Sunday, March 30, 2014

හම්බන්තොට ලංකාවෙ නෙමෙයිද?

රාජපක්ෂ ආන්ඩුව විසින් හම්බන්තොටට පොම්ප කර ඇති ධනය බිලියන ගනනකි කල හම්බන්තොට සිටින මිලියන බාගයකටත් අඩු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන්(467,847) හම්බන්තොටට වැඩ කිරීම පිනිස වියදම් කරන ලද මුදල බෙදා බැලුවොත් රුපියල් ලක්ෂයකට නොඅඩු මුදලක් එක් මිනිසෙක් වෙනුවෙන් රජය වියදම් කොට ඇති බවක් සොයාගත හැකි වෙනු ඇත.

හම්බන්තොට වරායේ ඇස්තමේන්තුගත වියදම =  46,930,000,000 (ඩොලර් මිලියන 360)
හම්බන්තොට ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව = 467,847
එක් ඡන්දදායක යකුගේ වටිනාකම =  100,310.57 (එක්ලක්ෂ තුන්සිය දහයයි ශත පනස් හතයි)
හම්බන්තොටට ආවේනික නොවන තලගොයෙක්
මේ පාලනය හම්බන්තොටට කර ඇති වැඩ..
  • මාගම්පුර රුහුනුපුර හම්බන්තොට වරාය
  • මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපල
  • රාජපක්ෂ අනුස්මරණ සම්මන්ත්‍රනශාලාව හම්බන්තොට
  • හම්බන්තොට රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • රුහුනු විජයබා විදුහල
  • ධීවර වරායන් සහ වාරිමාර්ග ආදිය ඉදිකර නවීකරණය කිරීම.
මේ මට එක්වරම මතක් වුන කිහිපයක් පමනි..හම්බන්තොට තංගල්ල යන රෝහල් නවීකරණය කල අතර තංගල්ල රෝහලේ සමහර වාට්ටු වල ඇති පහසුකම් කොළඹ පුද්ගලික ආරෝග්‍යශාලාවල පවා දක්ණට නැත. ‍

බොහෝ පාසැල් වල ගොඩනැගිලි අඩුපාඩු ඇතුලු භෞතික සම්පත් පරිපූර්ණ වී ඇති අතර සම්පූර්ණයෙන් නැතත් මීට අවුරුදු දහයකට එපිට අතීතයට වඩා ඉදිරියට පාසැල් බොහොමයක් පැමිණ ඇත.
කතරගම යන ජනී ජනයා හූල්ලන පරිදි හම්බන්තොට බොහෝ පැතිවල ජනයාට විදුලිය ජලය සහ මංමාවත් වඩාත් හොඳින් නවීකරණය කර තිබේ. සමහර පැතිවල නිවෙස්වලට යන මාර්ග පවා කාපට් දමා අලංකාර කොට ඇත.
 
සජිත් වැනි රූපයෙන් සමාන අයෙක්

හම්බන්තොට දිස්ත්‍රික් වැසියෙක් මා සමග වරක් පැවසුවේ ඔවුන්ග‍ේ පලාතේ දැන් කුලී වැඩකට රුපියල් 1500කට වත් මිනිහෙක් හොයාගත නොහැකි බවකි. එනම් හම්බන්තොට ඉදිකර ඇති කුඩා හා මහාපරිමාණ කර්මාන්ත ශාලා සම්පූර්ණයෙන්ම නැතත් බොහෝදුරට මිනිස්සුගේ රැකියා අවශ්‍යතා සපුරමින් පවතී.
මීට පහලොස් වසකට පෙර හම්බන්තොට පැත්තේ සෑම ගමකම අඩුතරමේ හත් අට දෙනෙක් වත් හමුදාවට ගොස් සිටි අතර දැන් හම්බන්තොට පලාතේ සෑම ගමකම අඩු තරමේ හතර පස් දෙනෙකු‍වත් කොරියාවේ මාසයකට ලක්ෂ ගනනක පඩියකට සේවය කරමින් සිටී.

රජයේ රැකියාවන්ද බොහෝ විට හම්බන්තොට අයට ලැබීමේ සම්භාවිතාවය වැඩි බවක්ද පසුගිය කාලයේ අසන්නට ලැබුනි. 

