Wednesday, June 18, 2014

ආගම නම් වූ විනෝදාංශය

හලාල් කේස් එකෙන් පස්සෙ යට ගිහින් තිබුන ආගමික ප්‍රෙබා්ධය යලිත් ඇතිවෙලා. අලුත්ගම සිද්දියෙන් හරිම සතුටුයි හැමෝටම. පිටින් පෙන්නුවෙ නැතිවුනාට පිටින් දුක් වුනාට කුමක් හෝ විශාල ආගමික ගැටුමක් කියන්නෙ පට්ටම විනෝදයක්. අයියෝ කියල දුක්වුනාට ඒකත් ආතල් එකක්. ගූ ගොඩක් දැක්කම ඇතිවෙන හැඟීමත් රසයක් විදියට කලාවෙ මූලිකාංග වල දැක්වෙනවා.  කිසිම ආගමක් වැඩක් නැහැ කියන මතයේ ඉන්න මම ඇතුලු පිරිසටත් ටිකක් අමුතු ගතියක් හිතට ඇවිත්. මොකද අපේ මතේටත් හරියන සරුබිමක් හමුවෙලා නේ තියෙන්නෙ. හරියට මහ වැස්සෙන් පස්සෙ වල් ගස් මල් ගස් කෙහෙල් ගස් කොන්ඩ ගස් ආදී හැම ගහටම ජීවයක් එනවා වගේ.

එකපාර ආගම් අතුරුදහන් වුනොත් ? 

මොහාතකට හිතන්න ලංකාවෙ තියෙන පංසල් පල්ලි සාදුලා, ලෙබ්බෙලා, පූසාරිලා,දේවගැතියලා,ෆාදර්ලා, ආගමික නායකයෝ ඕක්කොම එකම ක්ෂණයකින් අතුරුදහන් වෙලා යනවා. එහෙම වුනොත් සමාජයට මොකක් වෙයිද? බොහෝ ආගමික නායකයින් සහ බහුතරය හිතන විදියට එතකොට මාරම දෙයක් වෙලා සමාජයේ අපරාද විනාසකාරී දේවල් වැඩිවෙනවා. ඒක හිතාගන්න බැරිතරම් විනාසයක්. ඒ වගේ තත්වයකදි අපරාද භීෂන ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගැන කියල නිමකරන්න බැහැ. 

නලින්ද සිල්වා මහාචාර්යතුමා වරක් අහනව, මුලු ලෝකෙම ආර්ථික විද්‍යාව ඉගැන්වීම අවුරුදු පහකට නතර කලොත් ලෝකෙ මොන විදියට වෙනස් වෙයි ද කියලා. රසායන විද්‍යාව,භෞතික විද්‍යාව සම්බන්ධ කෙලින්ම ජීවිතයට බලපාන කරුනු තිබුනත් ආර්ථික විද්‍යාව කියන්නෙ පවතින දේවල් විග්‍රහ කරන විශයක්. ඒක නැතිවුනා කියල ලොකු දෙයක් වෙන්න බැහැ කියලයි මහාචාර්ය තුමා ලිපියකදි කියලා තිබුනෙ. නලින් ද සිල්වා කොයි තරම් බයිල කිව්වත් එයාගේ සමහර කාරනා වටිනවා. ඒ ආර්ථික විද්‍යාව නැතිවීම බලපාන ආකාරය විග්‍රහ කිරීම  ලක්ෂණ කතාවක්. 
 
ලෝකෙ ආගම් ඇදහීම් අඩුවෙන් තිබෙන රටවල් අනික් රටවල් වලට වඩා සාමකාමීයි. අපරාධ ආදිය අඩුයි. හැමෝම දැන් බෞද්ධ ආගම චෝයි ඒකෙනම් කිසි වරදක් නැහ කියනවා. නමුත් බෞද්ධ රටවල් විදියට හැඳින්වෙන, තායිලන්තය, කාම්බෝජය,මියන්මාරය,ශ්‍රී ලංකාව ආදී රටවල් ඇත්තටම සුපිරියිද? අනික් රටවල් වලටත් ආදර්ශ ගත හැකි මට්ටමක තියෙද? නැහැ නෙව. සමාරු කියනවා ඒක අදහන මිනිස්සුන්ගේ වරදක් කියලා. ඉතිං එහෙම වරදක් වුනත් ඒක හදාගන්න ආගමික ඒජන්තවරුන් හෙවත් පූජ්‍ය පක්ෂය සමත් වෙන්න එපායැ. ආගම් වැඩිපුර අදහන ආගමික රටවල් හිතන තරම් සාමකාමි සහ නිකලැල් නැහැ. ඊට වඩා ආගම් පයිසෙට ගන්න නොගන්නා රටවල් දියුනුයි. ආකල්ප,සමාජිය පැවතුම් වගේම ආර්ථික අතිනුත් ඒ රටවල් දියුනුයි. 

