාත්ත මේ ලමයි ඉන්ග්ලිශ් වලින් ඉගන ගන්නව කියල පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ කියල....

සිරි:ඔයාට මතකද ඉස්සර අපි දුවත් එක්ක ඉන්ග්ලිශ් වලින් කතා කරනකොට එයා සින්හලෙන් උත්තර දෙනව...දැන් එයා ඉස්සර අපි හිටිය තැනට ඇවිත්..ඒත් ගොඩක් ඒ පොඩි එවුන් දෙන්න ඉගනගන්නම දක්කන එකෙ මම හිතුවෙ උන්ට විවේකයක් දෙන්න කියල....


හේතුවක් අවසානයක් නැතිවම නවත්තනව...බලන ඔයාලට වැදගත් වාගෙ නම් මට තව එකක් දෙකක් මේ වාගෙ දමන්න පුලුවනි...

4 comments: