Tuesday, June 13, 2017

තනියම පිටරට නිවාඩුවකට යන එකේ ආනිසංශ සහ අවුල්

ප්ලෑන් කරන් ඕනි හැමදේම 

තනියම පිටරට හෝ ලංකාවේ සවාරියක් යන්නට හදනවා කියන්නේ පොඩි රිස්ක් එකක්. එතනදි අපි මුලින් හැමදේ ගැනම යම්තාක් දුරට හොයාබලන්නට ඕනි..එතනින් කියවෙන්නේ නැ හැමදේම කපලා මහලා වගේ බුක් කරලා කරගන්න ඕනි කියලා..ඒත් තනියම යද්දි ආයෙ ්තමුන්ගේ කෑම වේල හොයාදෙන්න කෙනෙක් නෑ..රෑට නවතින්න තැන බුක් කරදෙන්න කවුරුත් නෑ.. තමුන් යන එන තැන ්එදා දවසේ වැඩපිලිවෙල කියාදෙන්න කවුරුවත් නෑ..ඒ නිසා කලිං ගිහිපු අයගේ විස්තර අන්තර්ජාලයෙන් බලලා නවාතැන් ආදිය තියෙන්න් මොන ඉසව්වේද? ඒවායේ ගනන් මිමි කොහොමද බලන්න යන තැන් මොනවද ? ඒවට යන්න ප්‍රවාහන පහසුව කොෙහාමද කියලා පොඩ්ඩක් අධ්‍යනයක් කරලාම යන්න වෙනවා තනියම යනවා නම්..එහෙම නැත්නම් පොඩි පොඩි අවුල්වලට මුහුනපාන්න වෙනවා.. 

මෙහෙම රිසර්ච් එකක් කරන එක අවාසියක්ම නෙමෙයි.අපිට අනෙක් අයගේ චාරිකා ගැන අවබෝධයක් ලබාගන්න ඒ පලාත ගැන අමතර දැනුමක් ලබාගන්න, අපි බලන්න යන ස්ථාන ආදියේ වැඩිමනක් විස්තර ආදිය දැනකියාගන්න මේක හොද අවස්ථාවක්..උදාහරණ විදියට අපි තාජ් මහල් බලන්න යනෝ නම් ඒ ගැන අන්තර්ජාලයෙන් හොයලා යනවා නම් එතන ඉන්න ගයිඩා කියන හතරවරං වලට වැදගෙන ඒක අදහගන්න ඕනි නෑ.. අපි ඒ ගැන යම්තාක් දුරට දන්නවා..ඒක අපේ චාරිකා මෙව්වා එකටත් අපේ දැනුමටත් වඩාත් වැදගත්. 


මේ දේ කොරන්න මේ දේ නොකරන්න කියල කෙනෙක් නෑ,. 

ලංකාවෙන් චාරිකා සංවිධෘනය කිරීම අනාදිමත් කාලෙක සිට කරන දෙයක්..විශේෂයෙන් දඹදිව සහ මැලේසියා සිංගා තායි සවාරි වඩාත් ලාංකිකයින් අතර ජනප්‍රියයි. එතනදි චාරිකා සංවිධායකයා විසින් අපි ඒ ඒ ස්ථානයේ නැවතිය යුතු කාලය, නවතින්නේ කොතනද? අපි ගන්න ඕනි ආතල් එක මොනවද කියලා කලින් තීරණය කරලා ඉවරයි..හැටහතර දෙනෙක් විතර සෙට් වෙන ගෲප් එකක් එක්ක අපි ජොයින් වුනාම ආයේ අපේ අවශ්‍යතා කියන දේට ලැබෙන්නේ අඩු තැනක්..අපි පොදු රැල එක්ක සෙට් වෙලා ඒ පස්සෙන් යනවා.. කරන දේ කරනවා කියන දේ අහනවා ..කියන තැන නිදාගන්නවා.. පෙන්වන දෙයක් බලනවා.. 

