Friday, July 20, 2012

විවිධ සේවා රියකුරුවා (Multiservice 3 Wheeler)

ටැක්සි රියදුරෙක් ස්ත්‍රී දූර්ථයෙක්, නරක මිනිහෙක්, බේබද්දෙක්, ගංජා කාරයෙක්, ගේම් දෙන්නෙක් යන සියල්ල එකට එක්තැන්ව ගත්විට ටොලමි වීරයෙකි. පහල වත්තේ ටොලමිට ඒ නම වැටුනේ කෙසේදැයි මා නොදනී. ටොලමිගේ සමහර ගේම් වලට අතමාරු ගැන්මට. කොටින්ම ටොලමිට මා ජීවත් වන පරිසරයත් මට ටොලමි ජීවත් වෙන පරිසරයත් දැනගැන්මේ පාලමක් ලෙස ටොලමි ක්‍රියා කලේය.

මල් මිටක් සොයන් වත්ත වටේ..මට කියා කොයින් මල් වනේ කියා මල් සොයන විට මට කලිසමක් ඇඳ වත්ත අස්සේ ගොස් මල් සෙවිය නොහැක. මල්ලියෙ නරක මිතුරන් හමු වන්න එපා යැයි මල්ලිට තරවටු කරත් තරුණ වයස ඉක්ම යමින ්සිටින මගේ මල්ලීට පහස දෙන්නට අං ඇති ඒවා සප්ලයි කරගන්නට මට බස් හෝල්ට් ගානේ රස්තියාදු වන්නට වෙලාවක් නැත. එවන් විට පිහිට වන්නේ ටොලමිය. රට වටේ උන්ට ටොලමි ඇරියත් මට අරින්නේ නැතැයි මා සිතමි. කොටින්ම බොන විට බයිලයක් කියව කියවා සිංදුවක් කියා ආතල් එකක් ගන්නේත් ටොලමියා පමණි. අනික් මගේ මිතුරු කලු කෝට් සුදු රෙදි කාරයින් සිටියොත් කයි පමණි. ඒවාත් බීලා කරන කයි නොවේ. ඔහේ නිකා ඉන්නවාට කරන කයි ගැහිලිය..

ටොලමි මගේ එකෙක් නිසා හෝ ටොලමියා මා බුක් කරගෙන වගේ ඇති නිසා බොන්න සෙට් වෙන උන්ට යමක් කියා ඌ කැපිය නොහැක. මගේ ලෝකයේ වීරයින් ටොලමිගේ ටෝක්ස් වලට ඇඹරෙන හැටි පුදුමය. පශ්චාත් උපාදි ප්‍රබල ව්‍යාපාරික ආදි නං වලින් උඩ ගොස් ඇති මිනිසුන් අට පාස් වීල් කාරයාෙග් ටෝක්ස් වලට නැමේ. ටොලමිටත් කෙලින් කතාව නැතුව ටිකක් පැණි තවරා බෝල බැස්වීමට හැකියාවක් තිබුනි නම් ටොලමිගේ ස්කිල් අනුව ඔහු සිටින්නේ දියවන්නාව බෝඩිමේය..



හොඳ යැයි කියා ටොලමිගේ ගත හැකි යමක් ඇතියයි මා සිතන්නේ නැත. මතක ඇති කාලෙක ටොලමි ඇඬුවේ උගේ ගෑනි පිට ගිය අවස්ථාවේය. එවිට ටොලමි ඇඬුවේ ගෑනි පිට ගිය එකට නොවේ. උගේ ගෑනි ඌට කෙතරම් ආදරේ කොලාද යන්න කිය කියාය.

වීරෙ මුදලාලිගෙං ණයට උලු ටික අරං තමයි වහලෙට තියා ගත්තෙ. වීරයා අමාරු කාරයා. අනික මිනිහ මට ඔය උලු ටික දුන්නෙ මාව මට්ටු කරන්න බලාගෙන වෙන්න ඇති. මට දවස් කිීපයක්ම කිව්වා. වීරෙ මුදලාලිගෙ පුතා එවල තිබුනා උලු ටික ගලවං යන්න. එතකොට ආපු කාන්ඩෙට මයේ ගෑන ිබැනල තිබුනා. *න්නයො කියලත් බනින් ඇති. උප්පත්තියෙං මුඩුක්කු කටක් නොවුනට කාලෙත් එක්ක වෙනස් වෙලානෙ.

