Tuesday, March 22, 2016

ඉන්දුනීසියා 1

අපි මුලින්ම ඉන්දුනීසියාව කියන රට ගැන විස්තර බලාගමු. කොහේ යන්නත් කලිං ඒ යන්න නියමිත පලාත ගැන අපිට අවබෝධයක් තිබෙන්නට ඕනි. ඒ වගේම ඒ රටවල මෑත ඉතිහාසය භූගෝලීය පසුබිම ආදිය ගැනත් අපි දැනගන්න එක වටිනවා යන්නට කලියෙන්.

ලාංකිකයින් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන චාරිකාවක් තමයි ඉන්දියානු චාරිකාව. බෞද්ධයින් යනවා දඹදිව සිද්ධස්ථාන බලන්න. ක්‍රිස්තියානි අය එයාලගේ දේවස්ථාන බලන්න යනවා දකුනු ඉන්දියාව දිහා තියෙන. දෙමල අයත් එයාලගේ අගනුවර ආදිය බලලා දෙවියන්බලල එන්න ඉන්දියා යනවා. දඹදිව එක්කරං යන බෞද්ධ පිංවතුන් ප්‍රමානය අනුව ඔවුන් තමයි මම හිතන්නෙ වසරකදී වැඩිම ප්‍රමාණයක් සංචාරකයින් විදියට වෙනත් රටකට යනවා ඇත්තෙ.

මේ දඹදිව ගමනේ ටිකක් සුවපහසු ගමනකට යන මුදල රුපියල් 85,000/=ක් . මට අනුව මේකෙන් ලාභ තියෙනවා එක් අයකුගෙන් පමණක් රුපියල් විසිපන්දාහක් විතර.. එහෙම නෑ කියල කාරුහරි කියනවා නම් මට මෙල් එකක් දාන්න මම කියා දෙන්නම් පනස්දාහට ඔය පිරිස එක්කරං යන ආකාරය ඉතාම සරලව.. මොකද මම මීට කලිං ලංකාවෙ අය ගිහින් නැති ජම්මු කාශ්මීර් ලදාක් මනාලි ටුවර් එකක් සංවිදානය කරන්න යන්තම් දායක වුනා..අපි ඒක මුලින්ම සංවිධානය කරපු චාරිකාව වුනත් අපිට එක් අයකුට ගියේ රුපියල් 85000ක් වාගේ මුදලක්..සියලු ගුවන්ටිකට් සහ අනෙකුත් නවාතැන් ප්‍රවාහන ගාස්තු එක්ක.

ඔය ඉතිං දඹදිව ගමනට 85,000ක් කීවට තව ඉතිං අතට රුපියල් පාලොස්දාහක් වත් ඕනි..එතකොට රුපියල් ලක්සයක් නෙව. ඇත්තටම ලක්සයක් තියේ නම් අපිට ඉන්දියාවෙ පරණ ගඩොල් ගොඩවල් බලන්න නැතුව ඉන්දුනීසියා තායිලන්තත පැත්තෙ ගිහින් සෝක් ආතල් එකක් අරගෙන එන්න පුලුවන් සති තුනක් විතර වියදං කරලා..

ඉන්දුනීසියාවට යන්න ගුවන් ගමන් ගාස්තු

මම දන්න විදියට ලංකාවෙන් වැඩිපුරම ගුවන් යානා යන දිහාවල් තුන හතරක් තියෙනවා.. එකක් මැලේසියා සිංගප්පූරු දිහාව. අනික ඩුබායි මැදපෙරදිග පැත්ත..අනික ඉන්දියාව පැත්ත අනික් එක මාලදිවයින පැත්ත. මෙයින් ගුවන් ගමන් ගාස්තු අඩුම පාරක් තමයි අග්නිදිග ආසියාතික පැත්ත. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ජකර්තා ආදී ගිනිකොණදිග ආසියාවේ ස්ථානවලට ගුවන් ගමන් ගාස්තු සිතාගන්නටත් බැරි තරමට අඩුයි. උදාහරන විදියට අපිට ඉන්දියාවෙ දිල්ලි වලට යන්න අවම වශයෙන් රුපියල්36,000- 42,000ක ගුවන් ගමන් ගාස්තුවක් යනවා මාස දෙක්කට කලිං බුක්කරගත්තා වුනත්.. ඒත් ඒ වගේම පැය ගානක් යන මැලේසියා ගමනට යන්නෙ රුපියල් 22,000-28000 වගේ ගානක් විතරයි..