එත් මොන තරම් ප්ලෑන් කරල ගියත් තනියම ගමනේ දි අපි පස්සෙන් ඉදලා අපිට මේදේ කරන්න මේ දේ නොකරන්න කියලා කියන්න කෙනෙක් නෑ..මම චෙන්නයි ගියා..යද්දි සහ එද්දි එද්දි නම් චෙන්නයි වල ෂොපින් පාරකුත් කලා..චෙන්නයි අපේ ගොඩක් අය දකින්නෙ අවුල් සිටි එකක් විදියට අපිට..නමුත් ඒමම නෑ. මිනිස්සු මිත්‍රශීලියි. 


මමනේපාලයේ කදු නගින්න ගියාම දවස් 5-6ක් යනවා කිව්ව ගමනට මට ගියේ පුල් ම දවස් 3ක් විතරයි..ඉතිං මට දවස් දෙකක්ම ඉතුරුයි. මම සෙට් එකක් එක්ක ගියානම් ගයිඩ් කෙනෙක් අරගෙන අර දවස් පහම වාත වෙන්න වෙනවා.. අනික හැමතිස්සේම ඇවිදින්න සහ තැන ්තැන් නරඹන්නම යන එක වෙහෙසකර වැඩක්..මම නේපාලේ ගිය ගමනෙත් දවස් දෙකක් විතර මොකුත්ම නැතුව විල අද්දර එහෙ මෙහෙ ඇවිද ඇවිද හම්බෙන සුද්දෝ නේපලි එක්ක කතා බහ කර කර කාලේ කෑවා. මොකද නිවාඩුවක් වචනයෙ ්පරිසමාප්ත අර්ථයෙන්ම නිවාඩුවක් වෙන්නට ඕනි..සාමාන්‍ය ජීවිතේටත් වඩා නිවාඩු සෙඩුල් එක තද නම එතනදි ඒක මනසට සිරුරට නිවාඩුවක් වෙන්ෙ නෑනේ.. 

ඒ වගේ අපිට ඕනි විදියට කන්න බොන්න නවතින්න සහ ප්‍රවාහන පහසුකම ්ගන්න ඕනි තරම් නිදහසක් තනියම ගමෙනේදි අපිට සෙට් වෙනවා.. මම සෙට් එකක් අරං ගියත් මම පන්ඩිතයා නම් මම කියන දේ අනික් උන් අහන්න ඕනි..එයාලගේ පුද්ගලික රුචි අරුචි කම් හැමකටම රිප්ලයි කරන්න අමාරුයි..ඒ නිසා තනියම ගමන කියන්නේ නිදහස නම්සුපිරියටම තියෙන හොද ගමන් ස්ටයිල් එකක්...හැබැයිරිස්ක් එක හෙවත් අවදානම නම් වැඩියි. 


චැටක් දාන්න්වත් කවුරුත් නෑනේ පාලු නැද්


සාමාන්‍යයෙන්ලංකාව ඉන්දියාව වගේ රටවලදි තනියම සවාරි යෑම ටිකක් අඩුයි.මම තනියම ආවා කිව්වම අපේ රටේ අය වගේම ඉන්දියාවේ අයත් තරමක් පුදුමයට පත් වුනා..මොකද දවස් ගනන්  තනිකර ට්‍රේන් එකේ හින්දිවත් නොදන්න මමඉන්දියාවේ සම්පූර්ණයෙන් යාලුවෙක්වත් නැතුව දවස් හතරක් විතර ගත කලා..

ඉන්දියාවේ ට්‍රේන් එකේදි උනත් මම බුක් කලේ පහල පන්තියක් නිසා මිනිස්සු  ෆෙන්ඩ්ලි අය හමුවුනා. ඔවුන් බොහොම සුහදව ගනුදෙනු කලා..හැමෝම හැම ඉන්දියන් කාරයම සවුත්තු නෑ.. විසේසයෙන් ඇසැම් වල දි හමුවුන ගොඩක් අයහොද මිනිස්සු.. ඒ අය කනබොන විදිය හැසිරීම අධ්‍යනය කරන්නත් තනියම ගමන හොද අවස්ථාවක්..හින්දි දැනගෙන ගියානම් පංකාදුයි.මොකද ගොඩක් අයට හින්දි තමා පුලුවන්.. ඉංගිරිසි හැමෝටම බැහැ..
 

