Friday, December 30, 2016

සාගතයට ලෑස්තියි

අපි දුප්පත් රටකි. අපි දුප්පත් වීමට සැබෑම හේතුවක් නම් අපේ රට ස්වභාවයෙන්ම ගහ කොල ඇල දොල වලින් පිරි සශ්‍රීක භූමියක් වීමයි. මෝසම් වර්ශාව නිසා අධික වර්ශාපතනයක් අපේ රටට ලැබේ. එසේම රට තුලම ආහාර ආදිය උවමනාවටත් වඩා නිපදවෙන නිසා අපිට එහෙමට කියා අහේනියකුත් නැත. 

සැබැවින්ම යමක් විශාල ලෙස සැලසුම් කිරීමේ උවමනාවක් අපිට නිරායාසයෙන්ම නොලැබී යෑමට මෙම සරුසාර ස්වභාවය එක් හේතුවකි. බොහෝ අඩු වර්ශාවක් ලැබෙන ආහර ආදිය හිගපාඩු මහද්වීපවල රටවල ජනයාට සැලසුමකින් තතාෙරව හිතුමනාපේ ජීවත් විය නොහැක. ඔවුන් සිය ආහාර ආදිය සැපයෙන්නේ කෙසේද? ඒවා ගබඩා කරගන්නේ කෙසේද? තමුන්ගේ සතුන්ට කන්නට බොන්නට දෙන්නේ කෙසේද ආදී බොහෝ දේ සිතිය යුතුය. නමුත් අතීත රජදරුවන් සහ බිරිතානි ලංදේසි ආදින් විසින් කරන ලද විශාල වාරි කර්මාන්ත රැසක් නඩත්තු කිරීමෙන් වර්ථමාන ලාංකික අපිට ඉබේම වෙග් වතුර ටික ලැබේ. කලකදී අතිරික්තයක් වෙන ආහාර බෝග නිසා ‍කුමන අන්දමින් අක්‍රමවත්ව ආහාර බෝග වගාකලත් ආහාර ටිකද යහමින් ලැබේ. 

ජනගහනය වැඩිවෙද්දී ඇතිවන පස්නයන් මත මේ තත්වය දිගටම පවතී යැයි අපිට සිතිය ෙනාහැකිය. නමුත් විශාල සාගත තත්වයක් නියංසායක් පහල වී පලාත් ගනන් ගම් නියම් ගම් ඇවිලෙමින් එය විදේස ආදාර ලබාගැනීමේ තත්වය දක්වා පත්වීම වුව අපේ රට සලිත කරන්‍නක් වේදැයි සැක සහිතය. එවැන්නකදී  සුනාමි කල රටේ ආර්ථිකය වසර කිහිපයක් ගොඩ යෑමට අාධාර පරිත්‍යාග හේතු භූත වූවා සේ අපෙේ නායකයින්ට මිනිස්සු සාගතේ මියැදීමම තවත් එක් මුදල් උල්පතක් ම වෙනු ඇත. 

වනාන්තර හා ඇල්වතුර 

වතුර නවත්තා ගන්නට විශාල ජලාශ ඉදිකල හැකිය .. වනාන්තර ආදිය නිසා ඒවායේ භූගත ජලය ලෙස ද විශාල ජල ප්‍රමාණයක් රදවාගැනීමට හැකියාව ලැබේ. මෙම වනාන්තර වගුරුබිම් තණ බිම් ආදියට වර්ථමානයේ අත්ව ඇති ඉරණම කුමක්ද? මායිම් කොට වෙන් කර ඇති නම් කර ඇති රක්ෂිත නම් වූ කොටස පමණක් වනාන්තර යැයි බහුතරය සිතති. එයින් මනත මායිමෙන් පිට වනය ගැන වැඩි අවධානයක් නැත..මෙම කැලෑ පාලුව නිසා අවසානයේ අපේ රටට වැටෙන වරුසාව වරුසාව කාලයේ පමණක් ගංගා ඇල දොලට ජලය සපයන ජල ප්‍රභව බවට පත් වේ..ජලය ස්වභාවිකව පොලවේ ගබඩාකිරීමක් සිදු වන්නේ නැත. 