නමුත් 2009දී සියයට 71ක ඡන්ද ප්‍රතිශතයකින් ජයගත් ජනාධිපතිතුමාද ඉඳහිට වැඩවාසය කරන තංගල්ල පලාතේ ඡන්ද පදනම සියයට 56 දක්වා පහත වැටී ඇත. කොළඹ හැර අනෙක් සියලු මැතිවරණ පැවැත්වූ දිස්ත්‍රික්ක සලකා බැලූ කල සියයට 57.42ක ඡන්ද ප්‍රතිශතයකි සන්ධානයට හම්බන්තොටින් ලැබී ඇත්තේ. ඒ අනුව සන්ධානය දිනා ඇති මුත් ඔවුන්ගේ රාජපක්ෂ භූමියේ සැලකිය යුතු ජනයා පිරිසක් අනෙක් පැත්තට හැරී ඇති බවක් පෙනේ. 
 
හම්බන්‍තොට සිටි සිවුරු හොරෙක්

මෙය සජිත් ප්‍රේමදාසයන්ට ලකුනු වැටෙන වැඩක් වුවද මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයක් හෝ වෙනත් පෙරමුනක් තිබේදැයි කියා දැනගන්නට වත් බොහෝ හම්බන්තොට ඡන්ද දායකයින්ට හැකි වුනේ නැත. පෝස්ටර් වල මිනිසුන් දැක තිබූ අලිගාන්ට වඩා කතරගම පෙරහැරේ අලි ගාන වැඩි වීමටද ඉඩකඩ තිබුනි. නිල්පාට වලාවකින් වැසී ගිය හම්බන්තොටට සත්‍ය වශයෙන්ම සජිත්ට කරන්නට හැකිව තිබූ කෙංගෙඩියක් නැත. 

හම්බන්තොට තවමත් ඩොටේ යැයි සලකන පැත්තක් වන අතර එහි කොළඹ ජනයා බුද්ධිය ලබාගන්නා මහා වස්තුවක් ලෙස සලකන අන්තර්ජාතික චැනල් හෝ අන්තර්ජාල පහසුකම් බොහෝ ජනතාව පාවිච්චි කරන්නේ ද නැත. ඒ ලැබුනත් වැඩිමනක් ඉංගිරිසි දැනුමක් ලැබී, ඒ ඔස්සේ  හිතන්නට තරම් විවිධ විකල්ප සංවිධාන වලින් පලල් කර ඇති මනසක්ද හම්බන්තොට බොහෝ ජනයාට නැත. 

බත් පැකට් එකටත් අරක්කු බාගයකටත් දුප්පත් ලාංකිකයින් සිය කතිරය ගසන බවත් පුද්ගලික වාසිය තකාම සිය මනාපය පුදන ජනයා ලංකාවේ සිටින බවත් බොහෝවිට බුද්ධිමතුන‍්ගෙන් ඇසෙන කතාවකි. ඒ අනුව වඩාත්ම මිනිස්සුනට පුද්ගලික වාසි ලැබී ඇති ලංකාවේ දිස්ත්‍රික්කය නම් හම්බන්තොට විය හැක.  නමුත් එහි සමස්ථ දිස්ත්‍රික් ප්‍රථිපල අනෙක් මාතර කළුතර ගාල්ල,ගම්පහ,දිස්ත්‍රික් වල සමස්ථ දිස්ත්‍රික් ප්‍රථිපල වල සන්දාන ඡන්ද ප්‍රතිශතයට වඩා මඳක් අඩුය. 
හම්බන්තොට නිවසක වාහනයක්.
ආන්ඩුවක් අභියෝගයට ලක්වන්නට මේ ප්‍රථිපල ප්‍රමාණවත් නොවේ. ඒසඳහා කොළඹ දිස්ත්‍රික් ප්‍රථිපල වැනි සියයට පනහකට වඩා ආන්ඩුව පල්ලම් බැසිය යුතුය. නමුත් හම්බන්තොට සිටින අහඹු ලෙස තෝරාගත් ජනී ජනයෙක් ගතහොත් ඔහුට එක්සත් ජාතික පාක්ෂිකයෙක් හෝ රතු පාට මිතුරන්ගේ ක්‍රියාකාරී දේශපාලන වැඩ දකින්නට ලැබෙන්නේ දැන් දැන් කලාතුරකිනි. ඒ හම්බන්තොට මනුස්සයාට ‍ොතරතුරු ලැබෙන ප්‍රධාන මාර්ගය වන රූපවාහිනි ගුවන්විදුලි සියලුම මාධ්‍යවල ඇත්තේ ආන්ඩුව විිසින් ඇතිකරන ලද කෘතිම ආන්ඩු ලැදි තත්වයකි. පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යන්ද ඊට වෙනස් නැත. බැලු බැලු අත ඇත්තේ රාජපක්ෂ වරුන් විසින් කරන ලද විශ්වකර්ම වැඩය. එසේ තිබියදීත් රත්තරන් බඳුනටම හෙනහුරා වැටෙන්නේ ඇයි?