ලෝකෙ වටේ යාලුවෝ 


මේ ආකාරයෙන් තනියම ගමන් යන මෝස්තරය අපිට ටිකක් ආගන්තුක වුනාට මම ගමනේ යෙදෙද්දි, ජර්මන් කාරයෝ, ඉතාලියෝ, ප්‍රංශ කාරයෝ, රුසියන් කාරයෝ එංගලන්ත කාරයෝ හමු වුනා..ඒ ඇතැම් අය කුට්ටියක් පිටින් ඇවිල්ලා ඒත් ඇවිද්නන යන්නේ තනියම..තව අය ලෝකේ කොහෙන් හෝ කරකිලා නේපාලේට පැන්නට පස්සේ සෙට් වෙලා යනවා එහේ මෙහේ..එයාල අදුරගන්නෙත් නේපාලෙදිමයි.. මම වෝටර් රාෆ්ටින් වලට සෙට් වුනාම අපි එක්ක ගිය ටීම් එකේ යුරෝපීයන්ස්ලා වගේම ඇමරිකන් කාරයෝ තායිලන්තකාරයෝ මම ශ්‍රී ලාංකික තව නේපල් උනුත් හරි හරියට හිටියා.. අපි ඔක්කොම් අර කබල් බස් එකක රාෆ්ටින් පටන් ගන්න තැනට ගිහින් ඒ වැඩේ පටන් ගත්තා..රාෆ්ටින් එක වෙලාවෙදි අපි අතර හොද යාලුකමක් හැදෙනවා.


රාෆ්ටින් එක ඉවර වෙලා වතුර පිටින්ම වාහනේට් නගින්න බැරි නිසා මම කලිසමක් මාරු කරගන්න පොඩ්ඩක්ලග තිබුන පස් කන්ඩියක් පිටිපස්සට ගියා..මෙන්න ටිකකින්අනික් සෙට් එකේ බෙල්ජියම් කෙල්ලො තුන් දෙනාත් ආව එතන්ට..උනුත් මම ඉන්න බව ගානක් නැතුව ඔහේ ඇදුම ්මාරුකරගන්න ගත්තා..මම ඉතිං හනි හනික කලිසම දාගෙන මාරු වෙලා අවා.. හොද නෑනේ ඉතිං..

තනියම ගියාට අපි නවතින කන බොන ඉන්න තැන්වලදි අපිට ලෝකේ වටේ යාලුවෝ හමුවෙනවා අපි යන්නේ පොපියුලර් ටුවරිස්ට් ප්ලේස් එකකට නම්. ඉංගිරිස බාසාව පරතෙරට ඒනි නෑ..මොකද ගොඩක් සුද්දොත් ඉංගිරිසි අපි හිතන තරම්ම දන්නේ නෑ,. යාන්තම් තිබුනාම ඇති ජාම බෙර්ගන්න..


අවසානේ 

තනියම ගමන කියන්නේ ටිකක් බය හිතෙන පාලු දෙයක්..ඇත්ත ඒත් හැම වෙලාවේම එහෙම නෑ,.ඉතිං තනියම යෑම ගැන ඔ්‍යාල මොනාහරි අදහසක් මේකෙන් ගන්නට ඇති ඒ අදහස යාලුවොන්ටත් බලන්න ෆේස්බුක් ටුයිටර් වල මගේ බ්ලොග් ලිපිය සෙයාකරගන්නත් අමතක කරන්නට එපා..

8 comments:

  1. තනියෙම යන මේ වගේ ට්‍රිප් තමයි මම නම් වැඩියෙන්ම එන්ජෝය් කරන්නේ. තමන්ට කැමති විදියට , කැමති ජාතියෙන් ඉන්න ලැබෙනවා.

    පොඩි ඉරිසියාවක් එනවා. ටික දවසකින් හරි යයි නේ?

    ReplyDelete
  2. මහා හිගන ට්‍රිප්නේ අයිසේ තමුසේ ගිහිං තියෙන්නේ. මෙව්වා ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්න පුලුවන්ද? අපිත් හිගන ලොල්ලෝ ගානට වැටෙයි.

