Sunday, October 4, 2015

මොබයිල් ප්‍රොසෙසර සහ ලාබ Smartphone

5.0 inch HD 720p screen,
MTK6735 1 GHz Quad Core processor
2GB RAM
16GB ROM
8MP front
13MP rear double
Android 5.1 OS.
Corning Gorilla Glass 2.5

4G LTE

මෙන්න මේ මට්ටමේ තාක්ෂනික මට්ටමේ තියෙන Doogee Velencia Y100 Pro ස්මාට්  ෆෝන් එක මම මිලදී ගත්තා US ඩොලර් 115කට. ඒ ෆෝන් එක bangood ඔන්ලයින් ස්ටෝරුවෙන් ඕඩර් කරද්දි ඩොලර් එක 135යි වුනේ. එතකොට මට ස්මාට් ෆෝන් එකට වියදම් වුන ගාන රු 15,525ක් පමණයි.


අලුත් ස්මාට් පෝන් එක මගේ අත උඩ
මේ චීන මොඩල් එකේ මොබයිල් ෆෝන් එක මට එවල තිබුනෙ ස්වීඩන් රටේ ඉස්ටෝරුවකින්. එවපු පාර්සලේ ඉහලින් පොඩ්ඩක් ඇරල තිබුනට ෆෝන් එකට කිසිම කරදරයක් වෙලා නම් තිබුනෙ නැහැ. කස්ටම් එකෙන් ඇරල තිබුනෙත් නෑ. වැඩියෙන් බදු ගෙවන්න වුනෙත් නෑ. 
අලුත් පෝන් එකේ ස්ක්‍රින් ෂොට්ස්
















චීන ෆෝන් එකේ තියෙන්නෙ සෝනි මෙගාපික්සල් 13ක කැමරාවක් කියල තමයි තාක්ෂණික දත්ත වල සදහන් වුනේ. මොනව නමුත් 13ම නෑ කියල සමහර අන්තර්ජාල තොරතුරු පත් වල සදහන් වුනත් කැමරාව සැලකිය යුතු තත්වයකින් තියෙනවා.




මේ ඉහලින් තියෙන්නෙ අලුත් පෝන් කැමරාවෙන් ගතපු පිංතුර. ඒවා බලපු යාලුවොත් කිව්ව කැමරාව නම් තරමක් හොද මට්ටමක තියෙනවා කියලා. 

සාමාන්‍යයෙන් ඔන්ලයින් චීන ස්ටෝරුවල බැලුවාම මෙ  විදියෙ චීන ෆෝන් විවිධ නම ්වලින් තියෙනවා. ඊබේ එකේ ඇමසන් වල පවා චයිනිස් ස්මාට් ෆෝන් විකුනන්න තියෙනවා. මේ ෆෝන් වල සැම්සුන්, හුවාවේ, ඇපල්, එල් ජී ආදි මොඩල එක්ක බැලුවාම සාමාන්‍යයෙන් පොදු අසමානතාවයක් තියෙනවා. ඒ තමයි ප්‍රොසෙසර එක. 

දැන් දැන් එන බොහෝ ස්මාට් ෆෝන් වල 4G අගල් පහේ හෝ ඊට වැඩි  HD Display මේ මට්ටමේ කැමරා ආදිය තියෙනවා. නමුත් ඒ බොහෝ නමගිය ෆෝන් වලට වඩා මේ චීන ෆෝන් ලාබ වෙන්න මූලික හේතුවක් තමයි ඔවුන් යොදාගෙන තිබෙන ප්‍රොසෙසර එක. 

පසුගිය වර්ෂවලදී ලෝකයේ ස්මාට්ෆෝන් බොහොමයක් සමන්විත වුනේ Qualcomm Snapdragon කියන ප්‍රොසසර් එකෙන්. මීට කලකට පෙර වගේම දැනුත් ඇපල් සමාගම ඇතුලු ප්‍රකට නම් සහිත ස්මාට් ෆෝන් තනන අය යොදාගන්නෙ ක්වාල්කොම් ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසසර එක. ඊට අමතරව ඉන්ටෙල් ඇටම් කියන ප්‍රොසසර එකත් තියෙනවා. බොහෝවිට අසුස් සෙන්ෆෝන් කියන මාදිලිය එන්නෙ ඉන්ටෙල් ඇටම් කියන මොබයිල් ප්‍රොසසරයේ බලය එක්ක. 
Intel Atom සහිත Asus Zenfone 
පසුගිය වසරේ සැම්සුන් සමාගම ගැලක්සි S6 කියන තමුන්ගේ මාදිලියට සැම්සුන් සමාගමේම ප්‍රොසසර එකක් යොදාගන්න තීරණය කරල තියෙනවා. ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන ජංගම දුරකතන වර්ගය වන සැම්සුන් සමාගමේ ඒ තීරණය ක්වාල්කොම් සමාගමට ලොකු පහරක් වෙලා . ඒ වගේම මීඩියා ටෙක් කොම්පැනියෙන් ලාබට එන ප්‍රොසසර සහිත ජංගම දුරකථන වෙළදපොලට පැමිණීමත් ක්වාල්කොම් අයට අභියෝගයක් වන්නට ඇති. 

