Tuesday, February 23, 2016

පෝලිම

අදාල නැති ඕකිඩ් 
පෝලිමක් දානවා කියන්නෙ තරමක කුනු රසයක් තියෙන වචනයක්. පතල් කන්ඩායම් දෙකක් ගෑනියෙකුට පෝලිමක් දාන්න ගිහින් ගෑනි මැරිල මගදි.. මතක විදියට කුරුවිට දිහා... කාන්ඩ දෙකේ මිනිස්සු 12ක් ඉදලා.. එක මිනිහෙක් ඒ ගෑනිට රුපියල් හාරදහක් බැගින් දීලාලු..

වැඩිමනක් විස්තරයක් නෑ මැරිල කියල තමයි ආරංචි වුනේ..

පහුගිය දවසක ඩෙඩ්පූල් බලන්න මැජෙස්ටික් ප්ලැටිනම් හෝල් එකට ගියා.. ඔන්ලයින් ටිකට් වෙන්කරගන්න තිබුනට රුපියල් 500/= ටිකට් එකට රුපියල් 150/=ක් එකතු වෙල ටිකට් එක 650ක් වෙනවා ටිකට් ඔන්ලයින් බුක් කරද්දි. ඒ නිසා මම 1.15ට තියෙන සෝ එකට 12.30ට වගේ ලගාවුනා ඇම් සී එක පැත්තට.

වෙලාව වැඩි නිසා ඇම් සී එක ඇතුලෙ දුර රවුමකුත් ගහගෙන ඇම් සී එකේ බඩු බාන්ඩ දිහා බලන පුකවල් දෙක තුනක් ඇහැට දාගෙන හිමීට හෝල් එක ලගට ආවා.. හප්පා එතකොටත් 30-40ක් පෝලිමෙ.. ආයෙ ගියොත් පෝලිම වැඩිවෙයි කියල හිතුව නිසා මමත් පෝලිමට එකතු වුනා..

ඒක ටිකක් පොශ් පෝලිමක්.. ගෑල්ලමයි පිරිමි ලමයි සහ තරුණ පහේ කාන්ඩෙ තමයි වැඩි..අපේ ගමේ ඉස්පිරිතාල පෝලිම මතක් වුනා මට.. ඉස්පිරිතාලෙ පෝලිමට වඩා මේක සමාන වෙන්නෙ ඉස්පිරිතාලෙ බෙහෙත් ගන්න තියෙන පෝලිමට..බෙහෙත් දෙන තැන වගේ තැනක් තමයි ටිකට් දෙන්නත් තියෙන්නෙ හෝල් එකෙ..

එතන පෝලිමෙ ඉන්න එකත් ඇහැට වදයක් නෑ.. එක එක මෝස්තරේ ඇදුම් ආයිත්තං ඇදපු ගැට තන මැද තන විසාල තන ඇවිත් කැරකෙනවා.. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙන්න මේ වලත්තයා ට ඉක්මන්ට මගුලක් හොයල දීපල්ල මූට කාමෙ ඇවිස්සිලාය කියලා.එහෙම මොකක් හරි මරාලයක් කවුරු හරි සෙට් කරනවා නම් මම ඒක එපා කියල මග අරින් නෑ.. ඔන්නොහෙ එවන්න සලකා බලන්න බැරියැ.. . ඒත් මම හිතන්නෙ ලක්ෂණට පේන ගෑනු එයාල ඇතැම් විට එහෙම අපිට පේන්න අදින්න පලදින්න උලුප්පා පෙන්වන්න ලොකු වැරවෑයකමක් ගන්නවා..

ඉතිං අපේ යුතුකම තමයි ඒ තැන්වලදි කෙලින්ම “ ඔබගේ තනය ලක්ෂණයි..ඔබගේ පුක නම් අනර්ඝයි“ කියල කෙලින්ම කියන් බැරි නිසා අපි එයාල නැති තැන්වල හරි ඒවායේ ලස්සන ගැන කියන්න ඕනි.. එතකොට තමයි එයාල තව තව පෙන්වන්න උත්සාහ ගන්නෙ සහ එයාල දරපු මහන්සියෙ පතිපල තියේ කියලා එයාලට දැනෙන්නෙ.

ඇම් සී ප්ලැටිනම් පෝලිම ලස්සනට තිබුනා ටික වෙලාවකින් ටිකට් දෙන්න කිට්ටු වුනා.. මෙන්න බොලේ ඉස්සරහින් යන එකා ටිකට් ගත්තම ලොකු සැට් එකක් පිටින් ඇතුලට යනවා. පෝලිමේ පස්ස පැත්තෙන් කස්ටිය අඩුවෙනවා.. යාලුමිත්‍රයො දන්න කියන උදවිය හෝ මොකුත්ම නොදන්න පෝලිමේ පස්සෙ අය, ඉස්සරහ අය ලව්වා ටිකට් ගන්නවා.. මුලින් යන උන් ටිකට් වැඩියෙන් ගැනෙනවා.. ඉතිං මං බය වුනා මට ටිකට් නැතිවේය කියලා. එහෙම වුන් නෑ මට ටිකට් තිබුනා.. ඇතුලට ගියාමයි රගේ තේරුනේ.. ටිකට් බාගයක්ම රිසිව් කරලා. ඒ කියන්නෙ ඔන්ලයින් බුක් කරපු ලොකු කාන්ඩයකුත් ඉදලා තියෙනවා..

