Wednesday, December 21, 2016

මිල වැඩි නිසා අඩුවෙන් කමු

සන්සාරේ වගේ දේවල් ටිකක් තියෙනවා වෙනස් වෙන්නේ නෑ ලංකාවේ.. දැන් තියෙන පස්නයක් තමයි වෙළදපොලේ හාල් මිල වැඩියි..මේ වගේ වෙලාවක කරන්න ඕනි රජය විසින් මිලදී ගෙන තියෙන වී ටික සහල් කරලා වෙළදපොලට දාන එක.. නමුත් අපේ ආන්ඩුව එහෙම කරන්නේ නෑ..රජයේ වී ටික ඉවරම වුනාට පස්සේ අපිට පුලුවන් හාල් වලට ගහල තියෙන හාල් කිලෝවකට රුපියල් 50ක සැර බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ක්‍රමානුකූලව රටින් තොග ගෙන්වන්න මීලග වී අස්වැන්න එන තුරු.. 

නමුත් පැහැදිලිවම මේ රජය පෙනීසිටින්නේ ගොයියා වෙනුවෙන් නෙමෙයි හාල් වෙලෙන්දා වෙනුවෙන්. සම්පූර්ණයෙන්ම රජයේ සහල් ගබඩා හිස් වුනාම සියලුම රජයේ සහල් තොග අවසාන නිසා ඉන් පසු විදේශී්‍ය සහල් මගින් සහල් මිල සැරටම අඩු කරන්න හැකියාව රජයට තිබෙනවා..ඒත් එතකොට සහල් මිලට අරන් හංගාගෙන ඉන්න මෝල් කාරයින්ගේ හොර වී ටිකට යන එන මගක් නැති වෙනවා..උන්ට ඒවා විකුනාගන්නබැහැ.. 

අනික් අතින් ඉතිහාසයේ කිහිප වතාවක්ම වුනා වගේ රජේ ගබඩා වල වී හාල් තව අවුරුද්දකින් විතර සවුත්තු වෙනවා..පොඩි කොනක් සවුත්තු වුනාම මුලු ස්ටොක් එකම හරි ලේසියෙන් සැර ගානක් අඩුවෙන් සත්ව ආහාර වලට කියලා (ඇත්තටම මේ යන හාල් වලින් වැඩිප්‍රමාණයක් ආයේ වෙලදපොලට එනවා..) විකුනනවා..ඒවයිනුත් කොමිස් ලොකු තැන්වලට යනවා.ඉතිං මේවා සංසාරේ වගේ චක්‍ර...කාටවත් නවත්තන්න බෑ නවත්වන්නෙත් නෑ. ‍කොහොම වුනත් දේසපාලක තුමා නිළධාරි තුමා සහ සද්ගුණවත් ව්‍යාපාරිකයින් ගොඩ යනවා..අසරණ ගොයියා සහ පාරිබෝගික උන්නැහේ අනාථ වෙනවා.. 

අපේ කෑම 

අපි කන්න ගියාම ආහාර අපතේ දානවා වැඩියි.. මම වුනත් ඕනිවට වඩා බෙදාගෙන කාරිය බත් අහක දාන පුරුද්ද සැරටම තිබුනා.. 

අපේ කන්තෝරුවට එනෝ ඉන්දියන් කාරයෝ..කෝට් ගහන්..ලස්සනට ඇදන් ටයි දාන්..ගෑනු නම් ලස්සන රවුං පුකවල් පේන්න සායවල් කයිසන් ඇදන්(ආසාවේ බෑ ඉන්දිය ගෑනු ඉන්ද්‍රිය සයිස් එකටනං අපේ ලෑලි පතුරු වලට කිට්ටු කරන්නවත් බෑ..) උන් ඇවිත් උන්ගේ රටේ වගේ හැසිරෙනවා.. ලිෆ්ට් එකක හෙම යද්දි වෙලාවකට හිතෙනවා අඩෝ මම මේ ඉන්නේ ඉන්දියන් ලිෆ්ට් එකකද කියලාත්.. ඒත් තරං හින්දි වලින් කච පචේ.. 

ඉතිං මුං ඇවිල්ල චූ කරන්න ගියත් කොහෙ ගියත් අපිම තමයි..මටනං පේන්නේ..අපිට වැඩිය ඇති දෙයක් උන්ගෙත් නෑ..උන්ගේ නැති දෙයක් අපෙත් නෑ.. කියල තමයි හිතෙන්නේ..ඒත් උන් බොහෝවිට පිලිවෙලට අදින්න උත්සාහ කරනවා පෙලක් විට උණ් ජොබ් එකට ඇදුම ටිකක් අපිට වඩා හිතනවා.. 

මොක ඇදන් මොන මහත්තයා ආවත් ඉන්ඩියන් උන් කැන්ටිමට ගිහින් කෑම වල මිල අහලයි කෑඹ ගන්නේ..මුල් දවස්වල බත් කද්දි මුන් කෑවෙ පරිප්පු විතරයි..තව ඉන්දියන් කෑම එහෙම ඒ දවස්වල කෑව..තෝසෙ වගේ ව..ඒත් ටික දවසක් යද්දි මුන්ට තේරුනා අපේ කැන්ටින් ඉන්දිය්න කෑම ඉන්දියාවේ පාරෙ තියෙන ඒව තරං වත් කික් එකක් නෑ කියලා..ඉන් පස්සේ මුන් අපේ කෑම වලට හුරු වුනා.. දැන් මුන් මාලු හොදි, පලාවර්ග, මෑකරල්, රතු අල වගේ තියෙන ඕනි ව්‍යාංජනයක් එක්ක පරිප්පු ටිකක් වැඩියෙන් ඉල්ලගෙන අපේ බත් එක් කනවා.. 