වීරෙ මුදලාලිගෙ පුතා මගේ ගෑනිට වහ වැටිල. දරුවෙක් උන්නට උන්දැ ලස්සනයි නේ. ඉතිං මූ කියල උලු නය කපන්නං වරෙං ඇඳට කියලා. ඒත් ලාලි ගිහිං තිබුනෙ නෑ.. පස්සෙ තුවක්කුවක් අරං ඇවිත්. ඒකෙ පෙන්නල..ඒකෙ උන්ඩෙත් පෙන්නල. බොගෙ මිනිහ ටොලමිගෙ පපුවෙ මේං මේක තියෙයි වරෙං තොගෙ ලොකුව නැතිව කියල තර්ජනේ කොරල.

පස්සෙ කියපු තැනට ගිහිං. දරුව දාල අම්මලගේ ගෙදර ඒකි ගිහිං තිබුනා.
මට ආරංචි උනා ගමං මං පිස්සු වැටුනා.. ගෑනිට ගැහුව තෙල් ගාන්න තරං. මට දුක ඒකට.. පස්සෙ සතියක් දෙකක් ගියා. ඔය අස්සෙ වීරෙ මුදලාලිගෙ පුතා රට ගියා. ලොකු ලොක්කෙග්ගෙ ගෑනියෙක්ට අනින්න ගිහිං උෟව මරන්න පන්නල. ඔය අතරෙ මං හිටියෙ පුදුම කේන්තියෙන්..දවසක් ගුටිකාල ගුටිකාල කන්න  බැරිම තැන.. හිටපං තොට ඇත්ත කියන්න. කියලා මං මරන්න උන්ඩ දාපු කතාව ගෑනි කිව්වා. මුදලාලිය එක්ක තරහ තිබුනාට ඌ කවදාවත් එහෙම නෑ. දැං වීරගෙ පුතාත් රට නේ. අම්මප ඕක ලංකාවට ආව දවසක ඕකට සම්බුව දුන්නෙ නැත්තං ටොලමි නෙමෙයි..

ඕව වෙන්නෙ මගෙත් වැරදිවලට. හාමුදුරුවො බණට කියනවා වගේ සමහර ලොකු කරුම මේ ආත්මෙම පඩිසං දෙනවා. මේ ත්‍රිවිල් කට්ට දිව්වට ඉස්සර මං දවසට රුපියල් දහදාහ හොයල තියෙනව මේ ත්‍රිවිල් එකෙං. දැනටත් මං හන්දි ගානෙ හයර් එනකල් මං වේලෙන්නෙ නෑ.කන්ටැක්ස් වලිං තමයි ගේම..

මේ ළඟ පැක්ටරියක හිටිය ලොකු පස්සක් තියෙන කෑල්ලක්. කොල්ලො පැණියට වටවෙලා. ඒකිගෙං අහන්න කස්ටිය බයයි. බෝක්කුව වගේ කට. මං ගියා. ගිහිං කතා කරලා සෙට් වුනා. මට දවසක් මේකි බැනල එලෙව්ව. දෙවනි දවසෙත් එලව්ව. ඒත් මං ඇරියෙ නෑ. යාලුවෙලා උන්නෙ මහ නාටු කොල්ලෙක්. කලිංම ගිහිං ඌ බය කලා. ඌ සරෙන්ඩ්ර් වුනා වචන දෙකෙන්ම. අනේ උංගෙ වස්තරේ ආදරේ. දෙක බඩට අනින කොට අනේ තවත් යන්නෑ අයියෝ කියල අඬනවා..

