Friday, March 2, 2012

මල් පාපිස්ස (the carpet with flowers)

තිලක් පැමිණියේ භාවනා කරන්නටයි. තිලක් ගේ ගෑනු ලමයා වූ කුසුම් අකමැති වූයේ තිලක්ට නොව තිලක්ට නොමැති සහ ඇතිකර ගැන්මට වත්කම නොමැති වස්තුවටයි. කාලයාගේ ඇවෑමෙන් මල් පීදි ඵල හටගන්නා ආදරයක මතක සටහන් තිලක් හට දුරස් විය. සැලකිය යුතු රැකියාවක් සොයාගත නොහැකිවීම. කුල මල නොගැලපීම ආදි ගැටලු කීපයක් මත කුසුම් ගේ මව්පියන් තිලක්ට අකමැති විය. කුසුම් ද මවුපියන් ගේ අකමැතිය තවත් මහත් කොට තිලක් ට කියා නැවතීමේ තිත තියන්නට අවකාශ වෙන් කරගත්තේය. තිලක්දැන් සිතන පරිදි කුසුම් නිවැරදිය. නමුත් එකල ආලයෙ නාඳුනන සැතිරියක් ලෙස තමුන් ඇය ගැන සිතු බැව් දැන්ද ඉඳහිට තිලක්ගේ මතකයට එයි.
සාරද හිමි ගේ ආස්‍රමය තිලක්ට ගෙන ආවේ සිතට නිවනකි. ආස්‍රමයට එදා තමුන් රැගෙන ගිය යාලුවන් දැන් හමු වන්නේ ඉඳ හිටය. නමුත් කාලයක් තිස්සේ පුහුනු පුරුදු කරන ලද භාවනා කටයුතු ආදිය මනා කොට නිමකරනු වස් තිලක් ගේ විවේක කාලය බොහෝ සෙයින් මිඩංගු කලේ මේ භාවනා මධ්‍යස්ථානය සහ ආස්‍රමය වෙතයි. සාරද හිමි බොහෝ උසස් ගතිගුණ පිරුණ කෙනෙකි. ඔහු තිලක්ට මේදේ කරන්ට මේදේ නොකරන්ට දැන් දුක් නොවන්න යැයි උපදෙස් දෙන්නට ගියේ නැත. සිත් තැවුලෙන් ආ තිලක්ට ආස්‍රමයෙ සිටි වෙනත් පැවිදි වීමට නියමිත අය සමග සිටින ලෙසත්. ධර්ම පොත්පත් කියවන ලෙසත් උපදෙස් ලැබුනි. ඒ සමගම යම් කිසි අයුරකින් මේ ඇති ධාර්මිය සිත බිඳී ගිහි දිවියට දොරටු හැර ගන්න සිතුනොත් කියා රැකියාව හැරදමා ආශ්‍රමයේ නතර වීමේ තීරණයට සාරද හිමි දැඩි ලෙස විරුද්ධ විය. ඔය ඇත්ත දැන් මේ භාවනා සිල් දානමාන කලාට එක කෂණයකින් ඔය ඇත්තගෙ සිත වෙනස් වෙලා ගිහින් වෙන තැනක නතර වෙන්න පුලුවනි. අනෙක ඔබට දැන් ලැබී ඇති රජයෙ රැකියාව එතරම් අමාරු කෙලෙස් උපදවන වෙහෙසකර එකක් නොවෙයි. එ නිසා මම නම් කැමති තිලක් මහත්මය රැකියාව කරන අතර ඉඩ ලැබුන පරිදි මේ අපේ වැඩසටහන් පොත පත සමග එකතුවෙනව නම් තමයි..
මේ වැඩකටයුතු ලේසි වීම පිණිස තිලක් විසින් ෆ්ලැට් එකක කාමර දෙකකුත් උයා ගන්ට පුංචි ඉඩකුත් ඇති තට්ටු නිවාස කාමරයක් කුලියට ගන්නා ලදී. වියදම මඳක් සැර උවත් ඒ ජීවිතය කිසිවෙකුට හිරිහැර නොවන කිසිවෙක් සමග නොගැටෙන එකක්වූ බැවින් තිලක් ඒට මනාප විය. 