එයා ඒසියා කියන ගුවන් ගමන් සේවාව හරහා තායිලන්තය, කාම්බෝජය, හෝ චී මිං තියෙන වියෙට්නාමය, බාලි දූපත්, පුකට් දූපත්, ජකර්තා ආදී ඒ පැත්තෙ තියෙන තැන් බොහොමයකට රුපියල් 25000-40000 ආදී මිල ගනන් වලට ගුවන් ටිකට් ගන්න පුලුවන් යාම් ඊම් දෙකටම. අපි මෙතන බලන්නෙ ඉන්දුනීසියාව නෙව. මාස දෙකකට කලිං අපිට ගුවන් ටිකට් වෙන්කරගන්න පුලුවන් නම් එයා ඒසියා එකෙන් බාලි දූපත් ඩෙන්පසර්, ජකර්තා, සුරබයා ආදී තැන් තුනටම රුපියල් 30,000ට අඩුවෙන් යාම් ඊම් ගුවන් ටිකට් පත් ලබාගන්න හැකියාවක් තියෙනවා..

ඉන්දුනිසියාව කොච්චර ලොකුයිද ?

ඉස්සර ලංකාවෙ සිතියම අදිනකොට අපිට මලම පනින තැනක් තමයි අර උඩහ යාපනේ දිහා තියෙනවාක කියන දූපත් ටික. ඒ වගේම ත්‍රිකුනාමල පැත්තෙ තියෙන කඩතොලු අදින්න ගියාමත් ටිකක් අමාරුයි. ඉන්දුනිසියාව කියන්නෙ දූපත් 17000ක් විතර තියෙන දූපත් විසාල ප්‍රමාණයක් තියෙන රටක්. එයින් ලංකාවටත් වඩා විසාල මහා දූපත් 5ක් ඉන්දුනීසියාවට අයිති වෙලා තියෙනවා. ලංකාව නිකං මුතු ඇටේ අමුතු ඇටේ කියල පොඩියට හිතං හිටියට මේක සයිස් එක අතින් බැලුවොත් ඉන්දුනීසියා පොඩි දූපත් සහ මැලේසියා මාලේ දූප්ත එක්ක බැලුවාම ටිකක් ගස් කජු ඇටේක සයිස් දූපතක්.. ලෝකෙ දූපත් ලැයිස්තුවේ ලංකාව තියෙන්නෙ 25ට ලංකාව සිතියමේ පොඩියට පේන්නෙ ලංකාව සමකාසන්න රටක් නිසා..

මේ ඉන්දුනිසියාවේ මේ පැත්තෙ සුමාත්‍රා අචේ ප්‍රාන්ත කොනේ සිට අනික් පැත්තෙ පැපුවා දූපතේ කොණට ගුවන් සාමාන්‍ය ගුවන් යානයකින් යන්න ත් පැ6ක් විතර යනවා. ජනගහනය අතින් ගත්තොත් ලෝකයේ 4 වෙන තැන. ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහනයක් ඉන්නෙ ඉන්දුනීසියාවේ. ඉන්දුනිසියාව කියන රට පේනවට වඩා විසාලයි. දූපත් ආදිය එක්ක සුට්ටියට පෙනුනාට මේකෙ විසාලම දූපත් පහේ කරක් ගහල එන්නත් මාස ගානක් යනවා. ඒ වගේම අපිට සිතියමේ පොඩියට තිබුනාට ප්‍රධාන අගනගර අතරත්  විසාල දුරවල් තියෙන්නෙ.

මේ සයිස් සහ පොපියුලේෂන් ගැන කිව්වෙ අපි ඇතැම් වෙලාවට සංචාරයක් යද්දි සිතියම බලලා ආ මෙතන ඉදන් මෙතෙන්ට පොඩි දුරය් කියලා හිතලා සති දෙක තුනකින් මුලු ඒ රියා එකම කවර කරන්න හිතනවා.. නමුත් ඒක ඉන්දීස් අයිලන්ඩ්ස් වලදි අමාරු නෙමෙයි කරන්න බැරි දෙයක්. ඉන්දුනිසියාව සාමාන්‍යෙයන් බටහිර පලපුරුදු සංචාරකයින් පවා සලකන්නෙ මාසෙයක් වත් බලන්න ඕනි රටක් විදියට. ඒ බැලුවත් ඉතිං ජනප්‍රියම තැන් වලට ගිහින් ඔලුව දාල යනව මිසක ටැග් ගැහි ගැහි ඉන්න කාලයක් නම් ඉතුුරු වෙන් නෑ..

