Friday, May 3, 2013

මඩ ගොඩේ මල් හීන

මල් කඩන අපිට කොයින්
 
මල් ගන්න අයියලා,මාමලා

 
විල් තෙරේ මඩ ගොඩේ

මල් එක්ක අපි තනිවෙලා..


කවි හඩින් මල් ගන්න කියන්න

සවි තියෙනවා අපිට.

ඡවි පාට නැතත් සම

අවි තරම් දරුනු නැහැ අපි.


මඩ දිගේ ඇවිදගිය

පසු තෙමුනු ඇඳුමින්

මා ඇවිද යන දසුන වෙත

නුරා ඇස් වැටෙයි

විල නාන කොල්ලන්ගේ


නෙතින් පිනලා දසුන

පසුව රෑ සිහිනයෙන් මාව

නිරුවත් කරාගෙන

සැප ගනීවි..උන්...සිතින්..


දෙන්න දෑවැද්ද නැති..

ඉන්න තැන හරියට නැති

කන්න බොන්නෙත් අමාරුවෙන්..

එහෙව් අපේ පැලට

ඉර විතරයි නෙව එබෙන්නේ..


වතුරට නිතර තෙමී

මඩ වතුර ගෑවි ගෑවි....

සිටින නාරි ලතා මල..

ඔන්න ඔහෙ හිටපං


තිහත් පැනලා ගියාට.

එකෙක් නැති වුනාට

රොන් ගන්න..

මට උඹව වැඩි නැහැ.

3 comments:

  1. රොන් ගන්න එන උන් නං නැති උනාට කමක් නැහැ....

    ReplyDelete
  2. තිහත් පැනලා ගියාට.

    එකෙක් නැති වුනාට

    රොන් ගන්න..

    මට උඹව වැඩි නැහැ.

    මෙන්න මේ ටික නම් හිතට වැදුණ.

    හරි ලස්සනයි කවිය නම්

    ReplyDelete