උණ්ගේ කෑම ක්‍රමවේද 

හැබැයි ඉන්දියන් කාරයො කන ටේබල් එක බලන්න ලස්සනයි.. කාල ඉවර වුනාම පිගානක එක බත් ඇටයක් ඉතුරු නෑ..උන්ට අපිට වගේ අපුල් රහ එහෙම නැතුව ඇති..කරපිංච කෑලි රම්පේ කෑලි කුරුදු කෑලි හෙමත් මැසිමට දැම්මා වගේ අඹරනවා සට සට ගාලා.. කිසිම දෙයක් නැති උන් කාපු පිගන් හරි ලස්සනයි.. වැඩේ කියන්නේ ඉන්දියාවේ වී හාල් එලෝලු ආදිය අපිට වඩා මිල අඩුයි බාගෙට බාගයකටත් වඩා..ඒත් උන් කෑම ආදිය ඉතුරු කරන්නේම නෑ කනවා ඔක්කෝම වගේ.. 

අපේ කැන්ටිමේ වුනත්, කන්න මාතර බත් කඩේකට හෝ වෙන පොස් තැනකට ගියත් අපතේ දෑම නම් අපේ සුප්පා විදියට වෙනවා..දානයක් මගුලක් තුලාවක් වුනොත් කනවාට වඩා මිනිස්සුන්ගේ පිගන් වල ඉතුරු වෙලා විසික් කරන ටික වැඩියි.. 

හාල් වී වගේම එලෝලු ජාතිත් හැමදාම ගනන් යනෝ..එන්න එන්න කන්න විතරක් අපේ බජැට් එකෙන් ලොුක ගානකට තට්ටු වෙන ලයින් එකක් එන්නේ..අපිත් ඇහැක් විදියට පමණට බෙදාගන්න ඕනි.. බෙදාගත්ත එක කන්න ඕනි.. ඉතුරු කොරන්න හොද නෑ.

මාත් දැන් දවස් කීපයක් තිස්සේ උත්සාහ කරනවා..කැන්ටිමේ කෑම ඇල්වතුරම වගේ දවස්වලට නම් ඉතිං ‍ටාගට් එක කවර් කරන්න ආමාරුයි..ඒම වුනත් 
  • තේවතුර බොන වෙලාව සහ කෑඹ වෙලාව අතර විසාල පරතරයක් තබාගැනීම.
  • ප්‍රධාන කෑම වේල් අතර පොඩි පොඩි කඩ කෑම ගොඩක් නොගැනීම. 
  • හොදින් බඩගිනි වුන විට කැන්ටිමට යෑම 
  • කෑමට නිසි වේලාවක් දවසේ වේනකරගැනිම   
වගේ ප්‍රයෝග වලින් බත් පිගාන සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ටිකක් හැකියාව ලැබිල තියෙනවා.. 

හාල් ගනන් කියල සිරිසේනට දොස් කියල වැඩන් නෑ..උන් ඡන්ද ගන්න වැස්ස වලාහක දෙයියනෝට පිරිත් කියන්න සර්කියුලර් ගහාවි..අපි අපිට ඇහැක් පමණට බෙදාගන්න සහ බෙදාගත් බත් එක ඉතුරු නොකර කන්නවත් පුරුදු වෙමු කාලේ හැටියට.. 

5 comments:

  1. මේ කතාවට දාල තියෙන අයිසින්, ඩෙකරේෂන් මරු (ලස්සන ඉන්ඩියන් රවුම් පුකවල්)

    ReplyDelete
    Replies
    1. අතරමැද කෑලි දාන්නේ ඕකෙන් ලැබෙන සර්ච් හිට්ස් තුට්ටු දෙකට නෙමෙයි..ගෙඩිය පිටින් අරං තමුන්ගේ සයිට් වල දාන අපතයින්ට ටිකක් අමාරු වෙන්න.. කුනුහබ්බයක් දෙකක් තියෙද්දි කෙලින්ම ඇදල අරං ගහන්න අමාරුයි.. පුක කියන්නේ කුනුහබ්බයක් නෙමෙයි..ඒත් කෙලින්ම මේක සයිට් එකකට ගහගන්න බෑ මේ නිසා..

      Delete
  2. කෑම ගැන මාත් දෙකක් ලඟ නැමුව.
    http://raj1st.blogspot.com/2016/11/blog-post_26.html

    http://raj1st.blogspot.com/2016/12/blog-post_10.html

    හාල් ගැනත් ලියන්න හිත‍ාගෙන ඉන්නව. කෑම අඩුවෙන් ගැනීම ශරීරය පැත්තෙන් මිසක් ආර්ථිකය පැත්තෙන් බලන එක ප්‍රායෝගික නෑ එච්චර.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ සින්ඩියෙන් අයින් කරාම පස්සේ රාජ්ගේ බ්ලොග් එක කොච්චර වෙලෙනවද කිව්වොත් මේ කොමෙන්ට් 5 ක් වැටෙන්නේ නැති බ්ලොග් එකකත් ලින්ක් එක දාන එකෙන්ම පේනවා.

      Delete
  3. ඉන්දියන්කාරයෝ කෑමබීම ගැන විතරක් නෙමෙයි හැම දේ ගැනම අරපරිස්සම්. උන් වැඩියේ වියදම් කරන්නේ නෑ. මුල් කාලේ නම් මට හිතුනේ මුං කුණු ලෝබයෝ කියලා.

    ReplyDelete