ඔය අතර මේ මහල් නිවාසයේම ඉහල නිවාසයෙ සිටින දේවිකා නැමැති උපාසිකා මාතාවක්ද තිලක් යනෙන සාදර හිමි ගේ ආස්‍රමයට යයි. තිලක් මේ පැමිනෙන්නට ප්‍රථමත් මේ දේවිකා නැමැති කත ආස්‍රමයට යෑම සිදු කරනු තිලක් දැක තිබේ. එතරම් කතා බහක් ඇගේ නැත. එහෙත් ඇය සමග කිසිවෙකුත් කතා කරන්නට යන්නේද නැත. ඇය එක්තරා සුපිරි පැලැන්තියක ගණිකාවක් බවත්. සාරද හිමි ඇයට බොහෝ සෙයින් අනුකම්පා කොට ඇගේ මුදල්ද ගෙන මේ ආස්‍රමය දියුනු කිරීමට දරන වැර වෑයමට බොහෝ දෙනෙක් විරුද්ද බවත් තිලක්ගේ සවන වැකුනේ එය බොහෝ දෙනා කතාකරන සාරද හිමිගේ අනුකම්පාව වැඩි අවස්තාවක් ලෙස දැක්වෙන හෙයිනි.
තමුනේෙග්ම තට්ටු නිවසේ තමුන්ගේ කාමරයට ඉහල මහලේ සිටින නිසාත් බිත්ති උස එතරම් නොමැති නිසාත් තිලක්ගේ කාමර දෙක අවසන පිටට නෙරා යන්නට පිහිටි කුඩා ආලින්ද කැබැල්ලට පැමිණි විට සමහර විට දේවිකා අක්කාගේ රේඩියෝවේ ශබ්ධය ඇසේ..ඇය මේ තට්ටු නිවාසයේ වෙසෙනවාට කිසිවෙකු එතරම් කැමැත්තක් නැත. එක් එක් ජාතියේ කාර් වල ඇය සවසට නැග යනු තිලක් දැක තිබේ. එකවර සමහර විට දින දෙක තුනක් දේවිකා අක්කා නැතිව සිටී. දේවිකා අක්කා මිනිසුන් එසේ කියන තරම්ම නරක නැති පිවිතුරු කෙනෙක් ලෙස සිතන්නට තිලක් විසින් කිහිප විටක්ම උත්සාහ කරන ලදී. නමුත් යම් තාක් සුලුවට හෝ දැමුන සිත් ඇති තිලක්ටත් දේවිකා අක්කා කාර් රියවල නැගී පෙම් කෙලිමින් යනු දුටුවිට අර කී ඇය ගැන වන සුමුදු සිතුවිලි නැති වී ඇය වෛශ්‍යාවක්මය. ඇගේ ගති නම හැරිය නොහැකිය යන සිතුවිල්ල පැන නගී.
දිනක් තමුන් සමග එකට ඉගනගත් මිතුරෙක් ඇය මේ නිවසට යනවා දැක.ඇය ගිය පසු...
.ආ මේ ඉන්නෙ අපේ උපාසක මහත්තයට හොඳ දාර බඩුවක්..යැයි සිනා සී..රහසින් මෙන්..මොකෝ වාසියක් හෙම නැතෙයි?/ යැයි ඇසීය. ඒ ප්‍රශ්ණයට අනේ බන් මං ඒවට නෑ..ඒ ගෑනු කෙනා එයාගෙ පාඩුවෙ ඉන්නව..මහ රෑ දොගොඩ හරියෙ ඇවිල්ල මොහෙකින් හරි බහිනව..දවල් වෙනකල් නින්ද..ඉන්පස්සෙ නැගිටල ඕං සින්දු අහනව..බණ පිරිත් අහන වෙලාවලුත් තියෙනව..
ම්ම්....ඔය විස්තර ටික හොයාගෙන තියෙන්නෙ..ටිකක් උත්සාහ කලොත් නිකම්ම සිල් රකින එකේ කික් එකක් ගත හැකි වෙයි..
ඒ වචන වලට ආඩපාලි කීම තමාටත් යාලුවාටත් වැඩක් නොවන බැවින් තිලක් මුවින් නොබැන සිටියේය...එහෙත් තිලක්ගේ සංසුන් සිත චංචල කිරීමට ඒ යාලුවාගේ වදන් හේතුවිය..


