Tuesday, January 20, 2015

ජොනීට එරෙහි ජෝන් පාත්වුන ලංකා සතොස

ලංකා සතොස කිව්වාම ලංකාවෙ අපිට සුපුරුදු තැනක්. ලංකා සතොස භාන්ඩාගාරයට විශාල බරක් නොවී රටේ දුප්පත් ජනතාවට සෘජුව සේවාව සපයන තැනක්.
ගොවීන්ට සහන සැලසීම.
ලංකාවෙ ගොවි ජනතාවගේ බෝග වර්ග විකුනාගන්න බැරිව එක්තරා කාලයකදී ඔවුන් දැඩි ලෙස අසරණ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපේ රජය සෘජුවම සතොස හරහා එම මිලදී ගැනීම් සිද්ද කරනවා. සහල් , අල, ලූනු වැනි දේවල් එසේ කෙලින්ම ගොවියාගෙන්ම මිලදී ගන්නට සතොස ක්‍රියා කරනවා. කෙලින්ම රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවිජන සේවා නිළධාරින් ග්‍රාම නිළධාරින්, වගා නිළධාරින් හරහා රජය ගොවීන්ගෙන් වී, අල, ළූනු මිලදී ගන්නා නිසා ගොවීන්ට ලොකු  සහනයක් ලංකා සතොස හරහා ලැබෙනවා.

පාරිභෝගිකයාට සහන ලැබීම.
සුපිරි වෙළඳ සැල් කියන සංකල්පය ලංකාවෙ සාමාන්‍ය ජනයාට මුලින්ම ගෙනාවෙ සතොස. සතොසේ තමයි මුලින්ම රාක්ක දාල මිනිස්සුන්ට ඕනි වියලි ආහාර ආදිය අපේ සාක්කුවට ගැලපෙන ලෙස ලබාදෙන්න කටයුතු කලේ. ලංකාවෙ කොයි තරම් තරඟකාරී වෙළඳපොලක් තිබුනත් සමහර භාන්ඩ වල මිල සමහර කාලවලදී අසාමාන්‍ය ලෙස ඉහල යනවා. ඒ වගේ අවස්ථාවලදී සතොස විසින් ආනයනය කර හෝ වෙනත් ක්‍රම මගින් ජනතාවට සහන මිලට පාරිභෝගික ද්‍රව්‍ය ලබාදෙන්නට ක්‍රියාකරනවා. කෙලින්ම රජයට සම්බන්ධ ආයතනයක් නිසා රජයෙන් බදු සහන ලබාගෙන  ඒ සහනය පාරිභෝගිකයින්ට ලබාදෙන්නත් හැකියාවක් සතොසට තිබෙනවා. තරඟකාරීත්වයේ වැඩිවීමත් වෙළඳපොල ප්‍රසාරනයත් ආදී හේතු නිසා න්‍යායාත්මකව බඩු මිල අඩු විය යුතු වුවත් බොහෝ විට ලංකාවෙදි නම් ඒ ආකාරයේ සහන පාරිභෝගිකයින්ට සෘජුව ලැබෙන් නැහැ. ඒ නිසා පාරිභෝගිකයින් අතරමැදියන්ගෙත් විශාල සමාගම් වල මිල සූත්‍ර වලත් හිරවෙනවා.
ඒ මහා උගුලෙන් දුප්පත් සහ මධ්‍යම පාන්තිකයින් යම්තාක් දුරට ගලවාගන්න සතොස සමත් වෙලා තිබෙනවා.

