Saturday, July 11, 2015

ඉන්දියාවට ආපු පට්ටම පෝන් එකක්

 Xiami me4i කියන පෝන් එක ඇන්ඩ්‍රොයිඩ් 5ත් එක්ක එන අලුත්ම පෝන් එකක්. ඒක සාමාන්‍යෙයන් වර්ථමානයේ එන ඉහල මට්ටමේ ස්මාට්ෆෝන් එකක තියෙන බොහෝ ලක්ෂණ වලින් සමන්විත වෙනවා. මේ ෆෝන් එකේ මිල සාමාන්‍යෙයන් ඇමරිකානු ඩොලර් 220ත් 240ත් අතර ප්‍රමාණයක් ගන්නවා. 


මුලින්ම තියෙන්නෙ ක්සියාමි මි 4අයි කියන පෝන් එක. ඉතිං යාලුවන්ට පේනවා ඇති මේ පෝන් එකේ තියෙන වාසි මොනවද කියන එක. මේ පෝන් එක ඇත්තටම ඉන්දියානු රුපියල් 13000කට තමය ිමිල කරලා තියෙන්නෙ. දැනට ඉන්දියාවෙ මෙ ්පෝන් එක මිලදී ගන්නත් ටිකක් අමාරුයි. මේක මාකට් කරන්නෙ අර වන් ප්ලස් වන් මාකට් කල ක්‍රමයට. තාම පෝන් එක ටෙස්ටින් වගේ තමයි යන්නෙ. ඒ නිසා මුලින් අපි ඇනවුම ්කරන්න ඕනි. ඉන් ප්සසෙ එයාල එක දවසක අපිට පෝන් එක ගන්න සලස්සනවා. ඒ අනුව මුලින්ම ආපු ගැනුම්කරුවන් පිරිසකට පෝන් එක අකමැති නම් එපා කියලා ආයෙත් රිටන් කරන්නත් අවස්ථාවක් සලසා තියෙනවා. 



පොසෙසරය 

මේක අලුත්ම ඔක්ටා කෝර් පොසෙසර් එකක්. ඒ කිව්වෙ කෝර් අටක පොසෙසරයකින් සමන්විත වෙනවා. මේ ඕක්ට කෝර් පොසෙසර් එක වගේම ග්‍රැෆික් වැඩකටයුතු වල අවශ්‍ය මධ්‍ය ප්‍රමාණයේ ප්‍රබල පොසසරයකින්ද මේ පෝන් එක සමන්විත වෙනවා. 

තිරේ.

පෝන් එක මිල අඩුවෙන්න අඩුවෙන්න බඩු සවුත්තු වෙන අංශයක් තමයි ඩිස්ප්ලේ..සැම්සුන්..එල් ජී නොකිය ලුමියා. වගේ පෝන් වලමිල අඩු වර්ශන් වල තියෙන ලොකු අවුලක් තමයි ඩිස්ප්ලේ එකේ රෙසලුෂන් අඩු එක. මේ මි ෆෝන් ඩිස්ප්ලේ එක දැනට තියෙන හොදම ජාතියෙ එකක්ලු. ඒ වගේම මේකෙ රෙසලුශන් ප්‍රමාණය බොහොම වැඩි එකක්. වීඩියෝ සහ පින්තුර ආදිය බොහොම කදිමෙට පේනවා ඇති. 

මෙමරි

මේ මි 4අයි පෝන් එකේ තියෙන පොඩි දුර්වලතාවයක් තමයි මේකට මයිකෝ‍රා එස් ඩී කාඩ් ගහන්න බෑ. මේකෙ තියෙන්නෙ හොද ජාතියෙ ඊ එම් එම් සී කියෙන මෙමරි ජාතියෙ මෙමරි විසේසයක්. ඉන්ටර්නල් මෙමරි එක 16යි තියෙන්නෙ. රැම් එක ගිගාබයිට් 2ක රැම් එකක් තියෙනවා. මේ ඉන්ටර්නල් මෙමරි එක අඩුකරල තියෙන්නෙ පෝ්න් එක සයිස් එකෙන් පොඩි කරන්න කියලයි කියන්නෙ. 

ඕ ඇස් එක.

මේක ඇතුලෙ දුවන්නෙ ඇන්ඩොයිඩ් එල් බේස් කරගත්ත මියුඅයි 6කියන අලුත්ම ඕ ඇස් එක. මේ මි යු අයි කියන ඕ ඇස් එක බොහොම ලක්ෂන එකක්ලු. ඒකෙ පෙනුම නිකං ඇපල් පෝ්න් එකක ලුක් එකම තියේලු. වේගය අතිනුත් මේ මි යු අයි කියන ඕ ඇස් එක ප්‍රබල එකක් කියලා තමයි අන්තර්ජාල විස්තර වල තියෙන්නෙ. 