මෙතනදි ටිකෙට් පෝලිම කවුරුවත් පේන්න කැත විදියට පනින් නෑ.. ඒත් පෝලිමෙ ඉස්සරහ අය පස්සෙ අයට ටිකට් ගත්තාම පෝලිම තියෙන එකෙන් වැඩක් නැති වෙනවා මෙහෙම උනාම..

ඔය Carry වැඩේ මට පේන්නම බැරි වැඩක්.. කෝච්චියෙ ටිකට් ගන්න ගියත් ලස්සන ගෑනු ඇන්ටිල අංකල්ල ඉස්සරහ ඉන්න උන්ට සල්ලි දික් කරනවා.. එකෙක්ට දික් කරනවා ඌ අහක බලනවා.. දෙවනි එකාට දික් කරනවා ඌ රවනවා.. තුන් වෙනි එකාට දික් කරනවා..ඌ මොංගල් වගේ බූථ වෙලා ඉන්නවා.. ඉතිං ඔය විදියට හතර පස් දෙනෙක්ට දික් කරනකොට එකෙක් කොහොම හරි ඕ සල්ලි අර ං ටිකට් එක අරං දෙනවා..

එතකොට අර දිග පෝලිමෙ අවසාන ඉන්න උන් කෝච්චියෙ යන්න ඇහැක් වෙයිද? කියලා හූල්ල හූල්ල ඉන්න කොට ඉස්සරහින් සල්ලි දික් කරපු පඩත්තලයෙක් හෝ ඒසියෙක් කලිං ටිකට් එකක් අරං බාගෙද සීට් එකකුත් අල්ලගෙන යනවා..

මේ පෝලිං වල ඉන්නවා කියන එක මහ එපා කරපු වැඩක්.. එක එකා කලිසං ඇදන් කිසිම විලිලැජ්ජාවක් නැතුව ඇවිත් පනිනවා.. උන් එක්ක ගෝරි දාගන්න ගියත් එකෙක් දෙන්නෙක් නෙමෙයි නේ.. උන් එකෙක් යද්දි තව එකෙක් එනවා. ඒ මදිවට දන්න කියන එකලග කෝච්චියෙ යන අය හෙම පෝලිමෙ යන අයට උදව් කරනවා..

ජාතියක් විදියට අපිට ඉස්සරහට යන්න බැරි ලොකුම අවුල මොකද්ද? කට්ටිය දෙන ලේසිම උත්තරේ දේසපාලකයො සහ දේසපාලනේ නේ.. උන් අපිට වඩා සැරට පෝලිම් දානවා සහ පෝලිම් පනින බව ඇත්ත. ඒත් තමුන්ගේ වාරෙ එනකල් ඉවසන් ඉන්න බැරුව අනික් මිනිහෙක්ගේ වාරයක් කොල්ල කන්න බලාගෙන ඉන්න බහුතරයක් මෙහෙ ඉන්නවා.. සමහර උන් එහෙම නෑකම මිතුරු කමකට හෝ බලයකට හරි පිංසේනඩු වෙලා වැදලා බැනුං අහලා ගොරවලා හරි.. පෝලිමට උඩින් ටිකට් ගන්න එක දකින්නෙ මහා වීරකමක් කෙරුං කාරකමක් විදියට..

චෛත්‍ය පල්ලි කෝවිල් වදින පුදන තැන් ගොඩක් තිබුනට..

සිවුරු කාරයො ලෝගු කාරයො තොප්පි කාරයො රොත්තක් හිටියට

හන්දි ගානෙ බල්ලොන්ට චූ කරන්න පිලිම සුරුවම් සිහිවටන හිටෝල තිබුනට..

අනික් එකාට කන පැලෙන්න තරම් ආගමේ සද්දෙ ලෝකෙට දැම්මට

විතරක් අපිට බැහැ අපි අනෙක් උන්ට වඩා දියුනුය..අපේ මිනිස්සු හොදය...මිනිස්කම වැක්කෙරෙනවාය කියලා පොරෙටෝක් දෙන්න.පෝලිමක් තිබුනද ඒකෙ කොටුවෙ ඉස්ටේසමය..පිටකොටුව බස් පොලය.. ඇම් සී එකේ ෆිල්ම් බලන පෝලිමය..කියාල වෙනසක් නෑ අපේ ඇත්තො කොටසක් අනික් එකා ගැන හිතන්නෙ නැතුව පැනල තමුන් එක වෙන්න හදනවා.. . මිනිස්සුන්ගේ ස්වයං හැදියාව තියෙන්නට ඕනි.. එතකොට තමයි වෙන රටක එකෙක් ආවත් අඩේ මෙහෙ උන් අපි හිතුවට වඩා හොදයි නේ කියලා අපි ගැන හොදක් කියන්නෙ..