    ReplyDelete
  3. අනිත් උන් නැතිව මම තනියම රැන්ගුන්වල ඇවිදින්න ගිහිල්ලා නාකි දෙමලෙක් මාව රවට්ටලා මගේ සල්ලිවලට විදලා පැන්න හැටි මතක්වෙනකොටත් කේන්ති යන්නේ මම මේ නාකි හම්පඩයාට රැවටුනානේ කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් සල්ලි අතේ අරං යන එක තේරුමක් නෑ..මම මෙහේ ලංකා බැංකුවට කියලා ගියේ.. එහෙදි සල්ලි ගන්න ඇහැක් වුනා.. කිසිම අවුලක් නැතුව.අමතර රුපියල් 500ක් චාජ් වෙනවා එහේ ඒටී එම් වලින්..ඒත් ඉතිං ආරක්ෂාව අතින් නම් හොද ඔප්ශන් එකක් තමයි ඒ ටී එම් වලින් සල්ලි ටික ටික අදින එක..

      Delete
  4. සොලෝ ටුවරිස්ට් කියන එක ලෝකෙ ගොඩක් ජනප්‍රියයි.ලංකාවෙ උනත් බැක් පැකර්ස්ල ගොඩක් එන්නෙ සෝලෝ ටුවරිස්ට්ල.ටුවර් කරද්දී නවාතැන් පොලවල් වලදී ගැන්සි සෙට් කර ගන්නව .

    ReplyDelete
  5. අපිට නම් ඉතින් තනියම පිට රට වල සංචාර කරන්න තරම් සල්ලි නෑ. ඒක හින්දා ඔන්නොහේ කොහේ හරි වැවක් මඩ වලක් හොයාගෙන වීක් එන්ඩ් එකක් වගේ ගත කරන එක තමයි කරන්න පුළුවන්.
    මම දැක්කා කම්බෝදියා 500€ වලට ටිකට් තියෙනවා එමිරේට්ස් වල. යන්න හිතාගෙන හිටියටා ඔය එක එක්කෙනා කියපු දේවල් කියවලා දැන් දෙගිඩියාවෙන් ඉන්නේ. සමර් එකට එහේ හැමදාම වහිනවලු. අරවලු මේවලු. ඉතින් නිකම් මොකක්ද එකා වගේ දැන් හොල්මන් වෙලා ඉන්නේ- ඒක හින්දා ඔය අනුන් ලියපු සටහන් කියවලා ගමන් යන්න දාගන්න එක ඒ තරම්ම සාර්තකයි කියලා මට හිතෙන්නේ නෑ. ( ඒත් ඒක කරන්නම ඕනේ දෙයක්. )

    ReplyDelete
    Replies
    1. මොනව කියවල ගියත් රිස්ක් එකක් තියෙනවා..ඒ රිස්ක් එකත් එක වෙලාවකට ආතල් එකක්..
      මම මෙහේදි විස්තර ඔක්කෝම කියවලා ඔක්කොම ඉන්ටනෙට් තියනාව නේ මොකටද තව ප්‍රින්ට් අවුට් කියල ඉන්දියාවේ චෙන්නයි වලින් බැස්සා..හුටා..චෙන්නයි වලදි ඉන්ටනෙට් යන්න සිම් කාඩ් එකක් ගන්න විදියක් නෑ..උදේම කඩවල් ඇරලත් නෑ.. ඇරල තිබුනත් දවසක් වත් යනෝලු ඇක්ටිව් වෙන්න.. මල සේක ඉතිං... ඉන් පස්සේ කිසිම සටහනක් නැතුව කලින් දේවල් වල මතකෙන් යාන්තම් තැන් හොයාගෙන නවාතැන් හොයාගෙන ගියේ..ඒකනම් වීරකමක් නෙමෙයි..මේක කලින් කාශ්මීර ගමනෙදිත් වුනා. ඒ වගේ අවධානමක් නම් තව කෙනෙක්ට ගන්න කියන්න බෑ කෝමටවත්.. ගුවාටි වල එයාපෝට් බහිද්දි හවස 4-5 වෙලා.. රෑ නවතින්න තැනක් නෑ.. ඒ ඔක්කොම ඉන්ටනෙට් එකෙන් හොයාගන්න නේ උන්නේ... ඒ පාර යාන්තම් මතකෙන් ගේම ගහල ප්ලේස් එකක් හොයාගත්තා..

      Delete
  6. හ්ම්ම්.. දවසක බලමු අපිත් නෙහ්

    ReplyDelete