ඉතිං ටික දවසක් මට කෙල්ලගෙ නොම්මරේ ලැබුනා. කතා කලා. ඒකිගෙ හැමදේම අහනවා. ඒ කෙල්ලොන්ටත් තියෙන්නෙ මහත්තයා පුදුම පස්න. එකට ඉන්න කෙල්ල පොල්ගාන්නෙ නැති එකත් උන්ට පස්න. ගෙදර ගියාම නෑන තමයි ගෙදර විනාසෙට මුල. කතාව මුලු ගෙදරම උන් ගන්න තුට්ටු දෙකෙන් අදිනවා වගේ. ඒත් මං දන්නවා ඒකි ගෙදරට ඕනිනං රුපියල් දෙදාහක් දෙනවා ඇති. ඉතිරි ඒව පොත්වල. නැත්තං රත්තරං බඩුවලට, ඇඳුං වලට මේකප් වලට.. 

 ගෙදර එකෙක් ලෙඩ උනොත් අනෙක් සහෝදර වරු නැහැ බලන්න මං විතරයි ඉන්නෙ කියල අඩනවා. අපි ගිහිං අනික් ගෙදර උන්ගෙං ඇහුවොත්. මේකි නිකං එන්න ඕනිවට ඇවිත් ගියා කියල කියයි. ඔක්කොම නැතත් ගොඩක් කෙල්ලො එහෙමයි.

මේ කෙල්ල තව ඇතුලෙ එකෙක් එක්ක යාලුයි කියල කතාවකුත් තිබුනා. ජම්බු ගෙඩිය වාගෙ  නිසා කොල්ලො පස්සෙං. මට වැඩේට ඇදගන්න අමාරුම උනේම නෑ. මාසයක් විතර අතන මෙතන ගිහිං යාන්තං කාමරේට ගත්තා. ඒත් එක්කම මට ආරංචි උනා අනික් කොම්පැනියෙ එකෙකුත් මේක අදිනවා කියලා. ලව් කලා තමයි. කෝල් කලා තමයි. ඒත් අනෙ මන්ද..මට ඒක වැරැද්දක් පෙනුනෙ නෑ..

දවසක් මං වීල් එකේ යද්දි මහත්තයයි වයසෙ එකෙක් අරකිව පෙන්නල. "මේ පාලහක් දෙන්නං සෙට් කරල දෙනවකො ටොලමි අයියා පැයකට.කිව්වා". ඉතිං මටත් පොඩි බිස්නස් අයිඩියා එකක් ආවා. කෙල්ල කැමති උනේම නෑ. පස්සෙ මං කිව්වෙ. මාත් එක්ක තරහ කාරයෙක්. දුන්නෙ නැත්තං මාව මරාගනී කියලා. අඩලා අඩලා යාන්තං වැඩේට කැමති කරගත්තා. කාමර වලට අනං මනං එක්ක රුපියල් විසිදාහක් ගැලෙව්ව පැයට...කෙල්ලටත් දහ දාහක් දුන්නා. .

සල්ලි ටිකක් අතට ආව නිසා බඩුව ටිකක් සෙන්ඩර් වුනා. පඩියෙං බාගයක් එක පැයට. මං ඉතිං පොටෝ අරං පෙන්න පෙන්න දහදාහට විතර සෙට් කලා මුලදි. පස්සෙ පන්දාහටත් ගියා.


හොඳ කෙල්ලෙක් දෙන්නෙක් ඒ වාෙග ඉන්නව කියන්නෙ..මැනික් ඉල්ලමක් වගේ. මං නං බාගෙටත් වැඩියෙං දුන්නට සමහර උන් ඉන්නව පන්දාහක් ගත්තද කෙල්ලට දාහක් වත් දෙන්නෙ නැති උං..

පස්සෙ මං ඒකිව කැරෝකෙ එකකට සෙට් කලා. දවල්ට වැඩේ රෑට කැරෝකෙ.. 




පොලිස් කේස් එහෙම ආවෙ නැද්ද? 