නාකි වුනොත් ඔයා සංවර වෙන්න ඕනි..
එෆ් එම් ස්ටයිල් එකට ගත්තොත්. “දැන් ඔයා දරුවන් ඉන්න තාත්තෙක් සමාරවට ඔයාට තව ටික දවසකින් සීයෙක් වෙන්නත් ලැබෙනවා.මේ වෙනකොට ඔයාට සීයෙක් වෙන්න වාසනාවට ලැබිලත් ඇති. ඉතිං දැන් ඔයා ඉස්සර වගේ කොල්ල හෝ  කෙල්ල විදියට ඉන්න බැහැ. ඔයා දැන් ටිකක් චාම් වෙන්න ඕනි. ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනි. බොහොම සංවර වෙන්න ඕනි. සිංදු අහල, ෆිල්ම් බලල, ට්‍රිප් ගිහින්, ලව් කතා කියවල ගත්ත ආතල් දැන් ඔයාට හරියන් නැහැ. ආදී වශයෙන් වැඩිහිටියා සංවර විය යුතු ආාකාරය සමාජය විසින් නියම කරනවා. අපේ වැඩිහිටියො ඉන් පස්සෙ බොහොම සංවර වෙන්න හදනවා. හරිම නිවුන අය විදියට ඇඩ් දාන්න ලෑස්ති වෙනවා. සමාරවිට අසාර්ථකයි. නමුත් ජීවිතේ අර පොතේ තියෙන විදියට සමාජය කියන විදියට කූඩුව ගහගෙන ආගමික පැත්තට හේත්තුවෙන්න කියලා තමයි පිටින් ඉන්න අයගේ බලපෑම එන්නෙ.

ඒ නිසා අපිට අද බීච් එකකට ගියාට ලව් කරන නාකි කපල් දකින්න අමාරුයි. ෆිල්ම් හෝල් වල පෝලිම් වල නාකි කපල් දකින්න බැහැ. ඒ වගේම විනෝද සැනකෙලි මියුසිකල් ෂෝ වලත් නාකි අය අඩුයි. හැබැයි මහින්ද රාජපක්ෂ අමතන රැස්වීම් වලයි පංසල් පල්ලි, කෝවිල් වලයි නම් නාකි අය වැහි වැහැලා. මහින්ද රාජපක්ෂ අමතන පොදු අවස්ථාවක (ඉන්විටේෂන් රහිත) ඕඩියන්ස් එක දිහා බැලුවොත් ඉන්න වයසක උන්දලා රෑනක් ඔයාලට ලේසියෙන්ම මීටර් කරගන්න හැකියාව තිබෙනවා. සමාරවිට එතුමාගේ ඇමතීම තුල ජාතිය ආගම රට යන සාධක ගැන ඇතිකරන හැඟීම බලවත් නිසාත් එතුමාගේ තිබෙන කඩවසම් පෙනුම නිසාත් එහෙම නාකි පිරිස රැස්වීම් වල වැඩි වෙනවා ඇති.

 
ආගම සියලු ආතල් සැපයීම.. 

මේ ළඟදි අපේ තාත්තට කතා කරනවා තරුණ යමක් කමක් තියෙන තැනක නෑයෙක් සිල් ගන්න. නමුත් අපේ තාත්ත සිල් ගන්න යන්නෙ නැහැ. අර තරුණ පුද්ගලයා නිතරම සිල් ගන්න පංසල් යන අයෙක්. ඔහු විශ්වාස කරනවා තාත්තා සිල් ගැනීම හොදයි කියලා..අපේ තාත්ත මැරුනම කොහේ යාවිද කියන පස්නෙ අපේ තාත්තටත් වැඩිය අර උන්දැට තියෙනවා. සමාරවිට උන්දැට ඇතිවෙච්චි බිය අපේ තාත්තටත් බෝ කරන්න හදනෝ වෙන්න ඇති.

