Sunday, March 11, 2012

ආගිය කතා තුන හතරක්.

.අපි මේ ලගක ඉඳල බෝඩිමෙ උයන්න ගත්ත. ඉගෙනගන්න කාලෙ නේවාසිකාගාරයෙ ඉව්වට පස්සෙ තමා ආයෙ පිලිවලකට උයන්න ගත්තෙ. හොස්ටල් එකෙ උයනකොට එක එක වැඩය එක එක පුද්ගලයාට හෝ දෙදෙනෙකුට බාර දීලයි තිබුනෙ නමුත් දැන් එහෙම බෑ ඉන්නෙ හතර පස් දෙනා නිසා හැමෝටම වැඩ දෙක තුනක් ලැබෙනවා. නේවාසිකාගාරයෙ ඉන්නොකට අපි එක එක වැඩට කස්ටිය පත්කරනවා. පොල් ගෑම, පොල් මිරිකීම, හට්ටි හේදීම. කෑම බෙදීම, එලවලු කැපීම. උයන තැන පිරිසිදු කිරීම. බඩු ගෙනඒම ආදි ගොඩක් දේවලට කස්ටිය පත්කරල තිබුන මොකද ඒ කාලෙ එක බත් වේලක් කන්න සාමාන්‍යන් දොලහක් දහතුනක් විතර සෙට්වෙන නිසා. සාමාන්‍යන් අපේ ෆීල්ඩ් එකේ වැරැද්ද මන්ද උයන්න ගියෑම පන්ඩිත සේකරල වැඩියි. ඒ නිසා සාමාන්‍යන් තුනපහ දැමීම, ලුනු දැමීම ලිප බැලීම කරන්න දෙන්නෙක් ඉන්නව හැමදාම හරියට ජේෂ්ඨ ඇමතිවරු වගේ.
අපේ බත් මුට්ටිය.
  ඉතින් ඔන්න දවසක් ඉන්නව පොරක් අපි දාමු අසෝකා කියල. අසෝකා කියල නම වැටුනෙ අපේ රැග් සීසන් එකේදි ඌ ගෑනු ලමයෙක් විදියට ලමයෙක් වඩාගත් මෝහිනීට රගපාපු නිසා. ඒක ගොඩක් හොඳට ඇට් කලා හැබැයි. මූ ජේෂ්ඨ උත්තමාවියො" ආ දැන් ලමය බිමින් තියපන්" කියනකොට ඩොග් ගාල අතේ තියන් හිටපු ලමය වගේ ලී කෑල්ල අතඇරිය. ඒකට හොඳ දඩුවම් ටිකකුත් හමු උනා මේ අසෝකාට. ඉතින් මේ මහ තැන් දෙක උයනව හොඳට බලං ඉන්නව මේ අසෝකා. අසෝකා බාරවෙලා තිබුනෙ බාජන හෝදන වැඩේට. පොරට කවදාවත් උයන්න දෙන්නෙ නෑ. ඉතින් කෝමින් හරි දවසක් මූ අඩන නිසා සහ උයන්න හිටපු එකෙක්ට මලක් කඩන්න කෝල් එකක් ආපු නිසා ඕන් අසෝක ලෑස්ති උනා උයන්න. එදා අල සම්බෝල හදන දවසක්. සාමාන්‍යන් මුං කරන්නෙ අල ටික මික්ස් කරනවා මිරිස් සහ අනෙක් ලූනු සමග..මේ වැඩේට ගන්නෙ සුද්ද කරන ලද තම්බපු අල. ඉතින් තම්බපු අල මිරිස් ලුනු ලූනු එක්ක හොඳින් මික්ස් කරනකොට අතේ ගැවෙනව නේ. සාමාන්‍යන් ඒ අතේ ගෑවෙන ටිකත් අත හොඳින් හෝදල තිබුනොත් අත පොඩිය්ක හෝදල දානව. මේක ටෙක්නිකලි වැරදියි. මොකද මේ අල ලූනු මිරිස් මික්සර් එක දාන්න ඉස්සර තාච්චියෙ තෙලුත් තියෙනවා. කෝමහරි ඉතින් තැම්බෙන්න ඕනි නිසා ඒන් දානව වතුර සුට්ටක් අර අල කරියට තෙලුත් එක්කම..
             ඒ විදියට සුට්ටක් අතේ ගෑවෙන අල ටිකෙ හෝදල දානව දැකල අපේ අසෝකා. ඉන් පස්සෙ අර අසෝකා ඉව්ව දවසෙ අල කරියෙ වතුර වැඩියිලු. චෝරුව වගේ මොලෝ රහක් නැති ලුක් එක්ක සහ ටේස්ට් එකක් තිබෙනවලු අල කරියෙ. බලනකොට වෙල තියෙන්නෙ කලින් කස්ටිය අත යන්තම් හෝදල කරියට දානව දැකපු අසෝක හොඳ ලොකු වතුර එකකින් අත හොඳට හෝදල අල කරියට දාල. වැඩේ කියන්නෙ මුගෙ අතේ අල ගෑවිලවත් මුකුත් තිබිලවත් නෑ. අර විදියට අතහෝදල ඒකට දාන එක ටෙක්නික් එකක් කියල මූ අල කරියට අත හෝදල වතුර දාල.