 කෙල්ලට කලිංම එන එකාගෙ නම ගම කියන්න පුලුවං නං පොලිසියෙං කේස් නෑ. අනික අපි අල්ලපු රූම්ස් වල උන් සම්තින් එක ගාන්ට මේන්ටේන් කරනවා. ඒනිසා අවුලක් නෑ. කෝකටත් කියලා දෙන්නට පොඩි කටපාඩං පාරක් දෙනවා විස්තර හෙම අයිඩෙන්ටියෙ තියෙන. ආපු ගමං වැඩේට යන්න දෙන්නෙ නෑ. ටිකක් වෙලා බීල වාත කරල තමයි දෙන්නෙ. නැත්තං වැඩේ කල ගමං ඒ පිස්සුව ගහල මුං විදිනවා..

පොලිසියෙ ඉන්නෙත් මිනිස්සු කලාතුරකින් තමයි අමනුස්සයො ඇවිල්ල වලි දාන්නෙ. ඉතිං ඒ වගේ වෙලාවක ශේප් කරගන්න පුලුවං විදි තියෙනවා.

එකපාරක් කපල් එකක් මහ පාරෙං වීල් එකෙ රූම්ස් වලට හැරෙනකොටම බස් එකේ හිටපු කෙල්ලගේ අක්ක දැකල. දැකල විතරක් නෙමෙයි දැකල බැඳපු කොල්ලට කෝල් කරල අහල මේ කොහෙද ගෙස්ට් අස්සෙ කියලා. බැඳපු එකා වැඩ කරන ගමං. ඒ පාර ඌ කුලප්පු වෙච්චි අලිෙයක් වගේ. මාත් පොඩි වැඩකට ගෙස්ට් එක ඉස්සරහ උන්නා. මිනිහ ආපු ගමං ඇහුවා මෙහෙට දැං වයස විසිපහක විතර කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආවද ිකයල. පස්සෙ ගෙස්ට් එකේ පොරත් ටිකක් බලල එනපොට හොඳ නැති වගේ නිසා. නෑ කවුරුත් නෑ ආවෙ කිව්වා. .

කෝ දෙනවකො හෙනං පොත බලන්න..අර පොර ගෝරනාඩුව පටන් ගත්තා.

මේ මහත්තය... අපි ඇවිල්ල වැදගත් විදියට රස්සාව කරන අය. ඔයා පොලිසියෙ උනත් කමක් නෑ කවුද කියල හරියට විස්තර කරල එන්න..ඒහෙම නැතුව කිසිම කෙනෙකුට අපි පොත පෙන්වන්නෙ නෑ.. ඉතින් ආපු එකා ටිකක් සයිලන්ස් වෙලා හෙමීට කිව්වා..

මගේ වයිෆ් වීල් එකක මේ පැත්තට එනවා දැක්කා කියල එයාගෙ අක්ක කෝල් කරල කිව්වා. එයා හොදට දැක්කලු එයා කියලා. එයා ගෙදරත් නෑ. මං ඒක බලන්න ආවෙ.. ප්ලීස් මට පොඩ්ඩක් පොත පෙන්වන්න? මිනිහ දැන් අඩන්න වගේ. මං මේ ගෑනිට කොයි තරම් නං උදව් කරල තියෙද? ඇයි මුං අපිටම මෙහෙම කරන්නෙ.ඉතිං කියෝනවා..

අර හිටපු ගෙස්ට් එකේ බුවත් කිව්වා පොත නං පෙන්වන්ෙන නෑ..ඒත් ටිකක් බලමු කියලා..

අර ආපු මිනිහ කෝල් එකක් අරං තව අක්කටයි ගෙදරටයි කෝල් කරනවා දැං..

ඒ අතරෙ අපි ඉක්මනට රූම් එකට තට්ටු කලා..කොල්ල කලිසම හද හද එලියට ආව..අපි සීන් එක කියලා පස්සෙ තිබුන වැටෙන් මිනිහයි කෙල්ලයි පැන්නුව.. පන්නල අයි ඩි දෙකත් දීල යැව්වා..අයි ඩී දෙක ලියල තිබුනෙ නෑ වෙලාවට..පොත අස්සෙ තිබුනෙ..