අරක්කු බාර්
ලංකාවෙ සතොස සතුව තියෙන්නෙ බාර් කිහිපයයි. නමුත් ලංකා සතොස අවුට්ලට් වලට බාර් පර්මිට් ලැබෙන්න කලිං ලංකාවෙම නමගික සුපරි වෙළඳසැල් ජාලයකටම එකපාර පර්මිට් ලැබුනු ආකාරයක් පෙනී යනවා.සතොස වෙත ලැබෙන්නට යෙදුනු මිලිනියන බිලියන ගානක මුදල කෙලින්ම රජයේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා ඒ ආකරයෙන් මතට කොමාවක් ලෙස පුද්ගලික අංශයට ඇදී ගොස් තිබෙනවා. සාමාන්‍ය බාර් වලින් ලබාගන්නා එතනෝල් වර්ග වලට වඩා සතොස ආදී තැන්වල විකුනන්න තිබෙන රටබීම තත්වයෙන් උසස් කියලා තමයි සාමාන්‍ය පිලිගැනීම තියෙන්නෙ.
ලංකා සතොස මගින් 3500කට සේවක පිරිසකට සෘජුවම රැකියා අවස්ථා සැලසෙනවා..රට පුරා විහිදුන ශාඛා 300කට අධික ප්‍රමාණයක් සතොස සතුයි.රාජ්‍ය වගකීම සහිත,රජයේ ආයතන පද්ධතිය සමගම ගනුදෙනු කල හැකි වටපිටාවක පිහිටා අති නිසා සාමාන්‍ය සුපිරි වෙළද සැල් ජාලයකට හෝ වෙනත් රාජ්‍ය පද්ධතින් වලට වඩා සතොස මහජනයාට වඩාත් දැනෙන ඵලදායී වැඩ කොටසක් සිද්ද කරනවා. 

අන්තර්ජාලයේ සදහන් වෙලා තිබුනා ඇමරිකාවෙ වල්මාර්ට් කියන වෙළඳ ජාලය ආරම්භ කලේ තොග වශයෙන් භාන්ඩ මිලදී ගෙන මහා පරිමාණයෙන් සිල්ලර වෙළඳපොලට භාන්ඩ අැතුලත් කරන්නටය කියලා. ඒ තුලින් අතරමැදියන් සංඛයාව අඩු කිරීම හරහා වල්මාර්ට් එකට පුලුවන් වුනාලු මහජනතාවට සාමාන්‍ය වෙළඳ පොලට වඩා අඩු මිලට බඩු භාන්ඩ ලබා දෙන්න සහ භාන්ඩ නිෂ්පාදකයින්ට වැඩි මිලක් දෙන්න. නමුත් ලංකා සතොස හැරුනාම මේ මෑතක් වෙනකල්ම ලංකාවෙ සුපිරි වෙළඳ සැල් තිබුනෙ සුපිරි පැලැන්තියකට සුදුසු මිල මට්ටමක විතරයි.
ලංකා සතොස මෑතක් වනතුරුම පාලනය වුනේ ජොන්ස්ටන් කියන ඇමතිවරයා යටතේ. අලුතින් පත් වෙලා ආපු ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිවරයා කිසිදු දැක්මකින් තොරව ජොන්ස්ටන් ටත් වඩා සැරට සතොස වලපල්ලට ගෙනියන වැඩ පිලිවෙලට දායක වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. වංචාවකට චෝදනා ලැබී රිමාන්ඩ් බාරයේ පසුවුන සුදුසුකම් නොලත් ගණකාධිකාරිවරයෙක් ප්‍රධාන ගණකාධිකාරි විදියට මුලින්ම පත් කරලාලු. ඒ දූෂිත සුදුසුකම් නොලත් ගණකාධීකාරි වරයා යටතේ මෙතෙක් කාර්යක්ෂමව වැඩ කල වෘත්තිය ගණකාධිකාරිවරුන්ටත් වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවලු. ඒ වගේම ඇමතිතුමා එහෙන් මෙහෙන් ඇහෙන තොරතුරු මත පදනම්ව සතොසේ වැඩ වලට කෙලින්ම අතදාන්න අරගෙනලු.. 

යහපාලනය කියන වචනය මූළික කරගත් මේ අලුත් රජය අඩුතරමේ ආයතනික නිළධාරින් බළදාරින් සමග සාකච්චාවක් වත් තියන්නෙ නැතුව ඇමතිතුමා රජෙක් මට්ටමට වැටිලා අත්තනෝමතික විදියට වැඩකරන්න යනවා කියලයි සතොස අල ලූනු මිරිස් ගෝනි පවා මේ දවස් වල කතා වෙන්නෙ. ඒ වගේම සතොසේ වැඩිපුරම ආදායම් ලබන අංශයක් වන සතොස සුරා සැල් හිටි අඩියේම වසා දමන්නත් ඇමතිවරයා කටයුතු සූදානම් වෙලා තිබෙනවා. 