නිමාව

මේ පෝන් එක ප්ලාස්ටික් වලින් නිම වෙච්චි එකක්. ඒ නිසා පෙනුම අතින් එච්චරම ලොකු පෝන් එකක පෙනුම එන එකක් නම් නෑ. ඒත් ප්ලාස්ටික් වුනාට ටිකක් කල් පැවැත්ම තියෙන ප්ලාස්ටික් ජාතියකින් තමයි හදල තියෙන්නෙ. මේ පෝන් එකේ සයිස් එක අගල් 5ක ඩිස්ප්ල සයිස්. පෝන් එක අයි පෝන් එකක් තරමටම ඝනකමින් අඩුයි. නිමා ගත්තාම සාමාන්‍යෙයන් අසුස් සහ ඒ වගේ පෝන් වලට වඩා නිමාවෙන් වැඩියිලු.. බොහෝවිට පෝන් එකක් අගල් 5කට එහා පැත්තෙන් යනවා නම් ඒක අත තුල රදවාගන්න මදක් අපහසු ගතියක් එනවා. 

කැමරාව

මූලික කැමරාව 13මෙගාපික්සල් වනවා. ඒවගේම අනික 5 මෙගාපික්සල්. මේ මූළික කැමරාවෙ ජාතිය සෝනිද සැම්සුන්ද කියලා හරියටම කියලා නැහැ. බොහෝවිට මේ පෝන් එක ජනප්‍රිය වුනාම හොද කැමරාවක් එක්ක ඒවි. කැමරාව භාවිත කරද්දි පෝන් එක මදක් රත්වෙන ස්වභාවයක් මුල් කාලෙදි තිබිල තියෙනවා. දැන්න්ම ඒක ඒම නැතුවැති. 


බැටරිය 

මේ පෝන් එක පොඩි වුනාට මේකෙ දුවන්නෙ ඔක්ට කෝර් පොසසර් එකක්. ඒ වගේම සුපිරිම ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. ඉතිං මේ පොසසර් එක සහ ඩිස්ප්ලේ එක ටිකක් වැඩිපුර බැටරි අදිනවා. මේ පෝන් එක මිලිඇම්පියර් 3000ක බැටරි බලයකින් සමන්විත වුනත් වැඩකරන්න පුලුව්න කාලය එමමයි. ඒ කියන්නෙ දවසගානෙ පෝන් එක චාජ් කරන්න වෙනවා. ඒත් සාමාන්‍ය භාවිතයේදි පැය 12-14ක් පාවිච්චි කරන්න හැකියාව නම් අනිවාර්යෙන් ඇති. 

ක්සියාමි කියන්නෙ පජාත පෝන් ජාතියක් නෙමෙයි. චීනෙ ජනප්‍රියතම මොබයිල් පෝන් ජාතියක්.ඒ පෝන් කම්පැනිය ඉන්දියාවට ඇවිත් ඉන්දියාවට හදුන්වා දීපු එක තමයි මේ ක්සියාමි මි 4 අයි කියන මොබයිල් පෝන් එක. සාමාන්‍යෙයන් සියාමි ලා අර හුවාවෙ සැම්සුන් එල් ජී වගේ පෝන් ජාති හැටක් විතර එකපාර ගහන්නෙ නැහැ. එයාල එක කාල අන්තරයකට එක පෝන් එකක් වගේ තමයි ගහන්නෙ. ඒ නිසා බොහෝවිට ඒ පෝන් එක ගැන සොයා බැලීම වැඩියෙන් ඇති. 

මේ ක්සියාමි පෝන් එක ලංකාවෙ ඩයල් කොම් එකේ තියෙනවා රුපියල් 35000ට පිටරටින් ගෙන්නනවා නම් අනිවා ඩොලර් 230ට හෝ ඊට සමාන ගානකට ගෙන්නත හැකි. ඒත් පෝන් ගෙන්නන එක යම් යම් ගැටලු ඇතිවෙන වැඩක්ලු ඇතැම් අවස්ථාවලදි. මම ඒ ගැන නම් ගැරන්ට් කරන්නෙ නැහැ. 

දැනට තියෙන පෝන් වලින් ඉහලම ස්පෙසිපිකේශන් තියෙන.. ඒ වගේම පෝන් එකේ නිමාව අතිනුත් යම්කිසි තැනක තිබෙන මේ පෝන් එක ලංකා රුපියල් 35000කට බොහොම වටින එකක් කියල තමයි මට හිතෙන්නෙ. 