 කෙලෙහි ගුන නොදන්නා රට ජාතිය ගැන නොහිතන හම්බන්තොට මිනිස්සු ගැන තවත් විග්‍රහ කරනවාට වඩා හම්බන්තොට පිහිටා ඇත්තේ ලංකාවේ නොවේ යැයි සිතීම පහසු බව ඔබටද වැටහෙනු ඇත.

16 comments:

  1. මටනම් කතාව තේරුනේම නැත. පින්තූර ටික දුටු විට මොළය හොඳටම කොළොප්පම් විය.
    හම්බන්තොටදී ආණ්ඩුවට ඡන්ද සෑහෙන ගණනක් අහිමි වී ඇති බව නම් ඇත්තය. මිනිස්සු බලන්නේ භෞතික සම්පත් දිහා විතරක් නෙවෙයි වගේ පෙනෙයි.

    ReplyDelete
  2. ඇත්ත වෙන්නට පුළුවන..

    ReplyDelete
  3. එහා ගෙදර එකාටත් රස්සාවක් දුන්න කේන්තියට අනිත් පැත්තට ගැහුවා වෙන්න බැරිද...? o.O

    ReplyDelete
  4. චායාරූප හා ඒවා පැහැදිලි කිරීම් නම් මරේ මරු අමිල.

    ReplyDelete
  5. යකෝ කතාවටම ගැලපෙන පිංතූර සැට් එක...
    ඇත්තටම ඩොටා කියන්නෙ කොහාටදකියල දන්නවද

    ReplyDelete
  6. ඇත්ත,රාජපක්ෂ ආණ්ඩුව යටතේ හම්බන්තොට ප්‍රදේශයේ යම් භෞතික සංවර්ධනයක් සිදුවන බව ඇත්ත.නමුත් එම සංවර්ධනය තුලින් කැපීපෙනෙන රැකියා උත්පාදනයක් සිදුවූයේ නැත.රැකියා අවස්ථාවක් ලබාගැනීමට ලොක්කගේ පුතා හරහා ඔවුන් විසින් සකසන ලද නම් ලැයිස්තුවට ඇතුලත් වීම අනිවාර්යය.ඒ සඳහා ඔවුන්ගේ ශාඛා සමිති වලට සම්බන්ධ විය යුතුය.එසේ සම්බන්ධවී පෝස්ටර් ගහන්න,ලයිට් කණු බඩගාන්න,බුදු පිළිම බෙදන්න,සාමාන්‍ය පෙල ලියන සිසුන්ට කවකටු පෙට්ටි බෙදන්න,මොන්ටිසෝරි වලට පොත් බෑග් බෙදන්න,චන්ද රැස්වීම් වලට සහභාගී වෙන්න වගේ එකී මෙකී නොකී නානාප්‍රකාර වැඩවලට සහබාගී විය යුතුය.රජයේ බැංකු විභාග,අනෙකුත් විවෘත තරඟ විභාග තුලින් රජයේ සේවයට බඳවාගන්න විභාග සමත් වුවද,ඉහලම ලකුණු ලබාගත්තද රැකියාව ලබාගැනීමට නම් ඉහත කී ලයිස්තුවට ඇතුලත් වී සිටිය යුතුය.ලැයිස්තුවෙන් ලබාගත්තද ඔවුන් තෝරාගනුයේ ඔවුන්ට ඉතා හිතවත් ශාඛා සමිතිවල නිලධාරීන් ගේ හිතවතුන්ය.(බහුතරය මෙලෝ සුදුසුකමක් නැති එවුන්ය),එමෙන්ම සංවර්ධනය මුවාවෙන් සිදුකරනා ඉඩම් මංකොල්ලය ඉදිරියේ හම්බන්තොට ජනතාව මුනිවත රැකියා යුතුද?. විරුද්ධ දේශපාලන මතයක් දරන්නන් ඔවුන් දකිනුයේ ත්‍රස්තවාදීන් ලෙසින්ය.දේශපාලන නිදහසක් මෙහි නොමැත.මහා මුකලානක් වෙච්ච හම්බන්තොට දියුණු කලේ රාජපක්ෂ පාලනය බව හැබෑය වරායවල්,ගුවන්තොටුපළවල් මහාමාර්ග ක්‍රීඩාංගන,සම්මන්ත්‍රණ ශාලා ඉදිකල බව සැබෑය.සංවර්ධනය යනු එයද?මිනිසුන් තවම සිටි තැනමය,සෞඛ්‍ය පහසුකම්,අධ්‍යාපන පහසුකම් තවමත් ඒක තැනමය.රූපවාහිනියෙන් දකින ආශ්චර්යයක් හම්බන්තොටට තවම උදාවී නොමැත.