පස්සෙ අපි ගිහිං උන් දෙන්න යවලා අර බුවාට කතා කරල ඔයාට විස්වාස නැත්තං බලන්න කියලා කාමර ඇරල පෙන්නල රෙජිස්ටරියත් පෙන්නුවා.. අර දෙක වෙලාවට පැනල තිබුන නං හරි..

ඉතිං තමුසෙට පවු කියල හිතෙන්නෙ නැද්ද ඒ කෙල්ලො ගැන..

ඉතිං මේ ටොලමි නැති උනා කියල ලෝකෙ ලස්සන වෙන්නෙ නෑ මාත්තය..එකපාරක් මං හිටියා එක ගෙස්ට් එකක වීල් කාරයා වෙලා. එතන තියෙන ජොබ් එක තමයි ගෙස්ට් එකට එන අයව ඇරලවන එක. එතන ඉතිං අරින් බඩු තුන හතරක් තිබුනා. මං ඉතිං සයිඩ් බෝකර් කෙනෙක්.

එකෙක් ආහම අපි ඌව අල්ලගන්න ඕනි. බොන්න කතා කරනවා. අනම් මනම් කරලා පොර බානවා. පස්සෙ සමාර වෙලාවට කියනවා 3750,3000,2500 කියල තුනක් තියෙනවා මහත්තයා කියලා. ඉතිං කොලටිය සල්ලි ගාන අනුව අඩුයි කියලත් කියෙනවා. බලන්න ඇහුවොත් කියනවා බලන්න බෑ වෙන තැනක ඉන්නෙ කියලා..( උං ඉන්නෙ උඩ තට්ටුවෙ වෙනම හොර කාමරේක...එතනින් පල්ලෙහාට වෙනම පොඩි පඩිපෙලක් තියෙනවා..) පස්සෙ ඉතිං ගොඩක් මහත්තුරු කැමති වෙන්නෙ තුන්දාස් හත්සිය පනහෙ එකට..අපි ඉතිං ලෙසට අඹරලා දෙනව නේ. සමහර වෙලාවට අපි ගාව ඉන්නෙත් එකම බඩුවයි...ඒත් අපි අර විදියට ප්‍රයිස් තුන කියනවා. අඩුම එකක් ඉල්ලුවත් අපි කියනවා ඒ දෙක නෑ ඉන්නෙ අර වැඩි එක විතරයි කියලා...එන එකා එන්නෙ ආලවක යකා වගේ. ඌට වැදගත් නෑ මොකක්ද කියලා..

ඔන්න ඉතිං බඩුව ගන්න වෙලාව එනවනේ. එතකොට අපි කියනවා මාත්තය දැන් නං බඩු ටික මෙතන නෑ පෝඩි කේස් එකක් නිසා ඈත තියෙන පොට් එකක  ඉන්නෙ කියලා. ඉතිං වීල් එකට අර මහත්තයගෙන්ම පන්සීයක් ගලවල වීල් එක පාරට දාල ටික දුරක් ගිහිං අර බඩුවකට කතා කරල හොර පාරකින් එන්න කියනවා. අර කෙල්ල හොරාට පැනල ගෙස්ට් එක පිටිපස්සෙන් එනවා. ඒකි මීටර සීයක් විතර දුරින් තියෙන තැනකට ආහම එතන ටික වෙලාවක් ඉඳලා අපි එනවා...එතනිනුත් හයර් එකක් මාට්ටු..තව ඉතිං එන එකාට දුමද..බොන්නද අරවද මේවද කන්න ඕනි වුනොත් ඒවද ඔක්කොම වැඩි මිලට වීල් එකෙං ගේනවා..

ඉතිං ටොලමි මාර ගානක් ලැබෙනව නේ ඔයාට ජීවත් වෙන්න ඒදවස් වල..