වයසක කස්ටිය කෝමත් පංසල් පල්ලි බදු අරං ඉන්නවා නේ. අපි බලමු තරුණ අය දිහා. බොහෝ ලාංකික තරුණ තරුනියන්ගෙන් නිකමට විනෝදාංශ මොනවද කියලා ඇහුවොත්? ලැබෙන උත්තර මොනවද? ටෙලි නාට්ටි බැලීම,මල් වැවීම,පොත් බැලීම, විනෝද සවාරි යෑම, පාටි වලට යෑම, ඉඳහිට ක්‍රිකට් මැච් බැලීම, චිත්‍රපටි බැලීම වගේ දේවල් වලට කොටු වෙලා. නමුත් ඇත්තම තත්වය ගත්තොත් ඕ කියන විනෝදාංශ වල පවා කාලෙකින් ඒ අය නිරත වෙලා නැහැ. රැකියාවට යන එන ආයෙත් ගෙදර ඇවිත් ගෙදර වැඩ කරනඑක, ටෙලි බලන එක, පෝර්ති බලන එක,  මැච් එක දවසට ඒක දිහා කට ඇරගෙන බලාගෙන සිටීම වගේ ඒකාකාරී ජිවන රටාවක් බොහෝ දෙනාට තිබෙනවා. ඒක වෙනස් කරගන්න ඕනි කියලත් අදහසක් ගොඩක් අයට නැහැ. 

ලාංකික තරුණ පරපුරේ එක්තරා කොටසක් ජීවිතයෙන් තෘප්ත වෙනවා කාලයකදි. එයාල ගෙවල් දොරවල්, යාන වාහන, ළමයි ආදිය අරගෙන ස්තාවර වෙනවා. සල්ලි කාරයො පිටිපස්සෙ ඉන්ෂුවරන්ස් කාරයොය් ක්‍රෙඩිට් කාඩ් ඒජන්තයොය් පන්නනවා හා සමානවම ආගමික පාර්ශවකාරයොත් පන්නනවා. ඉන් පස්සෙ බොහෝවිට අර මුදල් තියෙන තරුණ විය පසුකරන මනුස්සයා ආගමට ලැදි වෙනවා. බෞද්ධ නම් අලුත් අසපුවකට අලුත් ස්වාමින් වහන්සේ  කෙනෙකුට සෙට් වෙනවා. පල්ලි හෝ කෝවිල් නම් ඒවයි ගිහින් පැලපදියම් වෙලා වැඩ කරනවා. දැන් එයාල මෙලොව ජීවත් වෙලා ඉවරයි. යන තැනකට වැඩ සිද්ද කරගන ඉන්න තමයි උත්සාහ ගන්නෙ. මේ අපේ රටේ මිනිස්සු හුරුවෙලා තියෙන ක්‍රමය. පංසල්,පල්ලි,කෝවිල් නැතුව සමාරුන්ට ජීවිතේ ඉදිරිය ගැන හිතන්නවත් බැහැ. 

සමාජයේ මැදිවියේ ඉන්න යමක් කමක් තියෙන හෝ නැති බහුතර ජනයා මේ විදියට ආගමට ඇලිලා. සමහරු පන්සල් පල්ලි හෝ අසපු නොගියාට සිතින් පොතින් පතින් ආගම එක්ක නැඹුරු වෙලා. දැනට ලංකාවෙ නවකතා පොත් වලට වඩා ආගමික පොත පත විකිනෙනවා. මම හිතන්නෙ සුජීව ප්‍රසන්නගේ පොත් වලටත් වඩා මේ කාලෙ අසපු ස්වාමින් වහන්සේලාගේ ධර්මය ජනප්‍රියයි. සිංදුවක් අහලා ආතල් එකක් අරගන්න හුරුවන අය අම්මා කවිබණ අහන්න පටන් අරං. සමහරු අලුත් තාලවලට කියන ගාථා අහන්න පටන් අරන්. 