    ReplyDelete
    Replies
    1. මේ කතවට එකග වෙන්න පුලුවන්, හුගක් රැකියා වලට ගන්නෙ කුමාරයගෙ ලිස්ට් වල ඉන්න අයගෙන්, ඒ විත‍්රක් නෙවි හුගාක් රැකියා අලෙවි ක‍රනව රජ පවුලෙ නමින් උන් දැනුවත්ව හ‍රි නොදැනුවත්ව ඒ නිසා හුගාක් නමිනිස්සු ඉන්නෙ පවුල එක්ක ත‍රහින්.
      අනිත් කාරනය තමයි අපි හුගාක් හිතන් ඉන්නෙ රූපවහිනිය, පත්ත‍්ර, අන්තර්ජාලය විත‍්රයි හුගක් ප්‍රභල මාධ්‍ය කියල මිනිස්සු අත‍රට යන්න තියෙන්නෙ, නැහැ ඒකාලෙ ඉදන්ම ඔය පැතිවල මිනිස්සු ගම්වල කඩපිලේ, මළ ගෙවල් වල නැත්නම් පොඩි පොඩි සමිති වල කතබහ වෙන එවගෙන් හුගක්ලොකු වාසික් ගන්න පුලුවන්. JVP එක ප්‍රචාරය වෙන්නෙ හුගක් ඒ විදියට. මාත‍ර ඉන්න මටත් හම්බන්තොට ඉන්න හත‍ර දෙනෙක්ම කතා ක‍රල කිව්ව JVP එකට ඡන්දෙ දෙන්න කියල. ඒ හත‍්ර දෙනාම විවිධ රැකියා ක‍රන අය, ගොවිතැන්, රජයේ හෝ පුද්ගලික අංශවල, ඒ හැමෝම කිව්වෙ පොදුවේ විවිධ රැකියාවලට තියෙන ගැටලු නිසා ආන්ඩුවට ඡන්දෙ නොදෙනව කියල මිසක් තමන්ට ආන්ඩුවෙන් පුද්ගලික වාසියක් නොලැබුන නිසා ආන්ඩුවට නොදෙනව කියල නෙවි.

