Tuesday, April 14, 2015

අවුරුදු කුමාරිය

පුවක් කොළ මෙන් ඝනකම
හැඩට හිර වූ යටෑදුම
උඩට රෙදි හැට්ටයක් වැටුනම
වෙනද ගිංතොට ලෑලිම 

පෙනේ මොරටුවෙ කඳන් විලසම

මූන තනිකර සුදුවිය
තදට මැදලා කොන්ඩය
බාලා දාලා ඇහිපිය
මේ දවාලෙත් නැතුව සාරිය
බයකරයි මා මෝහිනිය

ඉංගිරිසි මෙන් ඌරුවට
කට ටිකක් උල්කොට
මච අවුරුජු ජවසට
සිංහෙල ඛම ජයට
දැනෙනවා කිව්වා ඒ කට

ඉලෙක්ටොනික් බෙර සද්දේ
ටීව් එකෙන් ගෙට විද්දේ
ගම් මැද්දේ අවුරුද්දේ
අවුරුදු කුමරිගෙ රෙද්දේ
හැඩ පෙන්වා ලිය පැද්දේ

ඒ පුරානේ ගම් තුලානේ
රජ වරුන්ගේ මාලිගා ගේ
පවා නොසිටිය රුසිරි කුමරිය
මහ දවාලක හැඩ පෝලිමක 

කිරුළ වෙනුවෙන් ඇදෙයි ඉදිරිය 



5 comments:

  1. අපොයි මුන්ගේ ප්ලේන්වල යන්න බයයි 2014 2-3 කෙලවලා ගියා

    ReplyDelete
    Replies
    1. කෙලවිලා ගියත් හරි ලස්සන ඇදුම..මම ආසයි මේ ඇදුමට...අපිටත් දේසීය කියලා ඉන්දියන් සාරි අදින්නෙ නැතුව මේ වගේ අදුමක් ගන්නයි තිබුනෙ...

      Delete
  2. අද හවසට රූපවාහිනියෙන් අවුරුදු වෙසඟනන් බලාගන්න පුලුවන්. මට තියෙන ප්‍රශ්නෙ, අර වැවක් අයිනෙ බිකිනි ගහගෙන උන් ඉන්න චාරිත්තරේ කොහෙන් ආපු එකක්ද කියලයි.

    ReplyDelete
  3. ඇත්තමයි අමිල චතුරංග දාල තියෙන කවිය කෙසේ වෙතත් ගෑනු ටිකනම් සුපිරි. ලංකාවෙ කලු කැත උන් මේකප් දාල සුදුවෙන්න යනකොට උන් කිසිම දෙයක් දාන්නෙ නැතුව හරිම ලස්සනට ඉන්නව. අවුරුදු කුමාරි වෙන්න ඕනෙ ස්වභාවික ලස්සන තියෙන කෙනෙක්. මේ ලස්සන තියෙන්නෙ ඒ රටවල ගෑනුන්ට. ලංකාවෙ උන්ට කිට්ටු කරන්න බෑ. අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ මේ රටවල කෙල්ලො. ඒගොල්ලො අපේ සිරිත් විරිත් වලට හරි කැමතියි. පෙනුමෙනුත් අපිට හොඳ ඒගොල්ලො. ලංකාවෙ මෝඩ කෙල්ලො වගේ නෙමේ.

    ReplyDelete
    Replies
    1. මම නම් ආස ලංකාවෙ ගෑනුන්ට. මුන්ගේ තියෙන්නෙ තම්බපු ඉස්සොන්ගේ වගේ සුදක්. නමුත් ලංකාවෙ අය ක්‍රීම් පාට ලස්සනක් තියෙන්නෙ.
      මං මේකෙන් අදහස් කලේ ඔය වගේ දෙයක් නෙමෙයි. අපේ ලංකාවෙ ජාතික උත්සව වලට ගෑනු අදින්නෙ ඉන්දියානු ඇදුම. අපේ රටේ ජාතික ගෑනු ඇදුමත් සාරිය. නමුත් අවුරුදු කාලෙට විතරක් සහ ඔය තරගෙට විතරක් රෙද්දයි හැට්ටෙයි අදිනවා....තායි, ඉන්දුනීසියා, සිගප්පුරු , මැලේසියා රටවල රෙද්දයි හැට්ටෙයි පොඩි පොඩි උත්සව වලට වගේම ලොකු ලොකු උත්සව සහ රට නියෝජනය වන තැන්වලට යොදාගන්නවා... අපි රට නියෝජනය වෙන තැන්වලට ඉන්දියන් සාරියක් කිසි කැතක් නැතුව එහෙම් පිටින්ම ඇදලා...ගමේ බයියොන්ට විතරක් බොරුවට රෙදි හැට්ට එක්ක රගපානවා..

      Delete