සීරුවෙන් බැලුවොත් ආගම විසින් සියලු විනෝදයන්හි සාරය උරාගෙන අලුත් මාකට් එකක් හදාගෙන යනවා. ඒ වගේම එන්න එන්නම ඒ ශ්‍රාවකයින් ගාන වැඩිවෙනවා. අලුත් ලවු ස්ටෝරියක්, පොර ස්ටෝරියක් බලන්න හෝල් එකකට යන සෙනගට වඩා දළදාගමනය මහින්දාගමනය බලන්න යන සෙනග වැඩියි. මොකද මිනිස්සු ජීවිතේ හැමතිස්සෙම පින රැස්කරගන්න උත්සාහ කරනවා. ආදරයටත්  වඩා ආගමික අංශයෙන් ලබන විනෝදය උසස් වෙලා. අද ‍ෂෝට් ෆිල්ම් එකක් කරන්න, අලුත් පොතක් ගහන්න, බිස්නස් එකක් පටන් ගන්න, ආදි එකී මෙකී නොකී සියලු වැඩවලට වඩා හරිම ලේසියි සිවුරක් හෝ ලෝගුවක් දාගෙන අලුත් ධර්මයක් දෙසන්න ගන්න එක. නැත්තං ආගමික ප්‍රොඩක්ට් හදන එක. (අතීත කතා ඇතුලත් ෆිල්ම්, ඉතිහාසය සහ ආගම ඇතුලත් පොත්, )

මීට දශක දෙක තුනකට කලිං හිටපු සමාර සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ කරපු ලොකු නිර්මාණ තියෙනවා. ඒ කාලෙ මුස්ලිම්,දෙමළ ලොකු ව්‍යාපාරිකයෝත් පල්ලි කෝවිල් හදන්න ඇති. මේ අය කවර හෝ හේතුවකට එයාලගේ ලග තිබුන අතිරික්ත ධනය මේ ආගමික සිද්ධස්තාන සහ ආගමික කටයුතු වෙනුවෙන් යෙදෙව්වා. ඔවුන් අලුත් ව්‍යාපාර, අලුත් කර්මාන්ත, අලුත් කලා කෘති වෙනුවෙන් ආයෝජනය කරන්නෙ නැතුව අමාරුවෙන් හම්බකරගනිපු තුට්ටු දෙක පංසල් පල්ලි වල ගල් ගඩොල් සිමෙන්ති වෙනුවෙන් වියදම් කලා. 

නිදහස ලබාගෙන අවුරුදු හැටක් ගත වෙනකොට ලංකා ආර්ථිකය තාමත් දුවන්නෙ ටී රබර් පොල්, ගෑනු සහ ඉතාම සුළු පරාසයක අපනයන ප්‍රමාණයකින්. එදා ඒ සල්ලි තියෙන මිනිස්සු මොලේ වෙහෙසලා අලුත් දේවල් හිතලා අලුත් කලා කෘති, අලුත් කර්මාන්ත, නව නිෂ්පාදන වෙනුවෙන් සල්ලි වියදං කලානම් අද වෙනකොට ලංකාව කියන්නෙ මාරම රටක්..

26 comments:

  1. ආගම අදහන එක සහ ආගමට කඩේ යන එක ෆැෂන් එකක් මිසක් ඕක ඔළුව උඩ තියාගෙන දඟලන උං බහුතරයක් උංගේ ආගම ගැන හරියට දන්නේ නෑ.අනික් ආගම් ගැන පුංචිවත් අදහසක් නෑ.අනික් ආගම් ගැන දශමයක් දෙයක්වත් දන්නෙ නැතුව කියනවා උංගේ ආගම තමා සිරාම එක කියලා.

    ReplyDelete
    Replies
    1. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

      Delete
    2. පට්ටයි අමිල. එල අමිල. මරේ මරු ඩොට් කොම් අමිල.උම්මා අමිල. චෝයි අමිල.හෙනම හෙන මීටරේ අමිල ඔයාගෙ.සතුටුයි අමිල.සුබ පැතුම් පිලිගන්න අමිල!

      Delete
  2. කතාව සහතික ඇත්ත..

    සියලු විනෝදාස්වාද මාර්ග ආගම ( ධර්මය නොවේ) විසින් ආක්‍රමණය කර ඇත.
    බොරුනම් පෝය දවසට , නත්තල් දවසට ලංකාවේ ඔනෑම tv චැනල් එකක් දාල බලන්න.

    ඔක්කොම එකම වහලක් යට.

    ReplyDelete
    Replies
    1. එල එල අමිල..!මාරයි ආ? හෙනම සිරා ලිපියක්. මාර මොලේ අනි.ඔයා පරිස්සම් වෙන්න හොඳෙයි අනි?