කීයක් ගත්තත් වැඩක් නෑ මහත්තය. ඒ බලු වැඩ වලිං ගන්න සල්ලි යාදෙන්නෙ නෑ. හවසට කස්ටිය එකතු වෙලා බොනවා. බීල දවසෙම බඩු හයර් කරපු අපි යනවා කැෙරා්කෙ කෙල්ලොන්ගෙ පුකවල් මිරිකන්න. එතන ගිහිං බියර් එකක් තුන් දාහට විතර අරං ගහනවා. කැරෝකෙ යනවනං ඉතිං බීල යන්න ඕනි. අලුත් පොරක් ගිහින් බ්‍රැන්ඩි ෂොට් හතරක් දාල බිල ඇවිත් විසිපන්දාහක් විතර. එතන හොඳ සද්දෙ නැටවෙනවා ඉබේම. වැඩිය සෙල්ලං දැම්මොත් එලියට දානවා..

එතන ඉන්නෙත් බඩුම තමයි. දවල්ට තැන් තැන්වල රෑට ඔතන.. උන්ගෙත් තියෙන ආදරේ ඒ වෙලාවට..හුහ්...අම්මප මහත්තය ගෑනියෙක් උනානං යට කෑල්ල විකුනලම කීයක් හොයන්න තිබුනද? සිහ්..
උන් ඕවයින් දාස් ගනන් හෙව්වට එහෙමත් එකෙක් තමයි වැඩක් ගන්නෙ...සමහර උන් නං අක්කලයි අයියලයි ලමයිට සලකනවා. සමහර උන් බීලම විනාස වෙනවා. සමහර කෙල්ලො ඩ්‍රග්ස් ගන්නවා.. එහෙමත් එකෙක් බැඳල හොඳට ඉන්නවත් ඇති..

දැන් ඉතිං ටොලම් ඒ තරං අවුලක් නැතුව ඇති ඉස්සර වගේ නෙමෙයි

හුම් ඔව් දැං කාලෙත් එක්ක බෑ..සමහර වෙලාවට කොල්ල පෝන් එක අරං තාත්තෙ අද එනවද අහනවා. ඔය අස්සෙ මං බඩුවක් එක්ක හිටියොත් ඒක මාර අප්සට්. කොල්ල කොන්ට්‍රොල් මට විතරයි.. ඌ මං කොච්චර බැන්නත් මාවම හොයනවා.. කොටින්ම ඔය ගෑනු බිස්නස් වල සල්ලි වලිං පොඩි එකාට පිටි එකක්වත් ගෙනත් දෙන්න කැමති නෑ. ගොඩක් උන් සල්ලි දෙන්නෙම අඬල සතුටෙං නෙමෙයි නේ. ඒ අඩල දෙන සල්ලි යාදෙන්නෙ නෑ.. සමහර ඒව මේ ආත්මෙම පඩිසං දෙනවා..


(නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි)

15 comments:

  1. නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි

    උඹට එහෙම වෙන්නැති.. හැබැයි ටොලමි වගේ යාලුවෙක් මට නන් ඉස්සර ඉදලා තියනවා.. දැන් ඌ කොහෙද දන්නෑ.. ගොඩක් දේවල් සමාජයේ සිදුවෙන දේවල්..

    හිරේ ඉන්න මිනිහා බේරගන්න සල්ලි නැතුව නඩුවට කතා කරන ලෝයර් එක්ක නිදාගන්න ගෑනු කොයි තරං ඉන්නවද බං.. මේක තාමත් ලංකාව.. මිනිස්සු ආසයි පොරටොක් දෙන්න.. එච්චරයි වෙනස..

    ReplyDelete
  2. ලංකාවෙ දැන් ත්‍රී වීලර් එකක් කීයක් විතර වෙයි ද බං

    ReplyDelete
  3. නිර්මාණයක් හැටියට බැලුවම පට්ටයි. ඒත් මේක රියලිටි නම් බොහෝම දුකයි.

    ReplyDelete
  4. ඇත්තටම මං නොදන්න ලෝකයක්!

