Tuesday, February 18, 2014

වලට හිනාවුන සුනිල්



පෙරලෙන ලෝකෙට
පෙරළෙන්න යන ගෙවල්
තවත් පෙරළියක් නෙමෙයි

පෙරලෙන දෙසට වැනෙන
පෙරලුන පිට හොඳයි කියන
පෙරල පෙරල පොත් පිටු පෙන්වන
පෙරළියක් නැති අල වගේ මොල ගෙඩි..

පුහු පෙරලිකාරයින්ගේ හෘද සාක්ෂිවලට
උඹේ පෙරළිකාර කතාව
පෙර මහ අලියෙක් වගේ
මතක හැටියට උගෙ නම පනාමුරේ ඇත් රාජා

තමුන්ගේ සනුහරේ උන්නු එකා දෙන්නා
අනික් පැත්තට යද්දි
උන් හීලවෙලා නියාලු වෙද්දි
කෝල ගැහෙන හිත
සතුරාට ආලසිනා පාන්න නොදී,,,,
වාත වේගයෙන් තමුනගේ පිරිස වෙනුවෙන් එදිරිව සිටි
පනාමුරේ ඇතා එදා හිටියා

මාලු කඩේ මාලු සුවඳ පරයා
නැගුන වනාතේ සුනිල් සැර
වෙනුවෙන් එසවුනු අත් වල බර
නින්දෙන් ඇවිදින අපිට ලැජ්ජ කරා

වීරයා මැරිල යාවි
ගොට්ට සහ භය හැමදා දිනීවි
ඒත් එක මොහොතක්
ඔබ ලබාදුන් මානසික සුරතාන්තයට
ස්තුතියි සුනිල්...

http://www.33000lk.com/2014/02/sunil-revealed-the-truth.html 

6 comments:

  1. රටින් පැන පොරටෝක් දෙන මංජුල වෙඩිවර්ධන වැනි බොහෝදෙනා මේ මිනිසා ඉදිරියේ ගැඩවිල් පණුවන් මෙනි.

    ReplyDelete
  2. සුනිල්ලා වැඩිපුර අවශ්‍ය යුගයක් මේක.

    ReplyDelete
  3. සුනිල්ලා වැඩිපුර අවශ්‍ය යුගයක් මේක.

    ReplyDelete
  4. ඈයි DIG අජිත් රෝහණ?

    ReplyDelete
  5. එන්න Lanka Blogs බ්ලොග් කියවනයට http://lankablogs.com

    ReplyDelete
  6. එන්න Lanka Blogs බ්ලොග් කියවනයට http://lankablogs.com

    ReplyDelete