      Delete
  3. දිනුක ඔබ විසින් අන්වර් මනතුංග බ්ලොග් එකේ ඒකදේවවාදය ගැන අපූරු තර්ක වගයක් දාලා තිබුනා.ඒවා යළි පලකරන්න බැරිද
    ඒ දවස්වල ඒවා සේව් කර ගත්තත් දැන් මා ලඟ නෑ.

    ReplyDelete
    Replies
    1. මම තර්ක කළේ ඒ ඒ ලිපිවල ඔවුන් ඉදිරිපත් කළ යම් යම් සාවද්‍ය සහ හාස්‍යජනක කරුණු ගැන නිසාත් ඒවා බොහෝ කාලයකට පෙර දැමූ ඒවා නිසාත් මට මතක නම් නෑ.මනතුංග බ්ලොගය අවහිර කළාට පස්සේ මගේ ලොකු විනෝද මාර්ගයක් වැහිලා ගියා.

      Delete
  4. අමිල
    අපේ මිනිස්සුන්ට ඕනෙ මොකේක හරි එල්ලිල ඉදගෙන හිතසනස ගන්න ඒක මිසක් එයාලට ඇත්තටම ඒක ාගමක් ඕන නෑ.. එහෙම ඕන වුණා නං මොන රෙද්දටද බුද්ධාගමේ කියල පොතේ ලියාගෙන දේවාල ගානෙ යන්නෙ...
    නේහ්...
    අපේ මිනිස්සුන්ට ඕනෙ මිත්‍යාව... ඒකනෙ හාස්කම් හොයන්නෙ...
    අඩුමගානෙ නානසාර වත් දන්නෙ නැතිව ඇති මොකද්ද ඊළගට කරන්න ඕන කියල

    ReplyDelete
    Replies
    1. අනේ අමිල ඔයා හරී සිරා අමිල.එල අමිල! මරු අමිල!! ටොප් අමිල !!

      Delete
  5. //ලෝකෙ ආගම් ඇදහීම් අඩුවෙන් තිබෙන රටවල් අනික් රටවල් වලට වඩා සාමකාමීයි. //
    මේ කාරණේ නම් ඇත්ත තම්යි.

    ReplyDelete
  6. පට්ටම ලයික් ලිපියක් මේක.
    මම දන්න සමහරක් බුවාල ඉන්නව තමන් අකමැති උදවිය එක්ක විවාහවුන තමුන්ගෙ ළමයින්ට, කිසි දෙයක් දෙන්නෙ නැතුව පන්සල් වලට ඉඩකඩම් ලියල දීපු.

    ReplyDelete
    Replies
    1. අමිල ගෙ මොලේ තමා මොලේ..!මේ තරම් බුද්ධිමත් විදියට හිතන්න ඇයි අනිත් අයට බැරි?ඇයි මේ වගේ බුද්ධිමත් අය අපි පාර්ලිමේන්තුවට යවන්නේ නැත්තේ?

      Delete

  7. මුස්ලිම් ත්‍රස්‌තවාදය එරහිව සටන් වැදීම හොදයි. හැබැයි ඒක කරන්න ඕනි විදියක් තියෙනවා.

    මුලින්ම මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ ක්‍රිස්තියානි,කතෝලික,බෞද්ධ,හින්දු,අනෙකුත් ආගම්වල උදවිය වගේම ආගම් අදහන්නේ නැති අය එක්කාසු වෙන්න ඕනි. ඊට පස්සෙයි මුස්ලිම් ත්‍රස්‌තවාදය දැනෙන්න පිළිතුරු දීලා උන්ව සමුල ඝාතනය කරලා ලෝකය පිරිසිදු කරලා දාන්න ඕනි.

    මගේ හීනයක් තමයි කවදා හරි එවැනි සංවිධානයක් බිහි වෙනවා දැකීම. නොර්වේ රටේ කලින් වතාවක මෙවැනි දෙයක් සිදුඋනා. එම රටේ පිහිටුවා තිබෙන මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇති ලියකිවිලි වල ශ්‍රී ලංකාව ගැනත් සදහන්. ඔවුන් කියා තිබෙනවා ලංකාවෙනුත් මුස්ලිම් ත්‍රස්‌තවාදය අතුගා දැමිය යුතු බව.

    ReplyDelete
  8. ethakota baudda thrasthawaadaya

    ReplyDelete
  9. මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී සොයාගෙන තිබෙනවා. පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බවයි වාර්තා වන්නේ.

