Saturday, January 14, 2012

බුදු සමය පහලට හෙලන ප්‍රචාර..

පහුගිය කාලයේ ඔඩෙල් නැමැති ආයතනය මගින් නිර්මිත බැනියමක දලදා මාලිගයේ පිංතූරයක් තිබීම මහා ගැටලුවක් විය. එය මහා පුදුමයක් ඇතිකරන කාරණාවකි. මේ සිරිලක දළදා මාලිගා බොහෝ ඇත. ඉපැරණි රජ දවස බොහෝ ස්ථානයන් වල දලදා හිමියන් වැඩවාසය කොට ඇත. ඒ දලදා මාලිගා යනු භෞතික වස්තුවකි. ඒ අනුව පොලොන්නරුව අනුරාදපුරය දොගල්දොරුව සහ එකී මෙකී නොකී තැන්වල දලදාව සිටි බැවින් එවැන් තැන්වල පිංතූර යොදැගැන්ම වැරදිය. අර බ්ලොග් එකක කියා තිබුනා සේ රුපියල් දෙසීය කොලේ දලදා මාලිගාව මුද්‍රනය වී එය ඩෙනිම් සාක්කුවේ පස්සට යට වී තිබුන එක කාටවත් කරදරයක් වූ යේ නැත. නමුත් ටී ෂර්ට් එකක එය තිබීම ගැටලුවකි. එවන් කාරණා සම්බන්ධ ගැටලු එනවිට ඒවා විසඳන්නට මහා මාධ්‍ය සංදර්ශනයන්ද වෙයි. වරදක් උණානම් හිමිහිට ඒ කමිස ටික ඉවත්කර තවත් එවන් දේ නොවෙන ලෙස වගබලාගන්නවා වෙනුවට තවත් ලෝකෙට අඬබෙර ගසා ලොවෙත් නැති කුමන්ත්‍රන ගාවාගෙන අපිට නාට්ටි පෙන්නන්නේ සිංහල බොදු අය බහුතරය ළමා පැනඩෝල් පැණිය බොන වයසේ බබාලා ලෙස සිටිනා නිසාදැයි නොදනිමු.
ක්‍රිස්තුස් වහන්සේ ගේ රුව ඇතුලත් කමිසයක්.
 මේ ආශ්‍රිතව පැනනැගී මට ඇසුන කටකතාවක් මෙසේය. එකල දලදා වහන්සේ ලංකාවට වඩම්මනවිට ඒ දළදා වහන්සේ හේමමාලා කුමරියගේ හිස මත අලංකාරව බැබලි බැබලී ගෙන ආ ආකාරය සෝලියස් මෙන්දිස් මහතාගේ මනසේ ඇඳුන ඡායාරුපය අනුව කැළණි විහාරයේ සිතුවම් වී ඇත. ඒ කටකතාවේ එන ආකාරයට අනාරක්ෂිත ලෙස කෙස් අස්සේ දළදාව සඟවාගෙන එන්නට හේතු වී ඇත්තේ දන්ත කුමාරයාෙග් වනචර හිතයි. කලින් දළදා වහන්සේ හේමමාලා කුමරියගේ තන් දෙක අතර සුරැකිව කිසිවෙකුටත් නොපෙනන පරිදි සඟවාගෙන තබාගෙන ලංකාවට ඒමට පිටත්ව අැත.එසේ කර ඇත්තේ වඩා ආරක්ෂාව ලබා ගැන්මටය. දැන් මෙන් නොව එකල ගැහැනු වටිනා කියන දෑ සඟවාගන්නේ තන් දෙක අතර පිහිටි විශේෂ අවකාශයක වේ.ඒ තැන්හි තැබීම වැඩි ආරක්ෂාවට හේතු වන බව ඔවුන් සිතන්නට ඇත. නමුත් වනචර දන්ත කුමාරයා අර දන්ත ධාතුන් වහන්සේ තිබේදැයි බැලීමට නිතරම හේමමාලා කුමරියගේ හැට්ටය අස්ෙස් අතදාන්නටත් එයින් නොනැවතී විවිධ ආකාරයේ දේවල් කරගන්නටත් ගොස් ඇත. එවිට කිපුන හේමමාලා කුමරිය මේ මොන කෝලමක්දැයි කියා කොන්ඩ කට්ටක ආරක්සිත කොපුවක් සාදා " හුම් දැන් ඉතින් ඕනි හැටියෙ බලාගන්න එකැයි ඇත්තේ යැයි කියා හිෙස් ගසාගෙන ඇත්තේ දන්ත කුමාරයාගේ නොරිස්සුම් මුහුන යටතේදීය." ඒ අවස්ථාවේ හොඳින් ඇසගසාගෙන සිටි දන් ත කුමාරයා හේමමාලා කුමරියගේ හිස මඳක් ගැස්සී දන්ත ධාතුන් වහන්සේ ගැස්සෙන විට " කෝ ඉතින් අපිනෙ වැරදි කාරයො..තව පොඩ්ඩෙන් දන්ත ධාතුව බිම..කලින් තැන තිබුනනම් මං ඔය ඉඳල හිටල තියෙනවද කිය බලනව විතරනේ" යැයි මැසිවිලි කියා ඇත..කෙසේ හෝ එකල දන්ත ධාතුන් වහන්සේ ලංකාවට සුරක්ෂිතව වැඩමවී අද දක්වා පැවතීම අපේ රටෙ තිබු බුද්දාගමට ඇති ගරුත්වය විදහා පායි..
මෙවන් කතාන්දර තුලින් බුද්ධාගමට අවැඩක් වනු නොඅනුමානය. මේවා වැලැක්විය යුතුය. නමුත් මේවා වැලැක්විය යුත්තේ ගහ බැන අඬගහගෙන නොවේ..සාමයෙනි.