      Delete
  7. මම බෙලිඅත්ත කොල්ලෙක්, උඩින් තියන කමෙන්ට්ස් වල බොහොමයක් ඇත්ත, රාජපක්ෂ ගමේ එකා නිසා තමයි මිනිස්සු ජන්දෙ දෙන්නෙ....
    #මට මතකයි යුද්දෙ තියනකාලෙ කිව්ව යුද්දෙන් පස්සෙ ජනාධිපති තුමා බඩුමිල අඩුකරනව සිකුරුයයි කියල, ඒ බව දැන් මිනිස්සුන්ට අමතකයි,
    #ලොක්ක බෙලිඅත්ත හැදුව හැබැයි භොතික දේ විතරයි(ඒ ගැන සතුටුයි...), මිනිස්සුගෙ මොලවල නම් දියුණුවම් වෙලාම නෑ, දැන් අනිත් එක පුතා අල්ලගත්ත ලොල්ලො කුරුට්ට්ටො ටිකත් ලිං මැඩියො වගේම තමයි හිතන්නෙ(උන්ගෙ මහවුන් වගේ)...dynamic චින්තනනයක් බෙලිඅත්තෙ බොහොමයකට නෑ...
    #ලොක්කගෙ පුතා, නිල් බලකායෙන් කොල්ලො කෙල්ලො ටික අල්ලගත්ත, ඒ කෙ වැරද්දක් නෑ, එහෙම දෙයක් කරන්න වෙන එකෙන් නැති නිසා,
    #හැබැයි නිල් බලකායෙ හිටියත්, පුතාට වැඩකලත් ශාඛා සමිතියෙයි, පුතාගෙ බෙලිඅත්ත ඔෆිස් එකෙයි යින්න උන්ගෙනුයි අනුමතවෙල ජොබක් ගන්න එක ලේසි වැඩකුත් නෙවෙයි,
    #අනික ලොක්කගෙ පුතාගෙ ලිස්ට් එකෙන් පිට රජයේ රස්ස ගන්න පුලුවන් කමක් නම් ලොවෙත් නෑ,...
    #සජිත්ගෙ කොන්ද පනනෑ, jvp එකට ලොවෙත් ආණ්ඩුවක් හදන්න බෑ...
    මතක් වෙන ටිකයි මේ දැම්මෙ...ඔෆිස් එකේ වැඩ අස්සෙ....
    #නාමල් හොදයි, වටේ ඉන්න උන් අන්තිමයි....

    ReplyDelete
  8. රැකියා විරහිතභාවය සහ ක්‍රමය දේශපාලනීකරනය වීමේ අවාසිය වෙනත් දිස්ත්‍රික්ක වලටත් තිබෙනවා. නමුත් ඒ පැතිවලට වඩා හම්බන්තොට ජනයාට වඩාත් මේක පෙනිලා වගේ.
    එකක් තමයි හම්බන්තොට කියන දිස්ත්‍රික්කයේ ස්ථිර පක්ෂ වලට සින්න වුනු ඡන්ද අඩුයි...ඒ නිසා හිතන පතන මිනිස්සු ඉන්න පැත්තක් කොන්ක්‍රිට් සංවර්ධනෙන් රවට්ටන්න බැහැ.
    උඩ යාලුවෙක් කියල තිබුනා අල්ලපු ගෙදර කෙනාට රක්ෂාව ලැබීම හේතුවෙන්න පුලුවන් කියලා. ඒක ඇත්තටම ප්‍රාෙයා්ගික කාරණාවක්. මෙලෝ සුදුසුකමක් නැති අල ගෙඩි වගේ යාන්තම් පාස් වෙච්චි එවුං රාජ පිහිටෙන් ලොකු පඩි වලට රක්ෂාවට යනකොට අනික් සුදුසුකම් තියෙන ගෙවල් වල වේලෙන උන් ආන්ඩුවට ඡන්ද දෙයිද? නුසුදුස්සන්ටම රැකියා බෙදන දේශපාලනික රැකියා බෙදීම නිසා ඡන්ද ලැබෙනවාට වඩා නොලැබීම වැඩියි...

    අනික් අතින් ඒක සැලකුවාම දේශපාලනික ගැති බව සලකලා යම් යම් සැලකීම ්කරනවිට සමස්ථ අනෙක් ජනතාවට අසාධාරනයක් වෙනවා. උදාහරණ විදියට දේශපාලනික ගැති බවට පාරක් කොන්තරක් දුන්නම කොන්තරක් කාරයා සතුටු වෙනවා නමුත් තිබුනත් වැඩිය ඉක්මන්ට කැඩෙන පාරෙ යන දෙනෝදාහක් මිනිස්සු ආයිත් ආන්ඩුවට බනිනවා..

    ආන්ඩුව කරන වැඩ සහ දෙන රැකියා වැඩිවෙන්න වැඩිවෙන්න ඒ හා සමානුපාතිකව මිනිසුන්ට වෙන අසාධාරන තත්වයන් වැඩියි. ඔය අරව මේව බෙදිල්ල වුනත් හරියට කෙරෙන්නෙ නැති නිසා ඒවා නොලැබුන අය සහ අඩුවෙන් ලැබුන අය,.. ආන්ඩුවට පක්ෂව නෙමෙයි හිතන්නෙ... මම හිතන්නෙ කිසිම ලබ්බක් නොලැබි යුද්දෙ දින්න පලියට ඡන්දෙ දෙන බුලත්සිංහල වගේ පැතිවල බහුතර ඡන්ද දායකයො හිතනවා ඇති ඡන්දය දීල මොන මොනාහරි ලබාගන්න..