    එසේම ඒ හිමියන් මත් ගතියෙන් සිටින අතර,එමනිසා මෙතෙක් කට උත්තරයක් ලියා ගැනීමට පොලීසියට නොහැකි වි තිබෙනවා. කෙසේවෙතත් විජිත හිමියන්ගේ ජනනේන්ද්‍රියේ බ්ලේඩ් පහර කිහිපයක් ඇති අතර,එය සුන්නත් කර ඇති බවක් දිස්වන බවයි ජාතික රෝහල් ආරංචි මාර්ග කියා පාන්නේ.


    ලංකාදීප වාර්තාව මෙතනින් බලන්න

    ReplyDelete
  10. ලන්කාවෙ මේ ප්‍රශ්නයට ලොකු හේතුවක් දැන් කාලෙ තරුණ අයට ඉස්සරට වඩා ආගම් පිස්සුව තියන එක.
    ආගම් "ඇදහීම" අඩුවෙලා ආචාරශීලී සහ නීති ගරුක වෙනව නම් මේ තත්වය අඩුවෙයි.
    ලොකුම මිත්යාව තමයි ආගම් නිසා මිනිස්සු නීති ගරුක හා ආචාර සම්පන්න වෙනවයි කියන එක. නීතිය හරියට ක්‍රියාත්මක් වෙලා මිනිස්සුන්ට ආගම් හෝ ඕනැ මිත්යාවක් රාජ්ය අනුග්‍රහ ආදිය නැතිව පුද්ගලිකමට්ටමෙන් අදහන්න ඇරියනම් යහපත් සමාජයක් බිහිවෙයි.

    යහපත් සමාජයකට අත්යවශ්ය ආගම් නොව නීතිය හා ආර්තික ස්තාවරත්වයයි

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට නිවැරදි කියමනකි. ආගමක් නොතිබුනානම් මෙහෙමවත් ඉන්න වෙන්නේ නැහැ. ඔබ ප්‍රඥාවන්තනම් ආගමක් නොමැතිව වැරැද්ද නිවැරැද්ද හඳුනා ගැනීමට හැකිවේ. එසේ නොවන තාක් ඔබට ආගම අවැසිවේ.
      "ධර්මය පහුරක් කරගන්න " බුදුන් වහන්සේ.

      Delete
  11. කාලීන ලියවිල්ලකි.. ජයවේවා!

    ReplyDelete
  12. ලංකාව කියන්නේ මෝඩ මිනිස්සු ඉන්න රටක්. කොටින්ම ගෝත්‍රික ගති රටක්. අපේ කලිසම කමීසේ අඳින එකත් කැමති ගෝත්‍රික සරම බැනියමට, සාටකේට. උන් අමුඩේ කරේ දාගෙන ගියේ නැති උනාට, කරේ එල්ලගෙන යනවා. සුද්දො නම් ඒකට කියන්නේ ටයි පටිය කියලා. මම නම් ඒකට කියන්නේ අමුඩේ කියලා. මොකෝ මුන්ගේ චින්තනය ඇවිල්ල පට්ට අමුඩ චින්තනයක්. උන් සංසාරෙදි අහලා නැති ඇට කෑළි වලට කෙස් වලට පෝලිමේ ගිහින් වඳිනවා. තව සෙට් එකක් දෙවියන් වහන්සේ ආයේ එනකන් බලාගෙන ඉන්නවා. තව සෙට් එකක් ලෝගු වල බැහැලා. ඔළුවේ ඉඳගෙනම කළු පෙරවගෙන අල්ලා හොයනවා. අනික් ටික මොට්ටු තියාගෙන අළු වලින් ඉරි ඇඳගෙන දෙහි ගෙඩු මිරිස් කරල් එල්ලගෙන යනවා. පට්ටම ආතල් එක කියන්නේ මුන් ඔක්කෝම බලාගෙන ඉන්නවා දියසේන කුමාරයා එනකන්. ඌ ආවා. ඌ දැන රට ගිනි තියනවා. අප්සට් සෙට් එක රාවණා එනකන් බලාගෙන ඉන්නවා. ඒ අස්සේ අද ගුරු මාරුව. කට්ටියම ෆුල් ආතල් එකේ ඉන්නේ. ඔක්කෝම ලග්න වලට සුභයිලු. ගුරු මාරු උන නිසාද දන්නේ නෑ, තම්බි ටිකත් කඩ වහලා මාරු වෙලා. හර්තාල්ය කියන්නේ.. නොවේ මෙවන් වින්දනයක් ළොවේ..