    ReplyDelete
  5. පිස්සු හැදෙන ජිවිත සහෝදරයා මටත් ටොලමි වගේ කස්ටිය ඕනි තරම් උන්ගේ කතා ඇහුවම පිස්සු හැදෙනවා කට්ටියට ..මගේ ජිවිතේ ඔයට වඩා අරුම පුදුම දේවල් වෙන හින්දා මට නම් තව කතාවක් විතරයි ජය වේවා'

    ReplyDelete
  6. සමජයේ කොච්චර සිදු උනත් මෙහෙම අහනකොට හද සසල වෙනවා...!

    ReplyDelete
  7. මට වෙලාව ආවම මමත් ලියන්නම් ලෝකෙ කොච්චර විෂමද කියලා

    ReplyDelete
  8. හ්ම්ම්ම්..
    අනේ මන්දා ඉතිං..

    ReplyDelete
  9. මේ ගැන මොනවා කියන්නද..?? හනේ මන්දා...

    ReplyDelete
  10. උදේට පිරිත් අහල වැඩ පටන් ගන්න රටක ඇත්ත ඕකයි.මොන පේන්ට් එක ගෑවත් ඕව මකන්න අමාරුයි.මටත් ඔහොම අතීතයක් තිබුන. ගැනියෙක් උස්සන් ගෙස්ට් හවුස් කියල කියන ගෙස්ට්ලට ඇඳන් සැපයීමට සීමා උන තැනක නොගෙවුණු සති අන්තයක් නැති තරම්.සැමියාගෙන් නොලැබෙන ආදරේ හොයන, සුන්දර සොඳුරු ප්‍රේමවන්තයෙක් හොයන කෙල්ලෙක්, ගැනියෙක් හොයාගන්න බැරි උන වෙලාවට සල්ලි කීයක් හරි හොයන ගැනියෙක්ගෙන් ගින්දර නිවා ගත්තු ඒ අතීතයේ පාප කඳ නිසා වෙන්නැති අදටත් මම දරුවෙක් නැතුව දුක් විඳිනව.අදටත් කොහේ හරි කෑල්ලක් සෙට් කරන් ගෙස්ට් හවුස් එකකට රිංගපු එකෙක් හවස ගෙදර ඇවිත් ලංකාවේ ස්ත්‍රී ළමා අපචාර ගැන පොර ටෝක් දෙනව.අඩියෙන් අඩියට ලංකාවේ හැම ගමකම තියෙන රෙස්ට් හවුස් කියල කියන පොඩි පොඩි ගෙවල් ලංකාවේ මිනිස්සුන්ට විවේක ගන්න හදපුව නොවන බව කවුරුත් දන්නව.ලිංගිකත්වය කියන දේ මැජික් එකක් උන සුදු රෙදි ඇඳන් සිල් ගත්ත සමාජයක ඇතුලෙ ගැණු සීයක් එක්ක නිදි වැදිච්චි ප්‍රීතියට පාටි දාපු නගරාධිපතියෙකුත් හිටිය.අද දවස වෙනකොට ලංකාවේ සුචරිතවත් උපාසක මහත්තය ඇතුලෙ ඉන්න බඩුකාරය එලියට නිරාවරණය වෙලා ඉවරයි.අපි ඒක නොදන්නා තාලෙට තවත් පොර ටෝක් දෙමු.

    ReplyDelete
    Replies
    1. මේ අවංක ප්‍රකාශයට මගේ ප්‍රණාමය!

      Delete
  11. නම් ගම් හැර සියල්ල මනං කල්පිතවේ කිව්වම මට එක පාරට තේරුනේ නැහැ බොල

    සිරා පරිකල්පන මෙව්වා එකක්!

    ReplyDelete
  12. හොඳට රසවිඳින්න පුළුවන් විදියට ලියල තියෙනව අයියේ.....හැබැයි කියවල ටිකක් වෙලා හිතනකොට අනේ අපොයි කියල හිතුණා...!!!

    ReplyDelete
  13. එදා ඉඳං උඹත් හැමදාම ටොලමිගේ වීල් එකෙමලු ගමන..
    (කතාව සුපිරි මචං)

    ReplyDelete
  14. හ්ම්ම් හ්ම්ම්..මේක හැම තැනම වෙන සිද්ධිමන්ට් එක බං....එල ඈ!

    ReplyDelete