Mediatek කියන්නෙ තායිලන්ත සමාගමක්. ඔවුන්ගේ අරමුනක් තමයි ලාබදායි මීලට ජංගම ප්‍රොසසර නිර්මාණය කිරීම. මේ මොබයිල් ප්‍රොසසර සහ චිප් ආදිය යොදාගන්නෙ ෆෝන් වලට විතරක්ම නෙමෙයි. කාර් සහ වාහන වල තිබෙන පද්ධති වලට.. ඩොන්ගල්. මොඩම්, රවුටර් ආදියට මේ මොබයිල් ප්‍රොසසර යොදාගන්නවා. 

4G LTE වල ආගමනයත් එක්ක වඩාත්ම සාර්ථක ලෙස 4G  වලට සරිලන විදියට ජංගම දුරකථන සහ ජංගම උපාංග නිර්මාණය කරන්න අවශ්‍ය වුනා. කලින් තිබුන ත්‍රී ජී එක්ක බලද්දි 4G  කියන්නෙ දෙතුන් ගුණයක විශාල වේගයක් සහිත සම්බන්ධතාවයක්. ඒ වගේම විශාල සහ තීව්රතාවය වැඩි ඩිස්ප්ලේ, වැඩිබලයක් යොදාගන්නා ඇප්ලිකේශන් ආදිය නිසා මොබයිල් ප්‍රොසසර තැනීමේදී විවිධ ආකාරයෙන් සොයා බලන්නට මොබයිල් ප්‍රොසසර සමාගම් වලට සිද්ද වුනා. 

ඒ තරගයෙන් යාන්තම් ඔලුව දාගන්න මීඩියාටෙක් අයට හැකිවෙල තියෙනවා. නමුත් තවමත් ජංගම දුරකථන වෙලදපොලේ සියයට 90කට  වැඩි කොටසකට අයිතිය කියන්නෙ ක්වාල්කොම් කියන ප්‍රොසසර. 

මගේ ජංගම දුරකථනය ගත්තොතින් ඒකෙ තියෙන එක ලොකු දුර්වල තාවයක් තමයි බැටරිය. බැටරිය 2000mAh වගේ තමයි තියෙන්නෙ. ඒකටත් දුරකථන සමාගම් අලුත් විසදුම් සොයාගෙන තිබෙනවා. 5000, 6500 mAh වගේ අධි බලැති ජංගම දුරකථන බැටරි නිශ්පාදනය වීම වගේම ඒවා ආරෝපනය කරන්නට හෙවත් චාජ් කරගන්නට වැඩිබලයක් එකවර ලබාදිය හැකි ක්වික් චාජ් ක්‍රම දැන් ඇවිත් තියෙනවා. 

ඒ කිව්වෙ 5000ක වගේ අගයකින් බැටරි බලේ වැඩිවුනාම තිබුන සාම්ප්‍රදායික ක්‍රමේට චාජ් කරන්න ගියොත් ඒ ප්‍රමාණය චාජ් වෙන්න පැය 6-7ක් යනවා. නමුත් අලුත් තාක්ෂණික ක්‍රමවලින් වැඩි බලයක් ස්වල්ප කාලයක් යොදවා බැටරිය චාජ් කරන්න හැකියාව දැන් චීන සමාගම් විසින් සොයාගෙන තිබෙනවා. 

මගේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් 5.1 Lolipop එකක්. සිංහල අකුරු යසට පේනවා වගේම මේ ෆෝන් එකේ ඩුවල් සිම් භාවිත කරන අයට විශේෂ සැකසුම් කීපයකින්ම සමන්විත වෙනවා. 

අද ස්මාට් ෆෝන් කියන දේ බොහොම වේගෙන් පැතිරෙන බඩුවක් වෙලා. මාස දෙක තුනක පඩිය ෆෝන් එක වෙනුවෙන් යොදවන්න කැමති තරුණ තරුණියොත් දැන් දැන් ඇතිවෙල තියෙනවා. ඒ වගේම ජපානෙ සහ වෙන රටවල පාවිච්චි කරපු ඇපල් ෆෝන් එහෙම අමාරුවෙන් ඕ එස් කඩල යාන්තං මිට ගහගෙන සෝබනේට පාවිච්චි කරන අයත් ඉන්නවා. 

ස්මාට් ෆෝන් එකක් ලාබෙට හොයන අයෙක්ට හුවාවෙ ඇරුනම තියෙන හොද ඔප්ෂන් එකක් තමයි මේ චීන ස්මාට්ෆෝන් එකක් රටින් ගෙන්වගන්න එක. චීන වුනත් පැකින් නොකඩපු අලුත් බඩුවක් පාවිච්චි කරන එක , සුද්දො , ජප්පො විසික් කරපුවා අන්ලොක් කරල අමාරුවෙන් පාවිච්චි කරනවට වඩා හොදය කියල තමයි මට හිතෙන්නෙ. 