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ හැමතැනම දන්නටික ගිරවෙක් වගේ කියව කියවා යන්න එපා. ලිපිය කියවලා කල්පනා කරලා අලුතෙන් මොනවා හරි කියපන්. ඔය කොමෙන්ට් එක මම දන්නා කාලේ ඉඳන් එක එක විදිහට එක එක සයිට් වල ලියනවා. මේ බලපං අද දවසට මේ කීවෙනි එකද http://www.blogger.com/profile/16483074739561663830

      Delete
    2. @ mathalan .අනේ මෙහෙමත් අම්බ ගොනෙක්.මූ හිතනවා ලංකාවෙ උන් මොට්ටයි,ඒත් ඌ බුද්ධිමත් කියලා. උන් ගොන් නම් මූ හත් ගුනයක් ගොන්.

      Delete
  13. ඒක නෙමි අනි,අර...... කලින් එකේ..? අර... ගවුම උස්සල පූසා පෙන්නුවෙ?ආන් එයා ඔයාලයි ගෙදර ද? හොඳයි නැත්නම් ඇයි ඒක බ්ලොග් එකේ පෙන්නුවේ?හොරා වගෙ අපිට බ්ලොග් පෙන්නල එයාට පබ්ලිසිටි ගන්නව නේද?

    ReplyDelete
  14. අමිල මහත්තයා, දැන් අපි සිංහල බෞද්ධ පදනම අතහැරලා දාපුගමන් දියුණුව ළඟා වේවිද? දැන් එහෙම කලොත් බොහොම ඉක්මණින් මේක පකිස්ථානයක් හරි අරාබියේ කොටසක් හරි වෙනවා. ඊට පස්සේ වෙනදේ කියන්න ඕනි නැහැනේ. අපිට ඔක්කොම තේරෙනවා, බුද්ධිය පෙන්නන්න ඕනිනම් ආගම ජාතියට ගරහන්න ඕනි කියල හිතන එක අපේ රටේ යමක් උගතුන්ට තියෙන හීනමානයේ කොටසක් කියලයි මටනම් හිතෙන්නේ. ඔයතරම් දියුනුයි කියන ඇමරිකාවේ ඩොලර් නෝට්ටුවක් අරන් බලන්න ගහල තියෙනවා IN GOD WE TRUST කියලා. රටක් ජාතියක් ගොඩනගන්න නම් රටේ ඉගෙන ගත්ත එවුන් පිටකොන්ද කෙලින් තියාගෙන අනිත් එවුනුත් එකතු කරගෙන රට හදන්නයි උත්සහ කරන්න ඕනි. ඒකට සිංහල බෞද්ධ පදනම පන ගැන්වීම හොඳ ආකල්පයක් මිසක් තමන් තමන්ගේ ජාතියට ගරහමින් සිටීම සුදුසුදැයි සිතා බැලීම ඔබට බාරයි.

    ආගම් අදහන්නේ නැති අපි හරි පොරවල් යන මතය හැර සමස්තයක් ලෙස ඔබේ මෙම ලිපියට මම එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් එකෙක්ට හරි , නිවැරදි දෙය කියා ගන්න මොලේ පොඩ්ඩක් තිබිලා තියෙනවා. අද ආගමට,ජාතියට ,ආණ්ඩුවට බනින එක කළාවක් වෙලා.අද මාකට් වෙන්නෙ එහෙම ලිපි.ඒ නිසා වෙළඳපොල තමයි මේ හැම ලිපියක්ම තීරනය කරන්නේ.
      අපේ අතින් අපේ යුතුකම් ජාතියට කෙරෙනවද, හරියට රස්සාව කෙරෙනවද,පාරෙ නීති ටික වත් අඩු ගනනෙ රැකෙනවද,බස් එකේ යන කෙල්ලට ජැක් එක නොගහවත් යැවෙනවද? අපි යන්නෙ රට හදන්න.රාජපස්ස හදන්න.ඊට කලින් තම තමා හැදුන නම් ....?

      Delete
  15. හොද ලිපියක් මේකෙම තවත් කොටසක් බලපොරොත්තු වෙනවා .

    මීට,

    කටාර්

    ReplyDelete
  16. කාලෙකට කලින් X කන්ඩායමෙන් පල කරපු London සඟරාවෙ තිබුනු "දඬුලේනා ජාතකය" කියන ලිපිය මතක් උනා...

    ReplyDelete