Thursday, July 17, 2014

යන්න එහේ ගිහිල්ලා korean ausi jobs

මෙන්න මෙහේ ඉන්න බැරුව
යන්න එහේ ගිහිල්ලා
දුන්න සුද්ද බැටේ උන්ට
ආයෙ ඔන්න ඇවිල්ලා..
ඉන්න ටිකේ මැරිල මැරිල
ලබු රට ගැන සිතා උන්න
මෙන්න බොලේ එන්න එන්න
හැම බඩුවම මිල ගියා..

ආශ්චරිය පොල්බෑමූනෙක් හැමදා පේනවා
ටීවි එකේ ගුරු පටියක් දාගෙන තප්පුලනවා
ආං ඒක විතරක් හැමදාම අපිට පේනවා..
අපිට කන්න ආච්චරිය කොන්ක්රිට් තලි තියෙනවා.
මහා පාර තියෙනවා..තඩි වරාය තියෙනවා..එයා පොට් තියෙනවා..
සං වරු දනෙ තියෙනවා..
අපි  කාපු බීපු ඉඳපු විදිය
පන්න පන්න හොයන් නෑ
අපි ඉන්න හිටින වැටෙන දිහා
වෙන කාටත් ඕන නෑ
ඔන්න අපි ගිහින් අහුවෙල
උන් අපි හරෝල එවාලා..
බලාපල්ල සතුට මුන්ට
කැමර් අරං ඇවිල්ලා..

දවස් දෙකක් බඩට කන්න
නිවුස් එකක් හොයාගන්න
වලිකන මේ බබාලාන්ට
අපි මැරුනත් කමක් නෑ..
නිවුස් එකක් තියෙනවා.
දෙන්න දෙන්න අපිට දෙන්න
ඡන්ද කාලෙ ඇවිල්ලා

ඔක්කෝම අමතක කොරලා
යුද්දෙ දින්න මතක් කොරන්
පලල් කොරලා කොරලා ගිහින්
කතිර ගහල එන්න වරෙං..
රට ගැන යුතුකම ඉටුකර
රට පනින්න හිතට ගනිං..
කොරියන් යන්ටා..වීසා දෙන්ටා..ඔසී පනින්ටා...අපිට වරමාක් දෙන්ටා...
උංට ඉහලින් යන්ටා..අපි කතිරෙ ගහන්ටා..අපි කොරියන් යන්ටා..ගිහිල්ල මිටි උස්සන්ටා.


12 comments:

  1. කෝ සවුන්ඩ් ට්‍රැක් එක?

    ReplyDelete
  2. ඔහැක්...
    රට යන මහත්තුරුන්ට යන්නදෙන්න අනේ..
    මේ හරක්ටම කතිරෙ ගහන්න අනේ...
    වැඩි දෙයක් ඕන නෑ...
    අපේ දේවල් දියුණු කොරන්නත් එපා අනේ...

    එහෙම වුණාම මහින්ද අය්යට හැමදාම උන්නහැකි නෙව

    ReplyDelete
  3. ලෝකෙන් උතුම් රට ලංකාවයි
    ලංකාවයි ශ්‍රී ලංකාවයි

    ReplyDelete
  4. මට නම් මේ ජඩ මාධ්‍ය කාර්යො ගැන පුදුම තරහක් තියෙන්නේ. මිනිස්සුන්ගේ ලේ, කඳුළු වේදනාව විකුණන එක තමයි මේ බහුතරයක් පරයන්ගේ වැඩේ. මේ මිනිස්සුන්ට ඇයි මෙහෙම උනේ, ඒ ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ කොහොමද කියලා නිව්ස් එකක් හදන්න ට්‍රයි කරංනෙඅ නැහැ. අර කබලෙන් ලිපට වැටුන මිනිස්සුන්ව තවත් අසහනයට, පීඩාවට පත් කරන්න තමයි මුනුත් දඟලන්නේ.

    මාධ්‍ය යනු පාලකයාගේ මෙවලමකි.

    ReplyDelete
  5. මාධ්‍ය යනු ආතල් සපයන ආයතනයක් පමණි

    ReplyDelete
  6. පොටෝ ගන්න එකද ආශ්චර්ය

    ReplyDelete
  7. ආශ්චර්යය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි..

    ReplyDelete