Friday, March 8, 2013

කුරුල්ලො කීප දෙනෙක් some birds without fly

මේ ඉන්නෙ කොරවක්කා කියන එකාද වෙන එකෙක්ද දන් නැහැ...ඒත් මූ නෙලුං කොළ උඩ ඇවිදින ලස්සන හරිම අපූරුයි.. ඉස්සර අපේ ගෙදර ගාව තියෙන පොඩි වතුර වලේ මුං ඉන්නවා.මේ එක පැටියෙක් ලොකුවෙනකල්ම අපේ ගේ ගාවට ආවා..ගෙදර ගාවට ආහම අපි ඌට කන්න බත් එහෙම දානවා.. දැන් නම් උන් ගෙවල් ලගට එන්නෙ නැහැ..බය වෙලා වෙන්න ඇති අපිට.. 
දියවන්නා උයනෙ ඉන්නවා රතුපාට මහ විසාල කොක්කු ජාතියක්..මම හිතන්නෙ මුං පස්සෙ කාලෙක ලස්සනට ගෙනත් දාපු එවුං වෙන්න ඇති..පොටෝ ගන්නකම් සෝක් එකට ඉන්නවා..වගුර අස්සෙ තව ගොඩක් පක්ෂින් ඇති...ඒත් අපේ මිනිස්සු ගියාම පුදුම සද්දයක් නෙව තියෙන්නෙ කුරුල්ලෙක් තියා ලොකු සතෙක්වත් ඉන්නෙ නැහැ මිනිස්සුන්ගේ සද්දෙට.. 
වලි කුකුල් කපල් එකකුත් සෙට් වුනා ගෙවල් ගාවදි..බොහොම දුර හිටිය නිසා ළඟ නමලා පිංතූරුවක් ගන්න නම් බැරිවුනා..ඒත් ටිකක් අවුලක් නැති වෙන්න ඉන්නවා.. 
කපුටා කියන්නෙ කොළඹ බොහොම සුලභ සතෙක්..කොයි තරම් කොළම කාක්කො හිටියත් ඉඳලා හිටලා කොළඹ නොවන ගම් කාක්කොත් සෙට් වෙනවා..සමහර විට කොළඹ හිටියත් උන් ගමේ ගති ආරක්ෂා කරන කාක්කො වෙන්න ඇති.. 
මේ කහපාට චූටි කුරුල්ලා දැක්කෙ සිරිපාදෙ ගිහිං එනගමන් මගදි...මූ ඒ පැත්තෙ ඉන්න එකෙක් වෙන් ඇති..මම නමනම් දන්නෙ නැහැ..ඒත් මූ කහපාට නිසා කහ කුරුල්ලා නම් නෙමයි.. 
ටිකක් ලොකු පරෙයියෙක් වගේ ඩයල් එකක් තමයි පහල ඉන්නෙ..ඒත් පරවියෙක් නෙමෙයි..උදේ පාන්දර සිරිපා වැදලා බහිනකොට තමයි මෙයාව දැකගන්න ලැබුනෙ..ආලෝකය අඩු නිසා පිංතූරු නම් පැහැදිලි මදි..
තව කණුවක වහලා හිටියා සුට්ටි කුරුල්ලෙක්..ඌට තියෙන දාංගලේ නිසා පොටෝව ගන්න ලැබුනෙ නැහැ..ඒත් මරු ඩයල් එකක්...මගේ අදහස ලොකු වුනාම හොම්බ දිග කැමර් එක්ක මිලදී ගන්න..එතකොට අඩු ආලෝකයේදි දුර තියෙන කුරුල්ලොත් අල්ලත හැකි කැමරාවට.. 
මේ වගේ පින්තූරු දාන එක බ්ලොග් බලන අයට කරදරයක් වෙන්න ඇති ඒත් බ්ලොග් එකක් කියන්නෙ අපේ හිතේ තියෙන ආසාවල් වර්චුවලි මෙව්වා කරගන්න පුලුවන් තැනක්..ඉතිං ඒ නිසා මම මගේ පොටෝ ගන්න තියෙන ආසාව ලෝකෙට පෙන්වන්න මේ වගේ පින්තූරු දානවා.. තව කෙනෙක් මේ විදියට බල්ලො කාක්කො කියලා ඇල්බම් දැම්මත් මම හිතන්නෙ ඒකෙ කිසි වරදක් නැහැ..පාරෙ යන බල්ලො අපි සලකා බැලුවොත් නාටු බල්ලො වුනාට එක එක ඩිසයින් එකෙන් එක එක පාටවලින් සයිස් එකෙන් වල් බල්ලො ඉන්නවා..අලි කොටි වලස්සු පිංතූර ගන්න බැරි නිසා බල්ලො අරගෙන ඇල්බම් එකක් හදලා දාන එක ලේසියි.. ඒ වගේම අලි ගත්තාම හැම අලියම එකයි..ඒත් බල්ලො විවිධාකාරයි.. 