    නමුත් දෙන දේවල් පිලිවෙලට දෙන්නෙ නැතුව අසාධාරනයට බෙදන කොට දූෂණය වංචාව රජකරන කොට නීතිය ක්‍රියාත්මක වීම බල්ලට යනකෙට වඩාත් ඉක්මන්ට ආන්ඩුවෙ බොරුව ඉක්මන්ට වටහාගෙන සංවර්ධනය ලැබෙන තංගල්ල තිස්ස වගේ පැති වඩාත් ඉක්මන්ට අනික් පැත්ත හැරේවි... හොදි ලැබෙන්නෙ නැතිවුනාම හැමෝම හිතනවා හොද්ද රසයි කියලා. නමුත් හොදි ලැබිල කන උන් තමයි දන්නෙ හොද්දෙ පාට විතරයි ලුනු ඇඹුල් නැහැ කියලා...

    ReplyDelete
  9. අනේ මන්දා. හයිවේ එක හැදුවට පස්සෙ අපිට ගෙදර යන්න තවත් පැයක් වැඩිපුර යනවා. පිටකොටුවෙ ඉඳන් පෑලියගොඩට පැයයි. එතැන ඉඳන් යක්කලට පැයයි. ඉස්සර මේ කොටස පිටකොටුවෙ ඉඳලා යක්කලට යන්නම පැයයි ගියේ. එතැනින් පේන්නෙ සංවර්ධනය පෙනුනට නිසි අධ්‍යයනයකින් හා සැලසුමකින් තොරව ඒ ව්‍යාපෘති සිදුවෙලා තියෙන බවයි.

    ReplyDelete
  10. හම්බන්තොටට ආවේනික නොවන තලගොයින්ට වඩා ඉන්නේ ගංකබරයෝ.

    ReplyDelete
  11. නිර්මාණාත්මක පෝස්ටුවත් ! අන්තර්ගතය ගැන කියනවානම්, ආණ්ඩු පක්ෂයට ඡන්ද අඩු විම වැන්නක් ගැන ආතල් ගැනීමේ තේරුමක් ඇත්තට ම ඇත්දැයි මම ආයෙමත් හිතනවා. මොකද, ආණ්ඩු පක්ෂය එක්ක උපක්‍රමික වෙනස්කම් තිබුණත් උපායමාර්ගිකව ඔය දිනපු ඇත්තෝ හැමෝ ම එක තැනක තමයි ඉන්නේ. ඒ අතින් වෙලා තියෙන්නේ අර ප්‍රචාරක ව්‍යාපෘතිවල පරාජයක් නොවෙයි, ලාබය කට්ටිය අතර හයියේ හැටියට බෙදා ගැනිමක්. ඉතින් ඇත්තට ම දිනුවේ කව්ද වගේ එකකට වඩා පැරදුනේ කව්ද කියල හෙව්වොත්.................?

    ReplyDelete
  12. සිත්කාවදින ලෙසින් ලියවී ඇති වටිනා ලිපියකි.

    ReplyDelete
  13. කියන්න ඕන දේවල් නියමෙට කියල තියෙනවනෙ බොලේ.. ඇඩෙනව තනි ඇහැට.... අන්තිමට තියෙන වාහනේ නම් මරු...

    ReplyDelete
  14. Yako,tho colombo da? thoth hambantota godayek thama. Api dakkane thoge ammala thaththala kana bona hati.

    ReplyDelete
  15. හම්බන්තොටින් හැතැක්ම දෙකතුනක් ඇතුලට ගියාම තියෙන තත්ත්වය ඔය කියනවාට වඩා වෙනස්. සමහර ගම් තියෙනවා වතුර ටිකක් නෑ බොන්න. එක කන්නයයි වගා කරන්නෙ. අලි මිනිස් ගැටුම්. විරැකියාව, අලෙවි ප්‍රශ්න, කැඩුනු පාරවල් තාම විසඳිලා නෑ. සමහර ගම්වල මිනිස්සු කියනවා ගුවන් තොටුපලෙ වරායේ රස්ස කරන්නේ පිටින් ආපු අය, අපේ ලමයි නෙවේ කියලා.

    ReplyDelete