කඩි මුඩියෙ පත්වෙච්චි දින සීයෙ ආන්ඩුවක නින්දෙන් ඇහැරිලා වගේ මාධ්‍ය සංදර්ශන තියෙනවා. ඒවායින් අපිට පෙර පැවති රජයේ දූෂන වංචා ගැන කතාන්දර අහන්න ලැබෙනවා. ඇත්තටම මිනිස්සු වෙනසක් අපේක්ෂා කලේ මාධ්‍යවල පෙන්වන දූෂණ වංචා ආදිය ගැන කතාන්දර අහන්න නෙමෙයි.  ඒ වගේම වලං කඩේට ගොන්නු ටික පැන්නා වගේ ( අරලිය මන්දිරේට යූ ඇන්පිය පැන්නා කිව්වත් හරි) කිසිම දෙයක් අධ්‍යනය කරන්නෙ නැතුව ජනතාවට වැදගත් පද්ධති විනාස කරන්නත් මේ අයට මිනිස්සු බලය ලබාදෙන්න නැතුව ඇති. 

පවතින ක්‍රමය යහපත් විදියට වෙනස් කරන්න ප්‍රබල මූල්‍ය වංචාවලට රිමන්ඩ් එකේ හිටපු මිනිස්සු ඇදලා ආයතන වලට ඉහලින් පත් කරනවා වගේ  වැඩවලින් කරන්න අමාරුයි. පුද්ගල චරිත හිතුමනාපෙට ඉත්තො අදින ක්‍රමයක් නෙමෙයි බහුතර ඡන්ද දායකයින් නව රජයෙන් අපේක්ෂා කරන්න ඇත්තෙ.  කළමනාකරන පද්ධති ගැන අවබෝධයෙන් පරිපාලනය සමග සාකච්චා කරලා විෂේශඥ උපදෙස් ඇතුව මේ සතොස වගේ ක්‍රමයක් පවත්වාගෙන යන එක වැදගත් වෙනවා.  සතොස නැතිවුනොත් මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට ඡන්ද කාලෙකටවත් අල, ලූනු, හාල් ටිකක් අඩුවට ගන්න තියෙන ලොකු අවස්ථාවක් මග හැරෙනවා.අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල පාලනය කරන්න රජයට තිබෙන ප්‍රබලම අවිය නැතිවෙනවා.

ඒ වගේම කොළඹ ඉඳන් කී බෝඩ් එකේ කොටනවාට වඩා දහස් ගුණයක් අමාරු කාර්යක් වෙන,  පොලව කෙටිල්ල හරහා ගොයි මහත්වරු උපයන වී ටිකට, අල ටිකට, ලූනු ටිකට මිලක් දෙන්නත් ලොකු වියදමක් රජයට දරන්න වේවි මේ අන්දමට සතොස වගේ ආයතනයක් දූෂණයට සහ දූෂිත නිළධාරිනට යට වෙන්න ගියොත්.. 

වැරදීමකින් මේ පෝස්ටුවේ වත්මන් ඇමතිවරයා ගේ නම වෙනස් වෙලා තිබුනා. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. 

13 comments:

  1. හ්ම් හ්ම් ... ජොන්ස්ටන් තුමා යටතේ විශ රසායන වලින් තොර ගොවිතැනක් සඳහා අවශ්‍ය දේශීය කොම්පෝස්ට් පොහොර නිපදවා අලෙවි කිරිමට ප්‍රොෙජක්ට් එකක් පටන් ගත්තා මුලින්ම ලොකු ළුණු සහ අර්තාපල් වලින් තමයි කොම්පෝස්ට් හැදුවේ, එකත් නැවැත්තුවද දන්නේ නෑ මේ ලොකු ජෝනා

    ReplyDelete
    Replies
    1. වල්මාර්ට් නෙමෙයි වෝල්මාර්ට්.