11 comments:

  1. ඔබ බ්ලොග්කරණය හරියටම තේරුම් අරගෙන අමිල. තමන්ගේ බ්ලොගයෙ තමන්ට ඕන දේ ලියන ඔබට සුභ පැතුම්.

    ReplyDelete
  2. aniwa obathumata subapathum mage vinidansaya photos ganna eka thama kalinam phones walin photos gathha ita passe hombak nathi podi camara ekaka gathha danam kota hombai diga hombai thiyana podi camara ekak gatha eth oya eka eka euwa hadanna danathi nisa photos f b eke thamai danne kurullo athi mage f b ekata gihin arala balanna ona karana ekak thiyanam copy karaganna ..... sugtah dissanayaka

    ReplyDelete
  3. කහපාට චූටි කුරුල්ලා නම් මට හිතෙන්නේ කහ කොණ්ඩයෙක් කියල..(yello eared bul bul or Sri Lanka Kahakan Kondaya) කහ කොණ්ඩයා ලංකාවට අවේනිකයි.

    ReplyDelete
  4. ලොකු උනාම කරන්න මටත් ගොඩක් දේවල් තියෙනවා. ලේඛකයෙක් වෙන එක ඒවායින් එකක්.

    ReplyDelete
  5. අන්න ලස්සන වැඩක්. මාත් වලි කුකුලෙක් අරන් තියෙනවා ලඟට යන්න බැරි වුනා.
    අමිල අර Some birds without fly දැම්මෙ පියාඹන්න බැරි කුරුලොලො ගැන අදය්හසින් නම් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. එහෙම නැතිව වෙනත් යටි අරමුණකින්නම් ඒක වෙනම කතාවක්. :)

    ReplyDelete
  6. තව කෙනෙක් මේ විදියට බල්ලො කාක්කො කියලා ඇල්බම් දැම්මත් මම හිතන්නෙ ඒකෙ කිසි වරදක් නැහැ..පාරෙ යන බල්ලො අපි සලකා බැලුවොත් නාටු බල්ලො වුනාට එක එක ඩිසයින් එකෙන් එක එක පාටවලින් සයිස් එකෙන් වල් බල්ලො ඉන්නවා..අලි කොටි වලස්සු පිංතූර ගන්න බැරි නිසා බල්ලො අරගෙන ඇල්බම් එකක් හදලා දාන එක ලේසියි.. ඒ වගේම අලි ගත්තාම හැම අලියම එකයි..ඒත් බල්ලො විවිධාකාරයි..

    මේ ටික මරු ඕයි!!!

    ReplyDelete
  7. මෙි පක්ෂියා හදුන්වන්නේ කහ කන් කොණ්ඩයා යන නමින්. ඉංග්‍රීසී භාෂාවෙන් Yellow Eared Bulbul.ඊට අමතරව ලංකා පීතකන් කොණ්ඩයා, කහ කොණ්ඩයා, ගුරැ කොණ්ඩයා යන නමිවලින්ද හදුන්වනු ලබනවා. තෙත් කලාපීය කදුකර ප්‍රදේශවලට පමණක් සීමාවුණු ලංකාවට ආවෙිණික පක්ෂියෙක්. පහතරට වියලි කලාපයේ දැකගන්න ලැබෙන්නේ නැහැ. හෝර්ටන්තැන්න මුන් සුලබව දැකගන්න පුලුවන්. ජෝඩු වශයෙන් සැරිසැරීමට ප්‍රීය කරතත් ආහාර බහුල ස්ථාන වල කුඩා කණ්ඩායමි වශයෙන් සැරිසරනු දැකගන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් කුඩා ගෙඩි වර්ග සහ කෘමි සතුන් ආහාරයට ගන්නවා. රතු දත්ත පොතේ ආරක්ෂිත වර්ගීකරණයට අනුව වදවීයාමෙි තර්ජනයට ආසන්න වශයෙන් ලක්වු පක්ෂියෙක් (Near Threatened). වර්තමානයේ භාවතා කරන රැ. 10.00 මුද්දරය සදහා මෙන්ම නව රැ. 5000.00 මුදල් නෝටිටුව සදහාද මොවුන්ගේ රැව යොදාගෙන තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තොරතුරු වලට..

      Delete
  8. මුන් ගැන තව විස්තර ඔිනේද

    ReplyDelete
    Replies
    1. ඉඩකඩ තියේනං තව විස්තර දැම්මත් කමක් නෑ.. එතකොට පසව බලන අයට හරි සෙතක් වෙයි නේ..

      Delete