13 comments:

  1. /* එක එක මෝස්තරේ ඇදුම් ආයිත්තං ඇදපු ගැට තන මැද තන විසාල තන ඇවිත් කැරකෙනවා */

    මේවා නූතන, මධ්‍යතන සහ පුරාතන ලෙස වර්ගීකරණය කළ හැකි බව අන්තර්ජාලගත ලිපියක තිබෙනු දුටුවෙමි.
    http://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක බැලුවා රසික දාලා තියෙන. මොන හරකාද එක ලියලා තියෙන්නේ? ෂුවර් එකටම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක් වෙන්න ඕනි. බැලුවටත් පාඩුයි.

      Delete
    2. ඇත්ත තමයි මචෝ. කොහෙද යන වේsige පුතෙක් ලියපු පල හෑල්ලක්.

      Delete
  2. කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී තමයි ඔය පෝලිම් ආතල් එක හොඳටම වින්දේ

    ReplyDelete
  3. ඔය වගේ පෝලිම් පනින මිනිස්සු මේ රටවල ඇවිල්ල නම් ලස්සනට පෝලිමේ ඉන්නවා. වෙන option එකකුත් නැනේ. ඇත්තටම ඒ වගේ discipline එකක් වත් නැති අපේ ජාතිය කොහොමද දියුණු වෙන්නෙ

    ReplyDelete
  4. වටිනා පෝස්ටුවක්.. එක වෙලාවකට මල පනිනවා එහෙම පිටිපස්සේ උන් පෝලිම් පනිනකොට.. සමහර වෙලාවට හිතෙනවා අපිටත් වල යන අතට මැස්ස ගහලා නිකං ඉන්න. ලොකුම වැරැද්ද වෙලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට අවම වශයෙන් මේක වැරද්දක් කියලා තේරෙන්නේවත් නැති එක.. අනේ මන්දා..

    ReplyDelete
  5. ඕකට තමා අනික් එවුන්ට කඩේ යන්න එපා කියලා මුන් ව හදන්නෝනා....... නැත්තං කවදාවත් පෝලිමක ඉන්න පුරුදු වෙන්නෑ.... හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං අපි හැමදාම පෝලිමේ ඉන්න පුරුදු වුණාට පෝලිම් හැදෙනවා කියන්නෙම ඒ ආයතනයේ ගැටලුවක් නේද??? හරිනං අපි තග දාන්න ඕනේ උන්ටයි......

    ReplyDelete
  6. මාත් මේකට මොක හරි ලියන්නං...

    ReplyDelete
  7. ඇගේ දුවන්නේ සිංහ ලේ නිසාද දන්නේ නෑ. හිකිස්.

    ReplyDelete
  8. මමනම් ඊයේ රෑ බඩු වගයක් ගන්න ගිය වෙලාවේ පෝලිමේ පැන්න එකියකට නිවැරදිව පෝලිමේ එන්න කියලා කිව්වම රතුවෙලා ආපහු මගේ පිටිපස්සට ආවා...
    මම ඉන්න පෝලිමක කවුරුහරි එකෙක්/එකියක් පෝලිම පනිනවා කියන එක සෑහෙන කේන්ති යන වැඩක් වගේම මම ඒකට විරුද්ධව නැගී ඉන්නවා...
    ඔක්කොම හරි ෆුඩ් සිටි එකේ බාර් එකෙත් අපේ එව්වෝ පෝලිම් පනිනවනේ...

    පෝලිම් පැනිල්ලට විරුද්ධ වෙන්න ගිහින් තාම ගුටි කාලනම් නැහැ... :)

    ReplyDelete
  9. මටත් එපාම කරපු වැඩක් තමයි මේක. මොකකට ආවත් මාරම හදිස්සියක් තියෙන්නෙ. කොහොමහරි ඔලුව දාලා පෝලිම් පැනලා මහ ලොකු උජාරුවෙන් යන්නෙ හපන්කමක් කළා වගේ. මම නම් කීපදෙනෙකුටම හොන්දවයින් කියලත් තියෙනවා.

    අනිත් කාරණාව තමයි මේ මිනිස්සු ඒ පෝලිම් පැනලා ඉතුරු කරගන්න කාලෙන් මොනවද කරන්නෙ කියන එක. ඔන්න ජපන්නු වගේ හැම තප්පරෙන්ම ප්‍රයෝජනයක් ගන්නවා නම් (අහලා තියෙන විදිහට ) කමක් නෑ. ගොඩක් එවුන් කරන්නෙ කාගෙහරි ඕපයක් කියවන එක හරි කාගෙහරි වැරැද්දක් හොයන එකනෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉන්න රට හරක්ගෙ ආකල්ප හදනතාක් හොඳ ආකල්ප තියෙන උන්ටත් රට එපාවෙන එක නවත්වන්න බෑ. අනික ඒ වගේ රට හරක්ට හිතන්නෙම අනික් උන් හරක් කියලා.

      Delete
  10. පෝලිමෙන් පනින්නේ නැති කට්ටිය හිටියේ සෝවියට් දේශයේ. හොඳට පෝලිම් වල ඉන්නවා. අනික් එවුන් සුද්දෝ.

    ReplyDelete