Saturday, November 5, 2011

short films කෙටි චිත්‍රපට

කෙටි චිත්‍රපට කියන්නෙ මහ චිත්‍රපට වල පොඩි එක හෙම නෙමෙයි. කෙටි කාලයක් තුල කුඩා සිද්ධියක් හෝ සිද්ධි දාමයක් විස්තර කරන සිනමා හො වීඩියො පටයකට අපි කියනව කෙටි චිත්‍රපටියක් කියල..ලංකාව බෝම සන්නිවේදය අතින් සහ කැමරා භාවිතය අතින් දියුණු වෙලා ගොඩක් අය අතරය ස්මාට් ෆොන් යන කාලයක් උණාට ලංකාවෙ හැදෙන කෙටි චිත්‍රපට සහ වාර්ථාවැඩසටහන් හරිම අඩුයි..එක පැත්තකින් ලංකාව තියෙන තත්වය අනුව යූ ටියුබ් බලන්න බහුතරයට හැකිකමක් නැති නිසාද දන්නෙත් නෑ..කොහොම හරි මං අද ගෙනාවෙ ටිකක් අලුත් නැති කෙටි චිත්‍රපට කීපයක් කස්ටිය මීට කලින් මේව බලලත් ඇති සමාරවිට නොබලපු ඒවත් ඇති..

මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ බ්ලැක් හෝල් එකක් ගැන..සිනමාපටයක් අපිට අකුරුවලින් වචනවලින් විස්තර කරන්න පුලුවන් නම් ඒ ච්ත්‍රපටය හදන්න වෙන මාන්සිය අපරාදෙ..වෙනත් මාධ්‍යවලින් කියන්න බැරි සමාර දේවල් මේ කෙටි චිත්‍රපටියක විනාඩි දෙක තුනකින් දෙන්න පුලුවන් කම තියෙනව..

මීලග එක තමයි දුම්රිය එනතුරු යුද්ධය ගැන කාටත් අමතක උන සිද්ධියක් තමා මේක..මේ සිදුවීම ලමා සොල්දාදුවන්ට විතරක් නෙමෙ..මායිං ගම්මානවලහිටපු සිංහල ලමුන්ටත් අදාල වෙන්න ඇති..මොකද ඒ අයට ගෙන්යන්න වුනෙත් සරල සාමාන්‍ය ජීවිතයක් නෙමෙයි..

ද ටීත් කියලකීමට කිව්වට මේ කතාව දතක් ගැන නම් නෙමෙයි තරමක් සිනාජනක බවක් මේ පින්තූර මාලාව ඇතුලෙ තියෙනව මේක නම් වැඩි වෙලාවක් නෑ පොඩි වෙලාවයි ඒත් දිග කතාවක් තියෙනව..

මේ තුන්වන කතාව අලංකාර ප්‍රේම කතාවක් ලංකාවෙ බස්වල යන එන කාර්යාලයේ වැඩකරන නම් නොදන්නා කිසිදා නොගැටෙන මිනිසුන් ගැහුනුන් අතර අහම්බෙන් ප්‍රේමකතා ඇතිවෙනව..බොහොමයක් ඒව විවිධාකාර හේතු නිසා කිසිම හාවක් හූවක් නැතුව නවතිනව..එත්හදිසියෙන් එවැනි එකක් පලගැන්විලා ජීවිත ලස්සන වෙන වෙලාවලුත් තියෙනව..ෆිල්ම් එක ලංකාවෙ නොවුනට බෝම ලස්සන කතාවක්..

 මේක වත්මන් අමෙරිකානු සමාජයෙ මනුෂ්‍යන් තුල කැකෑරෙන හුදකලා බව පෙන්වන එක මානයක්.. මේ සිනමාපටය කුඩා එකක් උනාට මේ හරහා කියන කතාව ඉතා විශාලයි..මිනිසුන් වැරදි කරුවන් වෙන්නෙ සමාරවිට කවුරුත්ම නොදැන සමාරවිට කිසිසේත් නොදැන කරන වැරදි මිනිසුන් ගෙ ජීවිත ග්‍රහනයට ගන්න වෙලාවල් තියෙනවා..
මේ චිත්‍රපට ටික ඔක්කොම යූටියුබ් එක ඇතුලෙ යන ඒව..ඉතින් කෙනකුට මේක අස්සෙ රිංගල බලන්න අමාරුයි වගේ නම් අවුලක් නෑ කෙලින්ම යූටියුබ් එකෙන් බලත හැකි..මේ චිත්‍රපට හදල තියෙන අය විස්තර ටික ඔක්කොම යූටියුබ් එකේ තියෙනව..ගොඩක් ඒවයෙ මට මතක විදියට නාමාවලියක් යනව..

මං ඉතින් ආයෙත් මේව හදපු සමාර සුද්දන්ගෙනම් සිංහලෙන් ලියන්න ගිහිං දිව උරුක්කු කරගන්න ගියෙනෑ..කොෙහාම උනත් ටිකක් කැමරාවක් හරි වීඩියෝ කරන්න පුලුවන් මොබයිල් එකක් හරි තිෙයනවනම් ඉතා සුලුවට හරි සැබෑ සිද්ධියක් හෝ මෙවන් ච්ත්‍රපටයක් කරන්න උත්සාහ ගන්න එකෙත් මාරම ආතල් එකක්තියෙනව..මහා ලොකු කැමර් කොලටි නැතුවට ස්ටෝරිය වදිනව නම් ගොඩ..

7 comments:

  1. http://www.lankabloggers.info/ මේකට හැමෝගෙම බ්ලොග් ඉල්ලුම් කරන්න. අපි දෙන ලාංජනය දා නොගොත හොත් ඔබේ අඩවියේ. බ්ලොග් එක සිඩියට ඇතුල් නොකරන බවත් මකත තබා ගන්න.

    ReplyDelete
  2. Black Hole & Signs මම ආසම ෂෝට් ෆිල්ම් දෙකක්. අනික් ඒවා නම් අද බැලුවේ. තව හොයන්නෝනි මේ වගේ ෂෝට් ෆිල්ම්ස් යූ ටියුබ් එකේ.

    ReplyDelete
  3. Thanx.... if U have another short films please share with others...........

    ReplyDelete
  4. Signs nam patta... :) thx mchn

    ReplyDelete
  5. ලංකාවේත් ෂොට් ෆිල්ම් කියන ඒවා නහුතෙට හදනවද කොහෙද. මං පත්තර වල දැක්කා. පුළුවන්නම් ලංකාවේ හදපුවා ටිකක් දාන්න. මේවටත් තෑන්ක් ආ.....!!!

    ReplyDelete
  6. කලින් කමෙන්ට් කරාට දැනුයි බැලුවේ. මාරයි..ආ.....

    ReplyDelete