      Delete
  2. සතොස බාර ඇමති වන්නේ ගාමිණී ජයවිච්ක්රම පෙරේරා නේද ? මත්පැන් අලෙවි කිරීම නතර කරන එකේනම් කිසිම තේරුමක් නැහැ , විශ්වාසයෙන් ගන්න පුළුවන් සතොසෙන් , මම කුරුණෑගල ඉඳලා කොළඹ ගියාම (1990 ගණන්වල) කොටුවේ සතොසෙන් මත්පැන් මිලදීගෙන ආව විස්වාසය නිසා , අනිකුත් තැන් වල කලවම් කරනවා කියන නිසා

    ReplyDelete
    Replies
    1. බාර් කාරයෝ ජොනීගේ ඒවානම් කළවම් කරන්නෑ, ඒක පැක්ටරියේදීම කරලාලු එවන්නේ.

      Delete
  3. සතොසත් ජෝන් බාස්ටම යන්නේය
    එක හොරෙක් සතොස ක ට දාල තිබ්බ ෆවුන්ඩේෂන් එකෙල් ගල් ගලවා වික්කේය
    දැං එකා ඉස්සරහට මොන මොනවා කරයිද කියන්නට බැරිය...
    කෝමත් ලංකාවේ ඇමතිකම් දෙන්නේම වදුරු ස්ටැයිල් එකට හන්දා ඕ ගැන කතා කිරීෙමන් වෙන්නේම අපේ ඇගේ ලේ කුපිත වෙන එකම පමණි

    ReplyDelete
  4. ජෝන් අමරතුංගත් නීතිය අතට ගන්න ගිහින් පීච්චං වෙලා:
    http://www.lankaenews.com/news/1152

    !!!

    ReplyDelete
  5. දවස් 100 නේ..........

    ReplyDelete
  6. සතොස ගැන ගොඩක් තොරතුරු දන්නවා.. ජොනියා හොඳ බිස්නස් කාරයා නිසා සතොස ලංකා සතොස නමින් ගොඩ දාන්න හොඳ ප්ලෑනක් තිබ්බා. ඒ වගේම යකෙකුටවත් බය නැති මහින්දගේ මිනිහෙක් වෙච්චි නිසා මොන ඇමති ආවත් මාරු නොවී හිටපු සභාපතියගෙ ඒකාධිපති පාලනෙත් සතොසට හොඳ විදියට බලපෑවා. හැබැයි ඊට පහලින් හිටපු උන්නම් ගොඩක් හොරු. ඒ වගේම සතොස පහුගිය කාලේ දේශපාලන උවමනාවන් වලට අනුවත් වැඩ කලා. හොඳම උදාහරණෙ තමයි හාල් මාකට් එක.. ජනාධිපතිවරනේ අල්ලල අනිත් ඔක්කොම වැඩ තියෙද්දි ලංකාවේ වටේම ගබඩා බාල කොලිටියේ රට හාල් වලින් මාස දෙකක් තිස්සේ පුරවල පස්සෙ අඩුවට විකුණපු එක.

    බාර් ලයිශන් කැන්සල් කරපු එකනම් මෝඩ චූන් එකක් තමයි. හිටපු එකවුන්ටනුත් ලෝක හොරෙක්. අලුත් එකා ගැනනම් දන්නේ නෑ.. මොනව උනත් සතොස වැටෙන්න දෙන්නනම් නරකයි.

    ReplyDelete
  7. ඉඟුරු දී, නයි මිරිස් ගෙන, ඒවා කාළා,දනවෝ, දනවෝ කියා කීම, අංක 2. අපේම නයි, අපිටම කයි. හෝ, අපේම නයි, අපිට -කයි කීම වටී. අපොයි මගෙ දුප්පත් චන්දය.ඒක දෙන්න මට රුපියල් එක්දාස් වැය වුනා, තෙල් වලට.

    ReplyDelete
  8. Bar wala wikke Jonnyage Arakkunam, eka nawaththala,wena warga wikunanna weda karannai ona.

    ReplyDelete
  9. uda,Bar,wenuwata SATHOSA lesa niwerdi wiyauthui.

    ReplyDelete
  10. ඇමරිකාවෙ වල්මාර්ට් ඒ මොකද්ද worldmart කියලා නම් එකක් අහලා තියේ.

    ReplyDelete