දිනක් තද සුලඟකි. තිලක් එලියේ ඇති ඉස්තෝප්පුව වැනි මහල් නිවාසවල සාමාන්‍යන් රෙදි වනන මල් පැල හිටවන අවකාශයටවී හොඳ දහම් පොතක් බලමින් සිටී.මෙ සුලං අල්ලන්නේ වැසි පහත් වන්නට යැයි තිලක් සිතා. ඔහුගේ ඇඳුම් වහා ඇතුලට ගත්තේ තෙමුනොත් යලිත් වේලන්නට වන දුක සිහි වීමෙනි.ඒ අතර එවිට ගෙදර නැතිවූ තිලක්ගේ අමාරුවෙන් නිසල කරගන්නා සිත මොහොතින් චංචල කරවන දේවිකා අක්කාගේ ඇඳුම් වගයක් ඔහු සිටින තැනට ඉහල මහලේ වැලත් සමඟම සුලඟට වැනෙනු දිටීය..
ස්වල්ප වේලාවක් ගත විය සුලං කැරකෙන්නට විය. මහත් ඕනෑකමින් භක්තියෙන් තිලක් කියවමින් සිටි දහම් පොත මතට සරාස් යන ශබ්ධයෙන් දේවිකා අක්කාගේ ඉහල මහලේ වනා තිබූ යට ඇඳුමක් වැටුනි..ඒ සමග වැලේ වූ තවත් යට ඇඳුමක් සහ තන පටයක් තිලක් පොත බලමින් සිටි තැනට මඳක් ඈතින් වැටුනි. වහා කලබල වුන තිලක් සැනින් අර පොත මතට වැටුන දේවිකා අක්කාගේ සේදූ යට ඇඳුම ඉවත් කලේ ඇඟිලි දෙකකින් අල්වමිනි. ඉක්මනින් පොත ගේ තුල වූ කුඩා මේසයක් මත තැබූ තිලක් යලිත් පැමිණ දේවිකා අක්කාගේ ඉතිරි ඇඳුම් කැබලි දෙක අල්ලා ඇතුලට ගත්තේය. මේ අවස්ථාවේ උඩ බැලු ඔහුට අනෙක් ඇඳුම් අක්කාගේ ආලින්ද කොටස මත පතිත වී ඇති බව සිතෙන්නට විය. 
දේවිකා අක්කාගේ යට ඇඳුම ලක්ෂණ එකකි. අලංකාර මල් වැලකි.ඒ මත තවත් ලියකම් ගොඩකි. එය අලුත් එකක් බවද තිලක් දුටුවේය. එහෙත් සුවල්ප කාලයක් භාවිත කොට ඇති බවක් දිටීය. එහි ඉලාස්ටික් පටි ඇද කුඩා පූසකුට හමු වූ සෙල්ලම් බඩුවක් මෙන් දේවිකා අක්කාගේ යට ඇඳුම තිලක් විසින් දැන් නරඹයි. තිලක් මෙය තමුන් විසින්කරන මහත් පහත් දෙයක් ලෙස වටහාගන්නා විට තවත් විනාඩි දෙක තුනක්  දේවිකා අක්කාගේ යට කට්ටල නරඹා අවසන්ය. ඉන්පසු තිලක්ට මතක් වූයේ මේවා සාමාන්‍ය කෙනෙකු විසින් ගලවනවා අඳිනවාට වඩා වැඩි වාර ගානක් ගැලවෙන්නට අඳින්නට සිදුවන්නට ඇති බවකි.
හුස්ම ගන්නාවිට ඒ හුස්ම වදින තැන් කල්පනා කරමින් ආනාපාන සති භාවනා වඩන තිලක් මේ සිතන්නේ වැරැදි දෙයක් බව තිලක්ට වැටහුනි. තවත් ඒ ගැන කල්පනා කරන තිලක්ට. නිකම් ගෙදරක යට ඇඳුම් දකින්නේ ගෙදර සිටිය කිහිප දෙනෙක් පමණි. නමුත මේවා තිලක් හැර පිරිමින් කීයක් දැක ඇතිද??ධර්ම කරුණු ගැන දිගින් දිගට සිතා සිත පහන් කිරීමට පුරුදු කරන ලද තිලක්ගේ තර්ක බුද්ධිය යොමුවුයේ වෙනත් කාරණාවකටය. නමුත් සිතුවිලි එකවර නතර කල නොහැකිබව අත්දැකීමෙන් දත් තිලක් මේ ගැන සිතා ආහ්ලාදයක ලබා පසුව ධර්ම පොත් කියවා ඒ ආශ්වාදය සමනය කරගත හැකි බව සිතන්නට විය.ඒ අතර තිලක්ගේ බෝඩිමට පැමිණි යාලුවා.."කෝ තාම මුකුත් කරගන් බැලුවෙ නැද්ද" යන සිතුවිල්ල සිය පරාජිත බව ඉස්මතු කරන දෙයක් බවද තනියම සුලං සමග පොරබදන වැස්සේ දහම් පොතක් දෙස බලා සිතින් දේවිකා වටේ කරක් ගසන තිලක්ගේ සිත තුල ජනිත විය.