        මේ ලගදි උයන්න ගත්තට මොකද අපේ යාලුවෙක් හැමදාම කම්පෙලෙන් කරනව අපි ගේන පොල් විසාල වැඩියි කියල. මූට කිරි ටිකක් මිරිකල සෙට් කරපන් කිව්හම මූ කරන්නෙ පොල් සුට්ටකට වතුර ගොඩාරියක් දාල හාල් මනාවයි හොදි ගංගාවයි වගේ ලොකු හොද්දක් හදනවා. ඉතින් අපි ප්‍රශ්ණ කරාම මොකෝ මචෝ මෙච්චර කිරි. නාන්නද කියල??මිනිහ කියනවා කොහෙද බොලා පොල් ගේනකොට හරියට ලොකු ඒවමනේ ගෙන්නෙ. ඒක නිසා කිරි වැඩියි කියල. දවසක් ඉතින් මූ ජිම් එකට ගිහින් එන්න කලිං අපි පොල් ටික මිරිකල සෙට් කරගත්ත. මොකද කිරි මිරිකන අතර කඩාපහත් උනොත් ආ ඔය වතුර මදි කියල වතුර දාන්න අවධානමක් තියෙන නිසා. මේන් මු ආපු හැටියෙ..මේ පොල් මිරිකන්නද තියෙන්නෙ කියල ඇහුව. අපි කිව්ව නෑ මචං මේ තියෙන්නෙ පොල් සම්බෝලයට කියල සේප් කලා. ඒත් ඉතින් පුත්‍රය ලේසියෙන් හදන්න බෑ. පොල් සම්බලට මේ තරම් පොල් ඕනි නෑ. කියල පොල් ටිකක් අරන් අර වගේ වතුර ගංගාවක් හදල අයියෝ මේ පරිප්පුව තාම ඇට තව තැම්බෙන්න ඕනි කියල පරිප්පු එකට කිරි වක්කලා, ආයෙත් මිරිකල..මේ වගේ දේවල් කියල හදන්නත් බෑ පොරට. ඒනිසා අපි මිනිහ එන්න කලිං කිරි දාන එලෝලුව බාන්න තමා පුල් ට්‍රයි එක..
     එක යාලුවෙක් කලිං හිටපු කම්පැනි එකෙන් අයින් වුනා හදිස්සියෙ. මූ බෝඩිමට ඇවිත් තනියම හිනා වෙනවා. අපි හිතුව මලක් වත් සෙට් වෙලාද දන්නෙ නෑ මේතරම් හිනාව කියල. නැ වෙලා තියෙන්නෙ අයි ටී කේස් එකක්. මිනිහ කලිං කම්පැනියෙ ඉද්දි පාවිච්ච් කරපු කම්පියුරෙට පොර පාස්වර්ඩ් දාල තිබිල තියෙන්නෙ. කොහොම හරි මිස්ටේක් එකක් වෙලා මූට ඒක මාරු කරන්න මතක නැති වෙලා. ඉතින් බොස් අහනවලු පාස් වර්ඩ් එක. මූ කියනවලු නෑ සර් මං අද හැන්දෑවට ඇවිත් මැෂින් එක අන්ලොක් කලොත් මදිද කියල. පස්සෙ බොස් කියනවලු නෑ..සාලින්ද ඔයා එන්න ඕනි නෑ පාස් වර්ඩ් එක කියන්න මං ලොග් වෙන්නම්..ඉතින් මූ හිමීට කියනවා ඒ එන් ඊඅන්ඩස්කෝ එච් යු කේ ඊ ......අයියෝ සාලින්ද ඔයා ගහල තියෙන වචනෙ කියන්න මේ ලෙටර්ස් කියන්නෙ නැතුව. දැන් බොස් ලෙඩේ දානව හෝ ගාල..සාලින්ද තක්බීර් වෙලා. සාලින්දගෙ ඔෆිස් කම්පියුටර් එකේ පාස් වර්ඩ් එක වෙලා තියෙන්නෙ (ane_huke_tannane) "අනේ හුකේ ටන්නානේ" කියන එක. ඉතින් පස්සෙ බොස් ෂේප් කරගෙන හදිස්සියෙ මතක හිටින සහ දිග පාස්වර්ඩ් එකක් දාගන්න ඕනි නිසා මේක දැම්ම කියල සර්ට කියල සේප් වෙලා.
අදට සෝ එක ඉවරයි ඈ..

