Sunday, April 29, 2012

හිරෙන් පැනීම (prison break)

හොරබඩු රැසක් එකවර දැලේ....

වපර පොලිස් ඇස් වල වපරය වැඩි කරලා
කිසිම ලෙඩක් නැති ලෙස වැඩ ටික සැට් කරලා..
අතර මැද වැටුනු ඔත්තුව කණපිට ගැහුවා හැමදේ..
සතර අතින් ඇවිදින් අපි කූඩුවෙ දෑවා...

මෙතෙක් කල් අසු නොවූ හෙර බඩු ජාවාරම අල්ලා ගත්තේ පොලිසියේ දක්සකම නිසයි...

දුන් පගාව මදිවෙලාද අලුත් එකෙක් එක් වෙලාද
මුදලාලිට පෙනුනෙ නැද්ද දන් නැහැ අයියෝ...
ගෙන ගිය බඩු අහුවෙලා ගුටිබැට මට සෙට්වෙලා
අපල කලක් ඇවිල්ලා කියල හිතෙනවා

හොරබඩු ජාවාරමේ සැකකරු යකඩ කපා පොලිසියෙන් පනී...

කියාපන් සුදෝ අම්මට එන්නෙ නෑ කියා...
මම ඉන්න තැන හොඳයි අවුලක් නෑ කියන් සුදා...
වෙන්න තිබු වැරදි ඔක්කොම නවත්තල දමා..
මා පැන්නෙ බැරි නිසයි ඉන්නට කූඩුවට වෙලා...

සැකකරු රටින් පිටවී ඇතිබව අවිස්වාස අකටයුතු ආරන්චි මාර්ග කියයි..

අම්ම දුන්නු බත් උගුරෙන් පහල වැටෙන් නෑ..
දැන් ඉන්නෙ පිටරටක තනියම කාරුවත් ම නෑ
වෙන්න තිබු සියලු දේ වල් අතැර දා මෙසේ
අන්න වුනේ අයි කරුමෙද මන්ද මෙමාගේ..

 වෙසක් එකට විරිදුවක් දාන්න කියල ගියේ..ඒත් වෙන ට්‍රැක් එකක් හැදුනෙ..අහලම යන්න ඈ..
Prison break by indika27

13 comments:

  1. මාර ක්‍රියේටිව් සහ ටැලෙන්ටඩ් පොරක් බං උඹ...
    එකම සීන් එක ඒකෙං වැඩක් ගන්න උඹට කිසිම උවමනාවක් නෑ...


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..උත්සාහ වන්තයා ණයගනී...ඒත් ණය ගෙවන්න තරම් මට තාම වත්කම් නෑ..තව බලමු ටිකක් ඉවසල...

      Delete
  2. මොකාද බොල මේක කියන්නෙ??? භූතයෙක් වගේ..

    මොනවා උනත් පට්ටයි බං....සුපිරී ඈ.. :-)))

    ReplyDelete
  3. කියාගෙන එනකොට මම හිතුවෙ සැකකාරය පොලිසියෙ උඩමහලෙන් පැනල කියල!

    ReplyDelete
  4. කවුද බං මේක කියන්නෙ. කඩුවෙල වසන්තද ??

    ReplyDelete
  5. අමිලොයෝ කට හඩනම් පට්ටම පට්ට විජය කුමාරතුංග වගේ බං

    කවි ටිකත් සිරා........

    ReplyDelete
  6. මරු...මාර වොයිස් එක..කවි ටිකයි..කවියෙන් කියවෙන කතාවයි සුපිරි

    ReplyDelete
  7. මරු ඈ.. සිරාවටම කිවුවේ..

    ReplyDelete
  8. එළ කිරි වෙසක් එකට කවි කියන්න තොරණක් සෙට් කරලා දෙන්නද

    ReplyDelete
  9. පෝස්ට් එක නියමයි

    ReplyDelete
  10. හිකිස් සිරා..

    මට මතක් වුනේ ප්‍රිස්න් බ්‍රේක් කිව්වම අර පට්ට ඉංගිරිසි කතාව..

    ජය !

    ReplyDelete