ගමනාගමනය

මේ ගිණිකොණ දිග ආසියා රටවල තිබෙන එක හොදක් තමයි ගුවන් ගාස්තු අඩු එක. ගුවන් ගමන් ආදියට යන ගාස්තු අඩුම කලාපයක් විදිය තමයි ගිණිකොණ ආසියාව මුලු ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙන්නෙ. එකම දුර අමරිකාවෙ යුරෝපේ ගමන් කරද්දි වියදං වෙන ගානට වඩා මැලේසියාව පැත්තේ යද්දි තුන් හතර ගුණයකින් මිල අඩුයි ලු. කොටින්ම ගුවන් ගමන් ආදිය නම් ඉන්දියාවටත් වඩා මිල අඩුයි මේ පැත්තෙ. ප්‍රසිද්ධ මැලේෂියා එයාර්, මලින්දෝ එයාර්, එයා ඒසියා වගේ ඒවා වගේම තවත් දූපත් අතර කුඩා ගුවන් තොට හරහා යන සහ වතුරට බාන කුඩා ගුවන් යානා සේවාවන් රැසක් ඉන්දුනීසියාව ආශ්‍රිතව තියෙනවා.

ඉන්දුනිසියාවේ ජාවා දූපතේ නම් දෙකෙලවරට යන්න තරමක් සුපිරි තත්වයේ දුම්රිය සේවාවක් තිබෙනවා. මේ දුම්රිය හරහා ජකර්තා සිට සුරබයා දක්වා තිබෙන කිලෝමීටර 600ක විතර දුර පැය 7-8කින් යන්න අවස්ථාව ලැබෙනවා. නමුත් අනෙකුත් දූපත් වල දුම්රිය ගමනාගමන පහසුකම් අඩුයි. සුමාත්‍රා වලත්කොටසක දුම්රිය සේවාවන් තිබුනත් ඒවා දියුනු මට්ටමක නෑ.

දූපත් ගොඩක් තිබෙන නිසා දූපත් අතර ගමනාගමනය කුඩා ගුවන් යානා වලින් වගේම බෝට්ටු වලිනුත් සිද්ද වෙනවා. බස් උනත් කිහිපයක් පටවන් දුපත් අතර යන්න පුලුවන් විසාල යාත්‍රා වගේම දෙතුන් දෙනෙක්ට වේගෙන් යන්න පුලුවන් යාත්‍රාත් මේ දූපත් අතර තිබෙනවා.

දූපත් කීවට එයින් පහක්ම ලංකාවටත් වඩා විසාලයි කිව්ව නෙව. මේ දූපත් වල ඇතුලෙ මාර්ග පද්ධති නම් ලොකුවට දියුනු නැතය කියලා තමයි විස්තර වල තියෙන්නෙ. ඒවයේ සුඛෝපබෝගී වගේම සාමාන්‍ය බස් රථ ආදියත් ධාවනය වෙනවා.

ඉන්දුනීසියාව කියන්නෙ ගෑස් නිධි තිබෙන රටක්. ඒ වගේම යම් ප්‍රමාණයක කෘෘඩ් ඔයිල් හෙවත් බොරතෙලුත් තියෙන කතාවක් දැක්කා. ඒ නිසා පෙට්‍රල් ගනන් අඩු ඇති. ඉන්දුනිසියාවේ බොහෝ සංචාරක ස්ථාන ආශ්‍රිතව කුලියට ගත හැකි මෝටර් සයිකල් සහ කුඩා වාහන තියෙනවාලු. ඒවා අරගෙන පොඩි දුරවල් බොහොම ලේසියෙන් ගිහින් එත හැකිය කියලා බොහෝ අය සදහන් කරල තිබුනා. සුද්දො සුද්දියො ජෝඩුවක් ඉන්දුනීසියා සවාරියක් ගැන කියද්දි ඒ බයික් ගැන කිව්වා සුද්දා.. එතකොට සුද්දි කකුල උස්සලා පුකත් පෙන්නුවා , පුක රිදෙන්න ගත්තලු බයික් එකේ ගිහින් ගැස්සෙනවා වැඩි නිසා.. මං හිතන්නෙ ඉන්දියන් බයික් වල යන අපිට ඉන්දුනිසියන් බයික් වල ගැස්සීම පුකට සමනලයෙක් වැහුව තරං වත් දැනෙන එකක් නෑ.

මිනිස්සු

ඉන්දුනීසියාව අපිට මතක් වෙන එක තැනක් තමයි සුනාමිය. ඒ සුනාමිය ඇතිවෙන්නෙ සුමාත්‍රා දූපතේ ඉහල කෙලවර අචේ ප්‍රාන්ථයේ. අචෙ කියන්නේ ඉන්දුනිසියාව දිහාට මුස්ලිම් ආගම ආපු ඉන්දුනීසියාවේ ඉහලම කෙළවර. මුස්ලිම් ආගම එන්න කලිං ඉන්දුනීසියාව සහ මේ කලාපයම බෞද්ධ රටවල්. මුස්ලිම් වුනාට මේ ඉන්දුනීසියානු ජනතාව බොහොම මිත්‍රශීලි ජනතාවක්. සංචාරක පලාත් ආශ්‍රිතව ලෝකයේ කොයි රටෙත් දකින්නට ලැබෙන රැවටිලිකරුවන් ඇවටිලිකරුවන් ඉන්දුනීසියාවෙත් ඇති. නමුත් බොහෝවිට ඉන්දුනීසියා ජනතාව අහිංසක සහ ප්‍රචන්ඩත්වයට නැඹුරු නොවන ජනතාවක් විදයට තමයි අන්තර්ජාල ගවේශකයින් බොහොම දෙනෙක් දැකල තිබුනෙ.