අපි මොකද්ද කරන්න ඕනි 

ජනාධිපති තුමානම ්ඈත පේන නියං සායට දැන්ම සිටම සූදානම් වී පුද පූජා තබා වැසි දෙවියන්ට යාඥා කරන්නට සැලසුම් කොට තිබේ. එයින් ඔහු පසුව ඇතිවිය හැකි අවලාදයෙන් ගැලවීමට මගක් කලින්ම සොයාගෙන තිබේ. අනික් අයත් විවිධ හේතු දැන් තනාගෙන යමින් සිටිනවා විය හැකිය. අවසානයේ මිනිස්සුන්ගේ ජයග්‍රහන වලට මල් මාලා පිට අමුත්තන් සේ දේශපාලකයින් වැඩියත් නියගයක් ඇති වුවොත් දේශපාලකයින් ඒවාට වගකීම නම් කිසිසේත්ම බාරගන්නේ නැත.. කලින් බාර හාර වී ඇත ිනිසා නොවැසීම දෙවියන්ගේ වැඩක් මිස දේසපාලු මහතුන්ගේ වැඩක් නොවන බවට ඔවුන් උත්තර දෙනු ඇත. 

එදාවේල පොලිටික්ස් 

ෆේස්බුක් නිසා රජයට අවුරුද්දකට ප්‍රශ්ණ 365ක් ප්‍රමාණවත්ය. ඒ අස්සේ අම්පිටියේ සුමනේ වැනි ඩයල් එකක් පහල වන්නේ නම් සති දෙකකට විතර වෙනත් කිසිම පස්නයක්ද අවශ්‍ය නොවේ..රජය විසින් පේස්බුක් අදුන දෙස බලා විල්පත්ත සංහාරයද අමායා ලේක් හි ගිනිතැබීම්ද නවත්වා ලන්නට ක්‍රිය ාකරන ලදී. මේ දිනවල බුදුවීමට ඔන්න මෙන්න සාසනේ ගැන කලකිරී ඇති විජේදාස උන්නැහේ තව ටික කලක් යනතෙක් මඩකලපු මංගලාරාම අසබඩ සිංහල ජනතාව ගැන කතාන්දර වලින් මාධ්‍ය සරසනු ඇත. 

ෆේස්බුක් එකේ හිට් වෙන පස්නයක් ගැනීම..ඒ සදහා කොමිටි පත් කිරීම..එය විසදීමට ඇවසි නීති රෙගුලාසි සැලසා ගැනීම.. ඇත්තටම මෙය ආන්ඩුවේ හොරු අල්ලන ක්‍රියාදාමයට නොදෙවනි ක්‍රියාවලියකි..මුලින්ම වංචා සොයාගැනීම.ඒවා පරීක්ෂණ සොයා ගැනීම.. පරීක්ෂණ කාර්යමණ්ඩල සොයාගැනීම..නමුත් වසර තුනකට ආසන්න කාලයක් ගතවීත් තවමත් සොරුන් යනු කතාන්දර පමණි..සැබෑ සොරුන් නොමැත..

එතෙරවීම 

ප්‍රවාහනය, අධ්‍යාපනය. කෘෂිකර්මය, පරිසරය, සාගතය, විරැකියාව, ආර්ථිකය,සෞඛ්‍යය ආදී බොහෝ දේ ගැන පුලුල් වූ ක්‍රියාත්මක වැඩසටහන් වර්ථමාන රජයට වත් වැනෙන විපක්ෂයටවත් නැත.. එසේම බහුතර බලයක් ඇති ආන්ඩුවක් වුවද කිසිදු සාර්ථක වැඩපිලිවෙලක් මෙතෙක් දියත් කරලාද නැත.. ඉදිරියේදී සාගතයක් ඇති විට පංසල් දේවාල ගානේ යන්නට උපදෙස් දෙන ජනාධිපති වරු සැබැවින්ම රත්තරන්ය.. ඔවුන් අනාගත සාගතය විසදන ආකාරයට ම දෙවියන් ලව්වා ඉතිරි ටිකත් ඔබට විසදා දෙනු සත්තකය..ඉතින් අපි බලා සිටිමු. 

1 comment:

  1. නැවත වගා ලංකා බැනර් සංග්‍රාමයක්වත් පටන් ගමු නේද

    ReplyDelete