 දේවිකා කලුය. නමුත් ඇයට ඇත්තේ දැකුම් කලු ශරීරයකි. ඇය එතරම් තදබල ලෙස මහත නැත. යම්තාක් දුරකට ස්ථුල ස්වභාව ගනී. නමුත් ඇගේ ගමන සමග ගෙනෙන ලාලිත්‍යයට මඳක් ස්ථූල ශරීරය දෙන්නේ මනා පිටිවහලකි. ඇය තරමක් තද කලිසමක් ඇඳ ලස්සන ටී ෂර්ට් එකකින් සැරසී ගෙන කාර් රථයට නගින අවස්ථාවේ ඇය ගැන නොදන්නා අය ඈ ගැන ඉරිසියා කරන තරමට දේවිකාගේ ශරීර ස්වබාවය අලංකාරය. කාලය විසින් පුහුනු කරන ලද අලංකාර වාග් විලාශයක් සහ ගමන් රටාවක්ද දේවිකාට හිමිය. ගණිකා වෘත්තිය යනු එක්තරා යන්ත්‍රයකින් සපයන සේවාවක් නම් පාරිබෝගිකයා යම්තම් තෘප්ත වීමෙන් එහාට ගොස් ඒ පාරිබෝගිකයා අමන්දානන්නදයට පත්කරවිය හැකි ලක්ෂණ අමතර කොටස් සහ නවීන උපාංග ඒ දේවිකා නම් වූ ශරීර යන්ත්‍රය සතු වන බව තිලක් සිතන්නට විය.