ඉන්දුනීසියාවේ මෑත ඉතිහාසයේ කුඩා යුධ වාතාවරන දෙකක් තිබුනා. එකක් තමයි සුනාමි එන්නට පෙර අචේ ප්‍රාන්ථය රටක් කරගන්න උත්සාහ කරපු අචේ ගරිල්ලන්. සුනාමියෙන් අචේ විතරක් නෙමෙයි පලාතම හෝදගෙනම ගියා නෙව. එයින් මනත අචේ ගරිල්ලන්ගේ ඉතුරු පිරිස ඉන්දුනීසියා මහ ආන්ඩුව එක්ක සාමදාන ගිවිසුමක් ගැහුවා. ඉන් පස්සෙ එන්නෙ ටිමෝරය. ටිමෝරය වෙනම කෑල්ලක් ඉල්ලලා පස්සෙ ඒක එයාලට ලැබුනා.

සමස්ථයක් විදියට ගත්තාම මුස්ලිම් ජනතාවගේ සාමාන්‍යෙයන් දක්නට ලැබෙන දැඩි ගතිය මේ ඉන්දුනීසියානුවන්ගේ නැහැ කියලයි සදහන් වෙන්නෙ. මුස්ලිම් අති බහුතරයක් හිටියාට බාලි දූපත හින්දු අය ඉන්න පලාතක්. ඉන්දුනිසියා ජනගහනය අනුව සීයේට එකටත් අඩු වුනාට ඉන්දුනිසියාවේ ඉන්න බෞද්ධයින් ප්‍රමාණය ලංකාවෙ ඉන්න බෞද්ධයින් සංඛ්‍යාවට වඩා වැඩියි.

ස්වාභාවික විපත්

ඉන්දුනීසියාවත් ලංකාව වගේම නිවර්ථන සෘතු දෙකක දේශගුනයක් තිබෙන රටක්. අග්නිදිග ආසියාවේ ඉන්දුනිසියාව කියන්නේ භූ තැටි මායිමක් තියෙන රටක්. ඒ නිසා ගිණිකදු භූමිකම්පා ආදිය නිතරම ඇතිවෙන රටක් තමයි ඉන්දුනීසියාව. ඔය බූතැටි එකලග තියෙන නිසා සහ මූද සම්බන්ධ දූපත් රැසක් තිබෙන නිසා සුනාමි අවධානම සහ සුනාමි නිසා වෙන්න පුලුවන් හානිය ඉන්දුනිසියාවට දැනෙනවා වැඩියි. ඉන්දුනීසියාව ගැන අපි විස්තර සුවල්පයක් දැනගත්තා. අපි එයින් මනත එහේ ගිහින්  බලන්නට තියෙන්නේ මොනවද කියලා ඊලග කොටසින් බලමු.

6 comments:

  1. අඩේ බොහොම ලස්සන විස්තරයක් හලෝ...

    අතේ සල්ලි ටිකක් තියෙන වෙලාවට යන්න අමාරු ප්ලේස් එක..

    තැනක් යූ මේ වගේ දේවල් දානවාට..

    ReplyDelete
  2. හොඳ විස්තරයක්

    ReplyDelete
  3. සෑහෙන්න මහන්සි වෙලා තියේ නේහ්
    අමිලය පහු ගිය දොහේ නොපෙනෙන්න හිටියෙ ගියාද මේ අහ ටුවර් එකක් වත් ඈ

    ReplyDelete
    Replies
    1. නෑ මචං මට යන්න වෙන්නෙ නෑ..මේ ලගදි..රැකියාවේ පොඩි සීන් එකක්.. මටවත් බලාගන්න කියලා පස්සෙ කාලෙක මේ විස්තරේ ලියල තියෙනවා.. මම සිංහලෙන් ඉන්දුනීසියා සර්ච් කලාම ආවෙ ඉන්දුනීසියා ගුවන් අනතුරු ගැන විතරයි.. දැන් ඊලගට සිංහලෙන් සර්ච් කරද්දි මගේ බ්ලොග් පේජ් එකක් සර්චින් වල උඩ ඇවිත් තියේවි..

      Delete
  4. හොඳ විස්තරයක්

    ReplyDelete