8 comments:

  1. අනේ මන්දා ඔව්ව ගැන නම් ............

    ReplyDelete
    Replies
    1. ඔබ මේ අපහාස කර ඇත්තේ බෞද්ද ඉතිහාසයට නේද????

      Delete
    2. ප්‍රාණඝාතයක් පවක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුයි. පණ තිබීම, එය දැන සිටීම, පණ නැසීමට හිතක් ඇති වීම, එය සැලසුම් කරිරීම, මරණය සිදු කීරීම ආදී වශයෙන්.

      අපහාසයක් වීමටත් අපහාස කරන හිතක් ඇති කරගෙන, එය සැළසුම්කර ක්‍රියාත්මක කළ යුතුයි.

      අපහාස කරන්නට හිතක් නැත්නම් සිදුවෙන අපහාසයක් නැත.

      Delete
  2. අදහසක් නොදක්වමි උපේක්ෂාවෙන් බලා හිදිමි

    ReplyDelete
  3. ගැමියාගේ පිළිවෙතම මටත් හොඳයි

    ReplyDelete
  4. බුද්ධාගමටත් අයිති කාරයෝ ඉන්නවා. උන් තමයි ඔය කුපිත වෙන්නේ.
    සෙකුරිටි ගාඩ් කෙනෙකුත් ඉන්නවා නේද විෂ්ණු කියලා.

    ReplyDelete
  5. බොදු ඉතිහාසය නෙමෙයි මෙය ලංකා ඉතිහාසයට අයිති කතාවක්..

    මේ ළඟදි ශේෂ්ඨාධිකරණ විනිසුරු වරාවැව මහත්තය නඩු තීන්දුවක් දෙන්න කලින් තියෙන දේශනයේදී බුදු දහම ගැන කරුණු ටිකක් සඳහන් කරල තිබුණ..බුදු දහම අනුව අයස යස ගැන සලකන්නෙ නැතුව නඩු තීන්දු දිය යුතුයි කියන අදහස එතුම කියලතිබුන..
    ඒත් ඒ ඔක්කොම බණ ටික අහවර වෙලා අර චූදිතයින්ට මරණ දඬුවම නියම කලා..කෙනෙක් හිතන්න පුලුවන් බණ කිව්වට වැඩැක්යැ..මරණ දඬුවමක් නේ දුන්නෙ කියල..ඒකත් හරි..
    තව කෙනෙක් හිතන්න පුලුවන් මරණ දඬුවම දුන්නට ක්‍රියාත්මක වෙනවයැ..ඒ නිසා ඔන්න ඔහෙ නිකම් දෙන්න ඇති කියල..ඒකත් හරි...
    තව කෙනෙක් හිතන්න පුලුවං.කොසොල් රජතුමාත් බොදු වෙලා මරණ දඬුවම් දෙන්න ඇති..මේ මහත්තය කලාම මොකද කියල...ඒකත් හරි..
    එක ප්‍රශ්ණයට උත්තර ගොඩක් තියෙන් පුලුවං අපේ ආගම අනුව...ඔක්කොම දේවලට එකම විසඳුමක් තියෙන්නෙ එක දෙවියෙක් ඉන්න ආගම්වල...

    ReplyDelete
  6. දළදා මාළිගාව ටී ෂර්ට් එකක ප්‍රින්ට් කළ එක වැරදි නම් දළදා කරඬුව ප්‍රින්ට් කරන එකත් වැරදියිනෙ....
    මාළිගාවේ ෆොටෝ තියන ටී ෂර්ට් එකක් මිළදී ගන්න පුළුවන් ඉන්ටර්නෙට් සයිට් තියනවා බොහොමයක්...

    ReplyDelete