පැයක් දෙකක් ගිය තැන වැස්ස තුරල් වන්නට විය. ස්වල්ප වෙලාවකින් දේවිකා අක්කා ජනප්‍රිය රේඩියෝ නාලිකාවක ලාංජනය සහිත වාහනයකින් බැස එන්නට විය. එවිට පත්තර පිටුවක ඔතා තවත් සොපින් කවරයක් තුල බහා තබන ලද ඇගේ යට ඇඳුම් කීපය දෙන්නට තිලක් සැරසුනි. නමුත් තිලක්ගේ සිතේ ඇය ගැන නොයෙකුත් අදහස් රාශියක් තිබෙන නිසා තිලක්ටඒ යට ඇඳුම් දෙක ඇයට දෙන්නට ගිය අදහස ආපසු ගන්නට විය. තිලක්ගේ සිත චංචලය. දේවිකා අක්කා තමා යට ඇඳුම් සොරකු බව සිතනු ඇත්ද? තමා මේ වැනි ආකාරයේ පාර්සල් දෙනු වෙනත් මහල් නිවැසියෙකු දුටුවොත් තමුන් සිල් ගන්න ආස්‍රමයට යන අතර මෙවන් ස්ත්‍රින් ආස්‍රය කරනු ඇතැයි සිතනු ඇතිද? අාදි දහසකුත් එකක් සිතුවිලි අතර තිලක් අතරමං විය. එනම් තීරණය ප්‍රමාද විය.
පැයක් දෙකක් ගතවිය දැන් රෑ දහයට පමණ වන්නට ඇත. වාහනයක් දඩාස් හඬින් නතර විය. එක් පුද්ගලයෙක් මහත් කලබලයෙන් තරප්පුව නගින්නට විය. එවිට ඇදේ සිට දේවිකා අක්කාගේ  ලස්සන මනසින් සොයමින් සිටි තිලක්ට මේ ශබ්ධය දේවිකා අක්කාගේ ඇනේක්සිය අසලින් නතරවෙනුද ඉන්පසු ඒ දොරට යහමින් තට්ටු කරනුද ඇසුනි. ඉන්පසු ඔවුන් දොර වසා ගන්නා ලදී. නමුත් ඒ දොර වසා දැමූ සද්දය අනුව එ් පුද්ගලයා මහත් තරහකින් යුතු විය යුතු බව තිලක් සිතන ලදී. සාමාන්‍යන් ඇගේ යාලුවෙක් හැරෙන්නට පිරිමි අයෙක් මේ ඇගේ ඇනක්සියට එන්න් නැත. ආවත් ඇගේ ඇන්ටි කෙනෙකු වැනි එකක් සතියට වරක් ඇවිත් යයි.


මේ නම් ඇය නොව්ය. කාර් එකෙ හෝ නැවැත්වූ වාහනයෙන් බැස මේ පැමිණ සිටින්නේ ඇගේ පාරිභෝගිකයකු බව තිලක් සිතන්නට විය. නිදි නොමැති ඇස් පියාගෙන තවත් වද විඳීමට හේතු වක් නැති බැවින් තිලක් සුලං ටිකක් වදින්නට අර ඉහතින් කියන ලද තට්ටු නිවාසයෙ ආලින්ද පුංචට ආවේය. එවිට ඔහුට රහස් හඬින් බනින පිරිමි කටහඬක් ඇසෙන්නට විය. තමුසෙ මැසින් පාගල පාගල මැරිල රුපියල් දාහක් දෙකක් සතියට හොයන කොට මං තමුසෙට එකපාර දවසට දාහක් හොයාගන්න චාන්ස් එක දුන්න..
ඉන් පසු දේවිකා අක්කා..
නෑ සමීර නෑ...මේ චක්‍රා එෆ් එම් එකේ කතාකලේ මම නෙමෙයි..අනික සමී ඔයාට වැරදිලා වෙන් ඇති. ඒ කතාකරන වොයිස් එකත් වෙනස් කරනව නේ..එයාල

අනේ ඕයි තමුසේ මට බබා පෙන්නවද? ඔය එෆ් එම් කාරයො මිනිමරුවොයි..හොරුයි..අරුං මුං කුඩුකාරයොයි ගෙන්නල ඉන්ටවු කරනවනේ...උණ්ට ඕනි කුනු ටිකක් විකුනල කීයක් හරි හොයාගන්න. දැං ඔය හොරකං කරන ගැටකපන පොඩි එකෙක් කියල දවසක් ඉන්ටවු කලේ..උණ්ට පාං කෑල්ලක් කන්න කීයක් වත් දෙයිද හැමදාම ඔය එෆ් එම් කාරය.??තමුසෙත් ඉතින් ලෝ ප්‍රකට ගණිකාව වෙන්න ගිහින් පුක දීල ඇවිත් මෙතන බබා වෙන්න යනව..තමුසෙ කොහෙ ගියත් මට අවුලක් නෑ..ඒත් තමුසෙට මෙච්චර චාන්ස් අල්ලල දීපු මට තමුසෙ බැන්න නිකම් බල්ලට වගේ..