12 comments:

  1. ane_huke_tannane!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  2. ඔය වගේ එවා ඇක්සෙප්ට් කොරන්නෙ නැති වෙන්න වැඩසටහන් ලියන්න බැරිය

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන් නෑ කෝමද කියල

      Delete
  3. ඇඬෙනවා හික් හික් පට්ට පාස්වර්ඩ් එක....ඒත් ඉතිං අයි ටී බොස්ට පාස්වර්ඩ් එක ක්‍රැක් කරන්න බෑ කිව්වම පුදුමත් හිතෙනවා ගූගල් සර්ච් කලාම කොයිතරම් නම් ක්‍රම කියලා දෙනවද අප්පා

    ReplyDelete
  4. අල සම්බෝල කියල, කියල තියෙන්නෙ අල බැදුමට නේද හිකිz

    ReplyDelete
    Replies
    1. හුම් ඒකට තමයි..ඉස්සර මං උයපු දාට ඒක අල පිච්චුමක් විදියට ගන්නත් පුලුවං..තෙල් දාල ගින්දර වැඩි කරල මූඩිය ඇරල අඩිය අල්ලනකල් කාල් ගානව අල ටික..

      Delete
  5. අල සම්බෝල ඇහුවාමයි. :D

    ReplyDelete
    Replies
    1. එහෙමද හරි සෝක් කෑමක්...ඒත් මේ විදියට වතුර දානව කියල මම ඇහුවමයි..

      Delete
  6. කපීකේකිMarch 12, 2012 at 7:30 AM

    යකෝ කොළඹ එංගලන්තෙන් ගොඩ බැහැල වගේනේ.අවුරුදු 25 - 27 විතර වෙන කොල්ලෙකුට බතක් උයලා සම්බෝලයක් හදාගන්න බැරිද හරියකට.ගම් වල හැදිච්ච කොල්ලො නේද? ලොල් :)

    ReplyDelete
    Replies
    1. ගමේ හැදුන වෙන් ඇති ඒත් ගමේ කුස්සියෙ හැදුනෙ නෑනෙ...කුස්සියෙ හැදෙන දෙයක් බඩට දාගන්නව මිසෙක...

      Delete
  7. really funny story.hiks

    ReplyDelete