11 comments:

  1. ඔහේ මේකක් ගත්තද?
    නැත්තං මේ අය හාන්සි පුටුවේ ඉඳලා ලෝ වටා සංචාර ලියපු කෙන් වගේ ලියපු ලිපියක්ද?

    ReplyDelete
    Replies
    1. මේවා ගත්තම ජීවිත සංකීර්ණ වෙනවා..අපි කොම්පිටරේ ඉන්නකොටත් වැඩි වෙලාවක් ඉන්ටනෙට්..ඒ මදිවට පාර තොටේ යනකොටත් ඉන්ටනෙට් යන් ගියොත් ඒක මනසට වදයක්.මං ස්මාට් පෝන් එක කුනුකොල්ලයට විකුනලා පරණ මොඩල් නොකියා ටූ ජී පෝන් එකක් ගත්තා... ටිකක් වැඩිමනක් ගානක් අතට ඉතුරුවෙනකල් ආයිත් ඉස්මාට් පෝන් එකක් ගැන හිතන්නෙ නැහැ..

      Delete
    2. රෂිනි වටේ ගිහිං හුකාගෙන පුකේ ඇරගත්තු එව්වා හොයපන් පොන්සියෝ මේකේ පුක දෙන්නේ නැතුව. ඒ හුත්තිට පුකේ අරින්න ආසයි මටත්.

      Delete
  2. මොනව වුණත් මම ෂියාමි ෆෝන්වල තියෙන මෙහෙයුම් පද්ධතියට කැමතියි. මේක හරි ලස්සනයි. මම මගේ ෆෝන් එකට ෂියාමි ෆෝන්වල තියෙන මියු කස්ටම් රොම් එකක් දැම්මා. මම දැකපු ලස්සනම පෙනුම තියෙනවා මේකේ. සියාමි ෆෝනුත් හොදයි කියලා මම අහලා තියෙනවා. ‘චයිනීස් ඇපල්‘ කියලනේ කියනවා කියන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඇපල් ජාති ගොඩක් තියේ..ඇමරිකන් ඇපල් කෝමත් ගනන්..ඒත් ටේස්ට් එක හොද ඇති..පකිස්තාන් චීන වගේ රටවල් ඇපල් වැවෙනවා නේ..
      අනික අපිට මේන්ටේන් කරන්න තරං මහන්තත්ත කමක් නැත්තං මහන්තත්ත කම පිණිස ගන්න පෝන් එකට ලොකු මුදලක් යට කරන එක අපරාදෙ නෙව..

      Delete
    2. පිටකොටුවේ ඇපල් ජාති ගොඩක් තියනවා ගන්නේ බලාගෙන කුනුවෙච්චි ඒවත් තියනවා

      Delete
  3. ෆෝන් කියන්නේ ඒක අාකාරයක දුකක්... ජීවිතේ අනවශ්‍ය විදිහට සංකීර්ණ කරන දෙයක්.... ඒ නිසා අවශ්‍යතාවයට විතරයි භාවිතය

    ReplyDelete
  4. ඔය කියන තරම් මේ ෆෝන් හොඳයිද? වන් ප්ලස් වුනත් ඒ තරම් සක්සස් කියලා පේන්නේ නෑ. බජට් ෆෝන් බගේ නම් හොඳයි.
    අනේ මන්දා මට දැනෙන හැටිද මන්දා.

    ReplyDelete
    Replies
    1. .ඇන්ඩොයිඩ් බේස් එක නිසා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ...ඇපල් තරම් හොදම නැතුව ඇති..ඒත් බජට් එකේ හැටියට වටිනවා..

      Delete
  5. පට්ටම කියන්නේ මේකේ පට්ටම ටික දවසකින් ගලවෙනෙවා. ආයෙත් පට්ටම ගහන්න ඕනේ ඒත් ටික දවසකින් ආයෙත් පට්ටම ගැලවෙනවා එතකට ආයෙත් පට්ටම ගහන්න වෙනවා ඒ උනාට ආයෙත් පට්ටම ගැලවෙනවා ආයෙත් පට්ටම ගහන්න වෙනවා එහෙම කලත් ආයෙත් පට්ටම ගැලවෙනවා ඉතින් ආයෙත් පට්ටම ගහන්න වෙනවා ඒ පට්ටම උනත් .................

    ReplyDelete
    Replies
    1. අනිවා ඩොලර් හොයන්න ගියා ගියා හරිගියේ නැහැ කොයි රටේද ඔය අනිවා ඩොලර් තියෙන්නේ

      Delete