මං හිතුවෙ ඒ අයිය මං කසාද බඳියි කියලලු..තමුසෙ බබා...තමුසෙ දැනං හිටියෙ නැද්ද ඔය ගාමන්ට් එකේම කෙල්ලො දෙන්නෙක් එක්ක මං කලිං යාලුවෙලා හිටිය කියල...??
තමුසෙමයි ඒ දවස්වල කිව්වෙ..මං ඔයා එක් කතා කරනවට යාලුවො කැමති නෑ කියල..
අනික ඕයි ...මං ඔවැයි දන්නෙ දැං අවුරුදු තුන හතරක ඉඳල ඔවැයි බනිනකොට පොඩ්ඩක් හිතන්න තිබුන අවුරුද තුන හතරක් කතා කරපු එකා වචන වලින් අල්ලගනී කියල...තමුන් වගේ හරකියක්..
උන් වෙනස් කරල තිබුන..ගොඩක් ඒත් මට ඔහේ අඳුනන්න බැරි නෑ..
 ..ඔව් ඉතින් මං ගියා තමයි..අඩු තරමෙ මේව අහල මොකෙක් හරි හැදෙන් නැතෑ..
ඔව් ඉතින් තමුසෙ කරපු කියපු දේවල් අහනකොට තමුසේට නිකම් ඇහේ කටු අනිනව වගේ ඇති...මට ජීවිතේ හැම දේම සල්ලි වලට ගන්න සැලැස්සුව..මං ලමයි නලවන්න අක්කගෙ ලමයි බලන්න යන්න ඕනි..පංසලට යන්න ඒකෙ හාමුදුරුවන්ට තාප්ප හදන්න සල්ලි දෙන්න ඕනි..මේ ෆ්ලැට්එකේ මට ඉන්න අනික් උන්ට වැඩිය ලොකු ගානක් දෙන් වෙලා තියන්නෙ තමුසෙගෙ මහ කරුණාවෙන් පුරුදු කරපු රස්සාව නිසා තමයි...සිහින් හඬින් එහෙත් තදින් දේවිකා අක්කා කිවූ දේවල් තිලක්ට හොඳින් ඇසුනේ තිලක්ගෙ සියලු සැටලයිට් ඇන්ටනා දේවිකා අක්කාලාගේ ෆ්ලැට්ටුවේ විවෘත ජනේලයෙන් එන ශබ්ධයට යොමු ව තිබූ නිසාය...


වුන සිද්දිය තිලක්ට සක් සුදක් සේ පැහැදිලි වන්නට විය..චක්‍රා එෆ් එම් මගින් ගෙනයන ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනක් වූ "කලුවරට බය නැති මං" වැඩසටහනේ මේවර ගණිකාවක් ලෙස සිට ඇත්තේ දේවිකා අක්කාය. ඒ පිළිබඳ දැඩි ලෙස උරණ වූ ඇගේ කලින් පෙංවතෙකි මේ පැමිණ ඇත්තේ..

ඉතිරි කොටස පසුව පල වේ...

4 comments:

  1. හප්පේ සංකීර්ණ කතාවක් නොවෑ

    ReplyDelete
  2. එකනම් ඇත්ත.බට් මෙකයි සනා වැඩේ.අපි සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක්ට ඔහු කියන්නැනේ.ඒ ගැනත් හිතන්න

    ReplyDelete
  3. ආයේ පරණ කතා ශෛලියම ඇවිල්ලා නියමයි නියමයි අයියේ.....කියවන එවුන්ටත් හැදෙන්න දේවල් දාලා තියෙන්නේ...ඉතුරු ටික එනතුරු මග බලමි

    ReplyDelete
  4. කෙලොන්ගේ බ්ලොග් වලට බැහැලා වැඩාර් වෙන්න. අලි ටෝක් දෙන මෙයාගේ බ්ලොග් එකට Comment 5 නෑ. චියා ලැජ්ජයි ආ

    ReplyDelete