19 comments:

  1. හොද දැනුවත් කිරීමක්

    ReplyDelete
  2. ai bn cam eka diha nobala ahaka balan katha karanne? bayada? neththam boru kiyana nisada?

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මගේ ස්පෝට් කැම් එකේ රේන්ජ් එක.. එතකොට අනිවාර්යෙන් ඔය ෆ්‍රේ්ම එකේ මම ඉන්නවා කියන ක මට ෂුවර්.. ඇත්තටම මේක අර ජාතිය අමතනවා හෝ දේශපාලනය කතා කරනවා වගේ පුද්ගල ආකර්ශනය වැදගත් වෙන තැනක් නෙමෙයි..

      වැඩිය ඕනි නෑ ඔයාට පුලුවනිද මෙතන තියෙන එක බොරුවක් පෙන්වලා දෙන්න.. ? 

      Delete
    2. apple use their own Mirochip.

      Delete
    3. ඔව් එතන ලොකු වැරැද්දක් වෙල තියෙනවා..

      Delete
  3. Xiaomi patta ...best china smartphone

    ReplyDelete
  4. Xiaomi patta ...best china smartphone

    ReplyDelete
    Replies
    1. ක්සියාමි හොදයි..ඒත් මම ගන්න යන වෙලාවෙ ලොලිපොප් එකට ක්සියාමියක් ඇවිත් තිබුන් නෑ..ඒකට ආයිත් මෙහෙ ගෙනල්ල සිංහල දාගන්න රූට් කරන එක වාතයක් කියල හිතුනා..

      Delete
    2. Xiaomi thiynne miui 7..thmma kitkat unata lolipop wagema tmayi..one week eken eketa system update tynwa..bug fix..miui developer rom eke kohomth root Doogee ekka baladdi after service hoda hinda xiaomi gaththa ...aya lenovo ,oppo kiyana 4 n patta

      Delete
  5. ඉසුරු කියල තියෙන එක ඇත්ත සියෝමියට ගහන්න තරං හොද ෆෝන් එකක් නෑ
    අනික උංගෙ කැම් වල ධාරිතාවය වගේම අනෙක් ඔප්ෂන් පවා ඉහලයි
    ලංකාවෙ එකමෙක කම්පැණියක් කරනව
    උං ලංකාව වගේ රටවල් ඒම් කරන්නෙ නෑ...
    ඒකයි අවුල..

    ReplyDelete
    Replies
    1. Mama gennuwa xiaomi redmi2 ekak..100$ awlk na..gennuwe aliexpress eken ..gdrtama awa. No tax 😁

      Delete
    2. ක්සියාමි වගේ එකක් ලංකාවෙ අයගෙන් ගන්නවාට වඩා හොදයි පිටරටින් ගෙන්නන එක..මොකට එච්චර ලොකු මාජින් එකක් තියාගන්නවද කියල හිතාගන්න බෑ..

      Delete
  6. //ඒ වගේම ජපානෙ සහ වෙන රටවල පාවිච්චි කරපු ඇපල් ෆෝන් එහෙම අමාරුවෙන් ඕ එස් කඩල යාන්තං මිට ගහගෙන සෝබනේට පාවිච්චි කරන අයත් ඉන්නවා.// එකට බිලා බඩට ගහනවා කියන්නේ මේවට තමයි...:)

    ReplyDelete
    Replies
    1. උඹට වල්ගෙ පෑගිල මචං..මං උඹට කලිං ඔය ඇපල් කෑලි වල ඕඑස් කඩාගෙන පාවිච්චි කරන උන් දැකල තියෙනවා.

      Delete
  7. Doogee awlk na ....case eka rom ehema hoyaganna amarui...mama xiaomi gana blog ekak karanawa...
    www.xiaomilanka.blogspot.com

    ReplyDelete
    Replies
    1. කස්ටම් රොම් හොයන්න අමාරුත් මම හිතන්නෙ ඕක මීඩියාටෙක් බෝඩ් එක උඩ එන නිසා..

      Delete
  8. චයින ෆෝන් වල කොලිටිය නම් කොහොමද දන්නෙ නෑ.අන්බ්‍රෑන්ඩඩ් ගොඩක් ඒව SAR චෙක් කරනවද කියන ප්‍රශ්නෙ මට තියෙනව.ඒ නිසා මම නම් ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩඩි එකකට යන්න තමයි ට්‍රයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. චීනෙන් චෙක් නොකලත් එස් ඒ ආර් වැඩියෙන් තියෙන ඒවා යුරෝපියන් මාකට් එකට ඇමරිකාවට ඉම්පෝට කරන්න බැරි සින් එකක් ඇත නේද?

      Delete
  9. සහතික ඇත්ත. මමත් දැන් අවුරුදු ගාණක ඉදන් online ස්ටෝරු වලින් ගන්න smart phone තමයි පාවිච්චිය. මේවා ගොඩාක් user friendly ඒක හින්දා පාවිච්චිය ලේසියි.

    ReplyDelete